11.15.2011

දෙලුයි පොලුයි


මේක මං මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ.. ඊට දවස් 3කට පස්සෙ ඔන්න මේකෙත් දානවා.... 


හද්ද පිටිසර හැදුනා උණාට...... කුජීතයෝ සැට් එකකුත් එක්ක නුගේගොඩ පැත්තෙ තමයි අතර මං වෙලා හිටියේ.. අල්ලපු වත්ත හිස්... හිස් කිව්වට තැඹිළි ගහකුයි දෙල් ගහකුයි තිබ්බා...! 
අතට සල්ලි එන දවසටයි ඊට දවස් දෙකකුත් යනකං අපිට සිරාම තමයි.. කැන්ටමෙ කුණු බක්කියට වැටුණු කාක්කො වගේ... ඊට පස්සෙ ආයෙ හාකුට්ටර වෙනවා කාළයක් යනකං... බොහොම අමාරුවෙන් කෑම එකයි, සිගරට් එකකටයි ගාන හොයා ගත්තෙ.. ඒ වෙනකොට සිගරට් එකක් රු15 ද කොහෙද... 


මෙහෙම දුෂ්කරක‍්‍රියා කරගෙන සතුටින් ඉන්න කොට, ආවා මහා සාගත කාලයක්...  බඩගින්නෙ ඉඳලා එපාම වෙලා වට පිට බලනකොට තවත් දෙන්නෙක් ඉන්නවා බඩගෙඩි පුම්බ ගෙන මන්දපෝෂණෙ ප‍්‍රතිමූර්තිය වගේ.. උන්දෙන්නව වත්තන් කරගෙන බෝඩිමෙ හැම මුල්ලකම හොයලා හොයලා රුපියල් 15ක් හොයා ගත්තා.... හප්පා දැණුන සනීපෙ... 
15කින් කොහොමද තුන්දෙනෙක් කන්නෙ... එක සිගරට් එකක් ගත්තත් තුන්දෙනෙකුට මදිනෙ.... 
"අපි මෙකට බීඩී ගමු....ගොඩක් හම්බ වෙනවනේ..." 
හයියො... බඩගින්න හින්දද මන්දා මුංටත් එන අයිඩියාස්.....!! මල පනිනවා වෙලාවකට, මොනා කරන්නද... කොහොම උණත් බීඩී අදහස වැඩි ජන්දෙන් සම්මත උණා, 3ට 0යි..... 
අපි ගියා ලගම සිල්ලර කඩෙට... කිට මරපු 'පොයියා' ගියා බීඩි ගන්න.... ඊට පිටිපස්සෙං හිටියෙ මම... මට පිටිපස්සෙ නීලා... 


එක පාරටම මගෙ කකුලෙ වැදීගෙනම පොල් ගෙඩියක් රෝල් උණා... ඒක හිමීට මගෙ කකුල් දෙක අස්සෙන් රෝල්වෙලා නීලා ළගටම ගියා... මම නීලා දිහා බැලුවා... උගෙ මූන සිල්ලර දැකපු කොන්දොස්තර වගේ උණා...ඌ ඒක බන්ඩියේ ගහ ගෙන මාරු... 


පොයියා මෝඩයා කියන්නෙ ගහපියකො පාං ගෙඩියකට පයිං... එකත් ගැහුවෙ පොල් ගෙඩියකට, දැං ඉති කාපංකො දවල් ට පොල්... එක පාරටම නීලා බය වෙලා වගේ නැගිටලා දුවලා ගිහින් රිංගුවා එහා වත්තට.... මෙකා දෙල් ගහ දිගේ බඩගාලා ගෙඩියකුත් කඩාගෙන ආවට දැං ඔව්වා කපලා පිළියෙල කරන්න ආම්පන්න කෝ....


නිය කටර් එකෙ තියෙන පිහිය දිග ඇරලා ඔක සුද්ද කරගත්තා... එතකොටයි ඇත්තටම නියකටර් එකට පිහියක් තියෙන්නෙ ඇයි කියලා දැන ගත්තෙ... සුද්ද කරලා ඉවර වෙනකොට දෙල් ගෙඩිය රඹුටං ගෙඩිය වගේ වෙලා.... 


හොදලා ලිපේ තියන්නයි තියෙන්නෙ... ඔය කොයි එකටත් බෝඩිමටම තියෙන්නෙ එක භාජනයයි.... ඒකටත් කවුදෝ එකෙක් රෙදි දාලා හෝදන්න... ඇත්තතටම ඒක රෙදි හෝදන භාජනේ... අනිත් කාරණේ ලිපකුත් නෑ... අර තඩි බෙසමට වතුර එකක් පුරවලා ඒකට දෙල් කෑලි ටික දැම්මාම, ළිඳට ගප්පි දැම්මා වගේ.... හතර අතේ පා වෙනවා... ඒ මදිවට වතුර වල සබන්  ගතියකුත්... 


ඊට පස්සෙ බොඩිමෙ තිබිච්ච හීටර රාජයා ගැහුවා ඒකට... හීටරෙ විතරක් නෙමෙයි ප්ලග් ටොප් එකත් යටගියා.... ඒ තරමට වතුර....!! කොටු කෑල්ලක රඳවලා, කොහොම හරි ඒකත් ගොඩ දා ගෙන... ඇටි කෙහෙල් කාපු වල් බල්ලො වගේ ඒක දිහා බලං ඉන්නවා... ඉන්නවා පැයකුත් ගියා තාම එක බුබුලක්වත් නැ.... මේ ජලස්කන්ධෙ හැටියට ඉතිං...! 


