9.13.2012

ප‍්‍රථම පේ‍්‍රමයෙ මතක සටහන....

ප‍්‍රියන්තිකා කියන්නෙ ටකරමක්...!! ටුටුවගේ අක්කා වගේ... 
ටුටුවා මරිවැඩ කරොත් කරන්නෙ ප‍්‍රියාට.. කරන්නෙ නන්දයත් එක්ක...

පන්තියෙ අන්තිම පේළියේ එක පැත්තක කොනක ඉන්නෙ නිර්මාල්... ඊටපස්සෙ ටුටුවා... ඊට පස්සෙ නන්දයා... නිර්මාලයා ලොවෙත් සත්‍යය පේ‍්‍රම බෘංග රාජයා.. ඌ කෙල්ලෙක්ව දාගෙන හිටියා 11 වසරෙ.. මුං දෙන්නගේ පට්ට ලවු එකක් තිබ්බෙ.. 
දවසක් මායි ලෝකයායි බූරූ ගගහා හිටපු වෙලාවක මර ලතොනි සද්දයක් එනවට බලද්දි ප‍්‍රියන්තිකා බෙරිහං දෙනවා... 
අර හයේ හතරෙ නන්දයා මුරුංගා කරල වගේ ඉන්න ප‍්‍රියාගෙ බෙල්ලෙං අල්ල ගෙන, ටුටුවා කොණ්ඩෙං අදිනවා... ඒ අස්සෙ පීපියා මුංදෙන්නට ගහනවා... ඔකිට මොනවා හරි කරදරයක් වෙනවනං ලොකයාට පට්ට ආතල් එකක් යන්නෙ... පීපියා කියන එකාගේ පොඩි සිගිරිබිරිස් එකක් තිබ්බා ප‍්‍රියා ගැන... 
මාෂල් ආර්ට් ප‍්‍රගුණ කරලා හිටියේ ඌ... අර මහාකලු සිංහලයා වගේ නන්දයාට තඩිබානවා ඌට ගාණක්වත් නෑ...මේ කලබලේ මොකක්ද කියලා බලන්න අපිත් එහෙට යද්දිම ටුටුවා කෙස් ගුලියකුත් කඩාගෙන යන්න ගියා.. ලොකයාත් ගිහින් කොණ්ඩෙන් අදින්න ලෑස්ති.... මං ඌවත් ඇදගෙන ටුටුවා ගාවට ගියා... 

"මොකෝ බං... නෑ බං කෙස්ගහක් ඉල්ලගත්තා..." 
"යකෝ ඒ ඉල්ලුවාද.....? මොකටද...??".
ඌ ඉස්සරහ දත් දෙක පෙන්නලා හිනා වෙලා පොලිතින් කවරෙකට කෙස් ගහක් දැම්මා.... ඊටපස්සෙ කවරෙ පර්ස් එකකට එබුවා... පර්ස් එක නිර්මාලයාගේ ඩෙස් එකේ ලාච්චුවට දාලා මුං දෙන්නා පාඩුවෙ ඉන්නවා... කුතුහලේ වැඩිකමට අපි සීන් එක් බලං ඉද්දි නිර්මාලයා පන්තියට ආවා... 
"පර්ස් එක අමතක වෙලා ගියා බං..." කියා ගෙන... 
පොර ඒක ගත්තු ගමන් කොණකට ගිහිල්ලා පර්ස් එකෙන් අර කොණ්ඩ ගහ අරගෙන ඉඹලා අයෙම සාක්කුවේ දාගත්තා.... 
ලොකයාට ඔක්කාරෙටත් අවා... නිදං හිටිය බේලියාට පයිං එකක් ගහලා බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තෙ....

ආරංචි විදියට නිර්මාලයාගේ පර්ස් එකේ උගෙ කෙල්ලගේ කොණ්ඩගහක් තියාගෙන ඉඳලා... සැරින් සැරේ අරගෙන ඉඹිනවලු...
"ෆස්ට් ලවු එකනෙ මචං....!"
කියලා ආයෙම දා ගන්නවලු... මුං දෙන්නා ඒක ප‍්‍රියා ගෙ කොණඩ ගහකට මාරු කරලා... මූ ඉතිං ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ ඉඹ ඉඹ හිටියා අපි ඉස්කොලෙන් අයින් වෙනකල්ම.... ළගදි ටුටුවට නිර්මාලයා හම්බෙලා.... විස්තර කතා කරලා කාරිය ලව් එක ගැනත් අහලා... 

