"උඹ කොහෙද මචං..."
"හතලිස් අටේ....!!"
"ඒක ඉලක්කමක්නෙ ඕයි.."
"එක තමා ගමේ නම .."
"ඒක කොහෙද තියෙන්නෙ.....?"
"උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ.."
"බට දෙක දිහා...?"
"තව එහා…"
"හෙන ඩොටේනෙ බං..."
ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ….
අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා…..
යන එකනං හරි එන එක තමා...
"අඩෝ යනගමන් අපේ ගෙදර යමං බත් එකක් බැඳලා දෙන්නං, ඩොටේ යන්ඩත් එපෑ .."
අහලම පුරුදුවෙලා ඒ විහිලුවට එච්චර හිනා ගියෙත් නෑ.
තව ටිකක් දුර ගිහින් ගෙවල් කොහෙද ඇහුවොත් මම කිවුවෙ
"අහවල් බස්එකේ අතනින් බැහැලා එතන ඉඳං තව ටිකක් යන්න ඕනෙ.. 6kmවිතර "
"හප්පා ඩොටේ නෙහ්… "
තවත් ටිකක් දුර ගියාම ප්රාදේශිය කෑලි හලනවා.. මොකෝ අනිකා දන්න නමක් කියන්න එපෑ එක දන්නවනං බැරියැ ඉතුරු ටික කියන්න….
"උඹ කොහෙද මචං ?"
"පොළොන්නරුවෙ "
"මොකෝ බං ඩොටේ ගෙවල් හැදුවෙ.. "
"ඒක තමයි…. අම්මයෙන් ආලා කියන්නං" ඒ මං හිතන කෑල්ල.
ඇත්තටම සිංහල භාෂාවට හෙන සංකීර්ණයි කොහෙං එකතු වෙච්ච වචනද මන්දා
කොහොම උණත් ඩොටේ කියන්නෙ සාපේක්ෂව දුෂ්කර පැත්තකට කියලා මං මගේ කුඩා මොලේට කියුවා.
කොළඹ ඉන්න කාලෙ උණත් ඔය වචනෙ එච්චරම අරුම එකක් නෙවෙ…
"උඹ කොහෙ මචං?"
"කොල්ලුපිටියෙ..."
"ආං එහෙමෙයි…. ගෙවල්..?"
"ගෙවල් ෆොලෙන්නරුවෙ… " ඊ්ළගට අරූගෙ දත් විල්ලෙං එලියට එන වචනෙ දන්න නිසා මංම කියා ගන්නවා
"ටිකක් ඩොටෙ.."
"ට්කක්යෑ... මාරම ඩොටේ නෙ…" ඌ තාලෙට කියනවා
හැබැයි ඔය වචනෙ ඇත්තටම තේරුණේ මේ ළගඳි
"ඔයා කොහෙද...?"
"ලංකාවෙ .."
"ඒක කොහෙද තියෙන්නෙ "
මම ගූග්ල් සිතියම අවප්රමාණ කරලා ලංකාව තියෙන පැත්ත කරකලා අරං පෙන්නුවා
"මේන්…. "
"හා…. ඩොට් එකක් වගේ එක...?"
මං දැනගත්තා ගූග්ල් මැප් එකෙන් බලද්දි ඩොට් එකක් වගේ පේන පැත්තකට කියන්නෙ ඩොටේ කියලා…
එහෙම බලපුවාම මං ලොවෙත් ඩොටේ ඉඳලා තියෙන්නෙ... අර්ථදැක්විය නොහැකි ලෙස ඩොටේ ...
පුංචි මල් කිනිත්තක් අගදී
10 hours ago
දැන් උඹ කියන්නේ ෆොලොන්නරුවත් ඩොට් එකක් කියලා ....
මට තේරුණ විදියටනං ඒ වගේ තමා
ඉරි ගොඩකි...පස්සෙ තිතකි. 48 කිව්වම මංනම් ඒ දවස්වල හෙන හැපී..මොකද කොළඹ පොලොන්නරැව බස් එකේ රූට් නම්බරෙත් 48නෙ. කොළඹ ගෑවිලා යනවා නේහ්..