වතුර ඩිගිත්තක් අඩුකරා... දැං දෙල් වැඩී..... හීටරෙ ඔබන්න ඉඩ නෑ...කොහොම හරි බුරුම කට්ට බස්සනවා වගේ කරකවලා එබුවාම වතුර මදි හීටරෙ වැහෙන්න...!! නීලගෙ තඩි ෆෝන් එක බෙසමේ පැත්තකට තියලා බෙසම ඇල කලා... දැං ගානයි... වතුර නටා ගෙන පෙන දාගෙන ආවා ලස්සනට.... සබන් නිසා වෙන්න ඇති... 


හරි...! දැං කන්න පුලුවං ගානට මෙලෙක් වෙලා තියෙන්නෙ... ලුණු මිරිස් අඩු වැඩියාව ගැන වදවෙන්න දෙයක් නෑ... ඒවා අපි ගාව නෑ.. ගන්න සල්ලිත් නෑ... 
රායිට්.. දැං කන්නයි තියෙන්නෙ.. පොලේ. පොලවෙ ගහලා බින්දා... කෑලි ගලවන්න විදියක් නෑ... මොකෝ පළවෙනි උත්සහායෙන්ම නිය කටර් එක හුටස්... ගෑවා... දැං උලා කන්නයි තියෙන්නෙ... කාගෙදො තුවායක් තියලා වතුර ටික පෙරලා අරං... වටවෙලා ලුනුත් නැති දෙල්.. පොලුත් එක්ක කෑවා.. එකෙකුටවත් කෑලි දෙකක් කා ගන්න බැරි උණා දෙල් එකට සබන් පොඩ්ඩක් වැඩී... ඔං ඔහොමයි අපි දුර්භික්ෂ කාලෙ ගෙවුවෙ....


ඇත්තම සිද්දියක් වෙච්චි එකවත් හිතලා කොමෙන්ටවක් දාපල්ල අනේ...

12 අදහස්..:

  • Dude says:
    November 11, 2011 at 12:05 PM

    අන්තිම පේලියෙ කතාව දාලා ල්න්ක් එකකුත් දැම්ම නිසා මම කොච්චර නරකයෙක් උනත් නරකයාව අඳුන ගත්තා. එකිනෙකාගෙ අත්දැකීම් හුවමාරු කරගන්නකොට මාර ආතල් එකක් තියෙන්නෙ නේද, අර ඒක විඳිනකොට වගෙ නෙවෙයි.
    henryblogwalker the Dude

  • Anonymous says:
    November 11, 2011 at 12:17 PM

    67

  • නරකයා....!! says:
    November 11, 2011 at 1:35 PM

    @Dude සිරාවට.... පොඩිකාලෙ ඉදලා පොලොවෙ පය වැදිච්චි එකට සතුටු වෙන්න ඔනෙ... ඒ වෙලාවට මොනවා උණත් පස්සෙ හිතෙනවා තනඅවෙලා නෑ කියලා...


    @Anonymous මොකක්ද 67 කියන්නෙ තේරුණේ නැ..

  • Anonymous says:
    November 14, 2011 at 12:11 PM

    66 වතාවක් කතන්දරේ අහගෙන හිටියා. එක වතාවක් කියෙව්වාම 67යි. හ්ම් හ්ම් හොඳා හොඳා....

  • නරකයා....!! says:
    November 14, 2011 at 12:20 PM

    62යි.... එනවා මෙතන.... බොරු කියාගෙන..... කන්න තමයි ඉතිං....

  • පිස්සා පලාමල්ල says:
    November 16, 2011 at 11:20 AM

    අන්තිම පේලියේ කියෙව්ව මතකයි

  • නරකයා....!! says:
    November 16, 2011 at 11:50 AM

    අන්තිමපේලියෙ තමයි මුලින් දැම්මෙ... පස්සෙ මෙකෙත් දාගන්න හිතුනා... ලෝකල් කසටමර්ස් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා ඒකයි....

  • AD තිවංක says:
    November 19, 2011 at 9:34 AM

    එල එල

  • නරකයා....!! says:
    November 19, 2011 at 7:08 PM

    thank you....

  • වර්ණා says:
    December 26, 2011 at 4:33 PM

    සිගරට් ඊයා
    අපෝ මට හිනා බද අල්ලගෙනම. හැම බඩ රිදෙනවා.

  • Miyuru says:
    December 27, 2011 at 5:07 AM

    මරු කතාව... ඇති කරන්ට් වද්දගෙන මැරුණෙ නැතුවා...
    තුනපහ ඩිංගකුත් දාන්න තිබ්බ නං සබන් බෝල ටිකත් එක්ක ජාති....
    අඩේ බැලුවම ෆෝන් එකෙන් ගන්න වැඩද නැත්තෙ ඈ.....

  • Anonymous says:
    December 27, 2011 at 10:14 AM

    sira kathawa machanzzz
    -ROX

Post a Comment

Followers