"දැන්නං ඒ ලවු එක නෑ මචං හැබැයි කොණ්ඩ ගහනං තාමත් මංගාව තියෙනවා... ඒකි මතක් වෙන්න ඒකිගෙ කියලා මෙච්චරයි තියෙන්නෙ.... ෆස්ට් ලවු එකනෙ මචං...."

කීවලු.... මූ තාමත් ඉඹින්නෙ ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ... ප‍්‍රියා වත් ඌවත් සීන් එක දන්නෙ නෑ... ප‍්‍රියාටනං මම මේක පෙන්නනවා... 

කතාව සහ සියළු නම්ගම් සත්‍යයි... 

Read more »

7.31.2012

බඩු ගියා බන්....

මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... 
මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා 
"ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් එකක්...


ඔන්න දවසක් සුදු මල්ලියි(තඩි සුපුනා)  ටුටුවයි(උදිත) ජනකයයි පට්ටලයයි නන්දෙ මාමයි ටුටුලාගේ ගෙදර කවුරුත් නෑ කියලා බොන්න ගියා.... ඉස්කොලෙ සුපුරුදු ගහ දිගේ ගිහින් තාප්පෙන් පැනලා රෝයල් එකේ බැජ් ටික ගලවලා තෝපාවැව ඉස්කෝලෙ බැජ් සෙටි කරගෙන බස් එකට නැග්ගා දැන් කොහෙ ද ඉතින් බොන්න සල්ලි...? 
සුපුනා කිව්වා 
"හරි හරි ඒවා හරි බහිමු.... "
පොළොන්නරැවෙ පොළ ගාවින් බැස්ස 

තඩි සුපුනා ඇද්දා බැංකූ කාඩි 1 ක්...... සුපුනා අයියා වගේ ගියා ඇතුලට අපි එතනම කඩේක පිටිපස්සෙ සිගරටි 1 බොනවා.... බොද්දි පොරක් ආවා 
"ආ.... පුතාලා ඉස්කෝලෙ ඇදුමින්.....??"
අවුලක් නෑ අපි ගහන් ඉන්නෙ අනිත් ඉස්කොලෙ බැජ්නේ.... ටුටුවයි පටිටලයයි පොරව අදුනනවා අනිත් වුන් දන් නෑ... අර පොර අහනවා 
"පුතාලා දන්නවාද මං කවුද කියලා...??" 
එක පාරටම ගොන් පටිටලයා කිවිවා 
"රම්‍යා මැඩම්ගේ මහත්තයානේ...." 
අපේ සාමාන්‍යයපෙල  සමාජ අධ්‍යයනය මැඩම්ගෙ හබියා වැඩේ දෙල්.... අපි නොකර සද්දෙ මාරු වුනා 

සුපුනා ආවා එලියට... උගේ මූන කැන්ටමේ පැටිස් එක වගේ...කරවෙලා හැඩෙත් අවුල් මොකක් හරි අවුලක් කියල ෂුවර්... 
"බඩු ගියා බන්...."  
බලද්දි කාඩි එක ඇතුලෙ.. 
"අම්මගේ පර්ස් එකෙන් උස්සං අපු කාඩ් එක බං අම්මගේ පාස්වර්ඩ් එක ගහද්දි ඇතුලට ගියා.." 
ඇතූලට ඔක්කොම ගිහින් වැන්දෙ නැතූව විතරයි  කියන්නෙම කාඩි එක අයිතිකාරයා එක්ක එන්න කියලා 
අපේ ගෙවල් ලග අදුරන ඇන්ටි එකක් හිටියා වැඳලා වැඳලා 3.00 ට විතර කාඩි එක ගත්තා සුපුනා අඩනවා දැක්කෙ එදා තමයි කදුලු පිරිලා....

බලද්දි අම්ගෙ පර්ස් එකේ තිබිලා තියෙන්නේ අයියගෙ කාඩි එක මූ ගැහුවෙ අම්මගෙ පාස් වර්ඩි එක.. 
මූ කැනහිලා බව උගෙ අම්මට වඩා කවුද දන්නෙ... 



Read more »

7.29.2012

ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං

ටුටුවා යි නන්දයයි මතකද...  මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... 


මෙන්න කතාව උගෙ වචන වලින්ම..... 

"මමයි  කොටියායි දවසක් අහම්බෙන්  වගේ නන්දෙලාගෙ ගෙදර ගියා  අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් නන්දයා වට කරගෙන..... 
අම්මට සිරි අපි උගෙ ළගට ගියා.... ගේමක්ද දන්නෑනෙ, 
නන්දයා ලැජ්ජාවෙන් අපි දිහා බලලා ඇබරෙනවා බලද්දි සීන් එක මොකද්ද දන්නවද....?? මූ මුගේ බයික් එක විකූනන්න සෙටි කරලා.....!! 
අපි ගාවට අසරණයා ඇවිත් වැන්දෙ නැතුව විතරයි අනේ බන් පත්තූ වෙන්න යන්නේ උබලා හිනා වෙලා වැඩේ කන්න එපා  කියලා... අපි ඈතට වෙලා උන්නා.... 
ඔන්න ඉතින් වැඩේ සෙට්. ගාන 13000 - 12000 අතර දොලනය වෙනවා.... 
 12500 වැඩේ ගොඩ ගියා.

එකෙක් නැග්ගා බයික් එකට අර ගෙවල් වල තියනවා වගේ ස්විචය දැම්මා, ගහනවා එකසිය ගානට.... ස්ටාර්ට් නෑ... !!
කික් පැටල් එක අඩනවා......  
නන්දෙ කියනවා එහෙම වෙන්න බෑ මම උදේ අම්මවත් දාලාලු ආවෙ,
ඊටපස්සෙ මූ අපි දෙන්නට කියනවා පෙටිටුල් ½ අරන් එන්නළු සල්ලි දුන්නෙත් නෑ...
අව්ලක් නෑ විකුන්නාම පාටියක් දෙයිනේ කියලා අපි අපේ බයික් එකේ ගිහින් ගෙනත් දුන්නා. 

අර ආපු එකා දැන් ආයෙත් කික් එකට ඔටිටු වෙලා 100 විතර ගහලා දුම දාගෙන උන් ගියා...

දැන් නන්දෙට සිරාවටම දුකයි මොන දර වැට වූනත් පයින් හරි තල්ලු කරන් යන්න එකක් තිබුනනෙ තනිවට. අපි දෙන්නත් පාටියට සෙටමොල් වෙලා ඉන්නවා.... 
මූ කිවිවා චුටිටක් බයික් එක දියන්කො කදුරුවෙලට ගිහින් පටස් ගාලා එන්නං කියලා...
අපේ එක ඌට දීලා දැන් මමයි කොටියයි පයින් කොටියලාගෙ ගෙදර ගියා අර නසරානියා ගල් තඩියක් උස්සන් එයි කියන සිහියෙන්..... 

මූ මෙන්න පැයකට විතර පස්සෙ ආවා...  සාක්කූවට අත දැමිමා....  ගත්තා එලියට හම්පඩ ගැහිචිච ඇන් 70 එකක් අපි දෙන්නාට ඉතින්  මලේ මල් 
"කෝ ගල් බෝතලේ....??"
"ගල් ගන්න සල්ල ඉතුරු උණෙ නෑ බං..." 
"දීපන් හුත් පෙට්ටෝල් ½ සල්ලි.."
" පිස්සුද බන් අම්මටත් 2000 ණයයි..." 

මෙ ගල් වැද්දා බයික් එක 12500 දීලා අතිනුත් 2000ක් දාලා  14500 කට N70ක් අරන්   

දවස් දෙක තූනකට පස්සේ අපේ ගෙදර එනවා මල්ලිගේ පුටාර් එකේ දාඩිය දා ගෙන දිව එලියට දාගෙන.... මොකද බන් මෙ හදිසියෙ ඇහුවම පෝන් එකට පොටෝ දාලා දියන්ලු.... කිලො මිටර තුනහමාරක් පැදලා රූප දා ගන්න...
නෙදකිං


Read more »

5.29.2012

අබුද්ධස්ස කාලේ........


තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි...

"තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා උපකාරයක් කරන්න...!"

 යාචකයෙකු මෙන් එම වචන වල කිසිදු බයාදු හඩක් නොතුබුණි එසේම සාධාරණ ඉල්ලීමක් බැවින් මම වහා මගේ පසුම්බියට එබුණෙමි... රුපියල් 100 කොල 4කට අමතරව එහි ඇත්තේ තව එක් 10 කොළයක් පමණි.. රුපියල් 10 අතට ගෙන උන්වහන්සේ දෙස බලන විට ඇතැමෙක් 10, 20 කොළ පරිත්‍යාග කරනු දුටු අතර ඇතමෙක් කිසිත් නොදී අහක බලා ගත්තෝය.. 
"මෙහෙමත් පිරිහුණු සමාජයක්... ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් උදව් කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවන හැටි..." 
මාද රුපියල් දහයක් දික් කිරීමට සැරුසී සිටීම ගැන මටම ලජ්ජා සිතුණි.. කදුරුවෙල සිට කොළඹට යාමට රු250ක් අවශ්‍ය වේ. උන්වහන්සේද මාතර යා යුත්තේ කොළඹ හරහා බැවින් මම උන්වහන්සේ කොළඹට රුගෙන යන්නට සිතුවෙමි... නමුත් දෙදෙනා සඳහාම රු 500 තිබිය යුතුය.
"ඉතිරි රුපියල් 100 මම කෙනෙකුගෙන් ණය වෙමි. නැතහොත් කොන්දොස්තර මහතාට කාරණය පහදා දෙමි.."යි සිතමින් රුපියල් 10 අතේ මිටමොලවා ගත් මා උන්වහන්සේ දෙස හැරී 

"හාමුදුරුවනේ කොහාටද වඩින්නෙ.."
"මම පුතා මාතර වලස්මුල්ලට යන්න ඔනේ..."
"ආහ් හාමුදුරුවො වාඩිවෙන්න මම ටිකට් එකක් අරගන්නම් කොළඹට..."
"බෑ පුතා ඊළගට එන මාතර බස් එක මේකට කලින් යනවනේ.. මම බැලුවෙ ඒකෙ යන්න.."
"කාගෙන්වත් ඉල්ලන්නෙ මොකටද යංකො කොළඹට මම මාතර බස් එකකට ත් දාලා ටිකට් එකක් අරන් දෙන්නම්...පොඩ්ඩක් පරක්කු වුනදෙන්"

 කොළඹින් බෝඩිමේ එකෙක් ලවා සල්ලි ටිකක් ගෙන්වා ගැනීමට හැකි වෙතැයි සිතා එසේ කීවෙමි.. බෝඩිමේ ඉන්න 'ගොයියා' බෙල්ල කඩාගෙන හෝ මේ වැඩේට සල්ලි හොයා ගන්න බම දනිමි

"ඒත් හරි තමා... හරි එහෙනම් පුතා මම එන්නම්කො..."

 කියා උන් වහන්සේ බසයෙන් බැසගෙන වහා වහා සෙනග අතරින් නොපෙනී ගියහ... 

"කොහොමද වැඩේ..."
"නියමයි කරපු වැඩේ..."
 බසයේ උන් මාදෙස සිනහවෙමින් බලමින් දොඩමළුවෙති... 
"උන් තමා දවසකටවත් මිනිස්සු..."
"මෙයා උදේ ඉදන් ඔය වැඩේ කලේ අපි දැක්කනේ....."
"හාමුදුරුවොත් ෂුවර් නෑ මේ කාලේ..."
 එක එකා කියව ගනිති.... මම නිරායාසයෙන් බස් එක තුල වීරයෙකු වූයෙමි.. මට කාරණය පැහැදිළිවීමට සුළුවෙලාක් ගත විය... රුපියල් 10 පසුම්බියට ඔබා මම වීදුරුවට හේත්තු වී දෑස් පියා ගතිමි

Read more »

5.10.2012

අත්හිටවීම....

වියුණු තරු අතර 
නොවන  රන් සළු
විසුරුනද  දෙතොලට  හොරා
රිදුන හිස තුරු  මඩල සනසන 
සුසුම් වැල නොමළ......
මා සිත පුරා.....
මුල්ම දින නුඹ හා බැඳුන..
එදා සිට මේ අද පවා 
සුලඟ කිසි දින කිවේ නැත මට  
මා සෙව්වේ ඒ නුඹ තමා 
සිතට සිත එක තැන්ව ගිය කල 
සිහින රූ සිතුවම් වෙලා 
නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි 
මට මා පවා සීමා කළා
එපා මට එපා නුඹ කියා ඇත නළලේ තබා 
දින ගණන්  මා නුඹ නැතිව..
වෙන අයවලුන් හා නුඹ ගියා
කාලයට වැඩි වන අගය 
නුඹට වන බර වැඩි නිසා 
පමා වෙන්නෙමි මම නොයෙන්නම.
හදට මා අසුවන තුරා........................
සිටින් හැර මා අසලට වෙලා නොයන් සිත සුවපත් කරන්
අසුරු සැනෙකින් එමි ලඟට මා හේතුවක් හිස තුල තබන්

Read more »

වෙසක් සිරි බැලීමි...

වෙසක් බලන්න යන්න කලින් ෆේස්බුක් එකෙන් මැක්සා කතාවක් දැක්කා... 

"ඇයි අද වගේ දවසකවත් තෙරුම් ගන්නේ නැත්තෙ.. අද තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ සම්බුද්ද තෙමගුල සිහි සිදුවෙච්ච උතුම් දවස. ඒත් බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ මගේ යාලුවෙත් බොහෝ දෙනාත් සුබ පතනව,,

" සුබ වෙසක් මන්ගල්‍යක් වේවා" එහෙම නැත්නම් Happy wesak day කියල.. 
ඇත්තටම මේ හැත්තට පිස්සුද.. එහෙම ප්‍රාර්ථනා කරපු අයට කියන්න තියෙන හොදම වචනේ ඒක වෙන්න ඇති කියල මට හිතුන.. මගේ ප්‍රාර්ථනාව නම් අද වගේ ද්වසකවත් මේ වගේ අයට හිතට කුසල් සිතුවිලි පහල වෙන යමක නියම අර්තය තේරුම් යන දවසක් වෙන්න කියන එකයි,,"

මේ ගැන කීප දෙනෙකුගෙන් අදහස් විමසපුවාම සමහරු කීවේ 
"සුභ පතන එකේ වැරුද්දක් නෑ" කියලා..
මොනවා උණත් මටත් හරිහමං තර්කයක් ගොඩනගාගන්න බැරි උණා මේ කතාව හරි කියන්න.. 
මෙක පෝස්ට් කරපු ඔරිමජිනල් එකාවත් මේකට හේතු පැහැදිලි කරොත් හොඳයි මෙතනින් දැකලා.... 
හැබැයි මට හිතුණා මේක කියපු එකාගේ කටට රුපියලයක් දාන්න... 

කියන්න ගියේ මේ ආලවට්ටං ගැන නෙවේ... වෙසක් සතියේ පොළොන්නරුවෙ ගත කරද්දි මේ පැත්තෙත් වෙසක් කලාප කීපයක් තියෙනවා කියලා ආරංචි වෙලා සැදැහැවත් ගැන්සියක් සෙට් කරගෙන වෙසක් සිරි බලන්න ගියා එක කලාපෙකට... 
තැන තඹලවැව... 

මුලින්ම මේ ආරංචිය ආවේ අපේ අයියා මල්ලිගෙන්... 
"මචං අහවල් දිහා වෙසක්කලාපයක් තියෙනවා අපෙනුත් සම්මාදම් එකතු කරන්න ආවා.... ඒ දවස් වල අපිත් ඔෆිසියෙං විසිදාහක්ම දුන්නා.... යංද බලන්න...?"

"හෆ්ෆට සිරි 20000ක්... යකෝ මාර සල්ලියක් එකතුවෙන්න ඇති නේ එහෙනං ලෙසටම ඇති..."

 ඔන්න ඉතිං බැතිබර සිතිං යනකොට යනකොට ඇතිවෙච්ච තිබහ නිවා ගන්න කියලා අපි කතා උණේ තේ පැන් දංසලක් වගේ එකක් අල්ලා නවත්තන්න... 
වෙසක් කලාපේ ගේට්ටුව පෙනි පෙනී යන්තං එකක් හම්බුණා... අපිත් එතෙනට ගිහින් තේඑකක් කාරිය බීලා එන්න පිටත් වෙද්දි තරු විසි උණේ... 
"මල්ලි සල්ලි දීලා යන්න.... "
හුටා....! ඒක කඩයක්... විලි ලැජ්ජාවයි... එතනින් ගැලවිලා බයික් කටු ටික නවත්තගන්න තැනක් හොයා ගෙන ගියා... ඉතිරිවෙලා තිබ්බ ඉඩෙන් අපි බයික් නවත්තද්දි පොරක් දුවගෙන ඇවිත් ටිකට් එකක් කැඩුවා.... 

"මේ මොකද්ද මේ.....?"
" වාහනයක් නවත්තන්න රු 20ක ටිකට් එකක් ගන්න ඔ්ණේ... හෙල්මට් වලට වගකියන්නෙත් නෑ..."

 තොපිට හෙන ගහපියවු... දැන් ඉතිං මොනවා කරන්නද.. අපි ඇතුලට ගියා.... 

"හෝව්..! හෝව්...!! ටිකට් අරන් යන්න...." 

යකෝ වෙසක් කලාපේ ටිකට් වලටද පෙන්නන්නේ... රු 20ක ටිකට් අරන් ඇතුලට ගියා.... 
අටපට්ටං කූඩු ටිකකට අමතරව ගොනි වලින් වට කරපු පොඩි පොඩි කුටීර... එක එක සද්ද බද්ද... කෝ වෙසක් කලාපෙ..... වට පිට බලද්දි දැක්කා කුණු ඇලකට උඩින් දාපු ඒ දණ්ඩක්... ඒකෙන් මිනිස්සු එහාට එගොඩ වෙනවා... ළං වෙලා බලපුවාම මෙන්න බොලේ ඒක දිගේ යන්නත් රු10 ක් ගන්නවා... 
හැමදාම ගේ ළග තඩි ඔයකට උඩින් ඒදණ්ඩෙන් එගොඩවෙලා යන මට සල්ලි දීලා ඒදණ්ඩේ යෑමේ උණක් නැති නිසා ඒක පහුකරන්ගියා.. 

උණ පතුරු වලින් හදපු නෙළුම් මලක් උඩ සිදුහත් කුමරුගෙ පින්තූරයක් හයි කරලා එතනම ඍජිෆෝම් වලින් හදපු ගෑණු රූපයක්... එක අතකින් මයිළ ගහක එල්ලා... 
මහාමායා දේවි වෙන්ට ඇති... අපහාසයක් එහෙම කොරනවා නෙවේ.. මේවා බලන පොඩි එවුන්ගේ හිත්වලට ඔ්වා කා වැදුනොත් ලොකු වෙලා උන් කියයි "සිදුහත් උපත සිදු උණේ මයිළ වණයක" කියලා.... 

තැන් තැන් වල තිබුණු අටපට්ටං වලට අමතරව තිබුණු අනිත් ඒවා බලන්න සල්ලි ගන්නවා... ආ... තව ගොල්ෆේස් එකේ වගේ විජ්ජුමබර විකුනන කඩවල් ටිකකුත් තිබ්බා ඒවත් බැලුවාම ඉතුරු වෙන්නෙ පසුතැවිල්ල විතරයි නිසා ඒ වෙසක් කලාපෙට හෙණ ගහන්න කියලා අපි හැරිලා ආවා.... 

හයියෝ වෙච්ච දෙයක්...!! අපිට නෙවේ.... මේ මිනිස්සුන්ට... 

Read more »

Followers