12.10.2018

මේක තනිකරම seedr.cc ගැන

ඇත්තටම ටොරන්ට් එකක් බා ගන්න අපිට පට්ට කට්ටක් කන්න තියන වෙලාවක seedr.cc එකෙන් අපිට පට්ට චාන්ස් එකක් දීලා තියනවා. අපිට ක්ලව්ඩ් ටොරන්ට් එකක් විදියට අරන් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් පාරක් දාලා ක්ෂනිකව බලන්න පුලුවන්. ඕනෙ නම් ඩවුන්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් බලන්නත් පුලුවන්.


හොඳම සීන් එක මේක පාවිච්චිය ඉතාම ලේසියි. සැලකිය යුතු ගානක ඉඩ පොඩ්ඩක් එහෙමත් හම්බ වෙනවා. මන් මේක ලියලලා දාපුවම හරිනම් තව 1GB එකක් මට හම්බ වෙන්න ඕනේ..

කොහොම හරි මේක අනිත්වට වඩා හොඳයි කියන එක මට කියන්න පුලුවන්. පාවිච්චි කරලම වෙනස වටහා ගන්න.
Link
seedr.cc

Read more »

12.22.2017

බිරිඳලාට.......




















හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා 
හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා 
රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා 
මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා

කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව රිදෙන රිදුම් මටත් දැනේ නම් කැමතියි අර රිපෝට් මේ රිපෝට් දහසක් වැඩ නුඹට තමයි මට නොදැනෙන නුඹට දැනෙන වේදනාව මට ඈතයි
හඳ ඉල්ලලා කන්න ඕනේ කිව්වොත් නම් මල කෙලියයි ඒත් කෙල්ලේ ඕනෙම නම් හඳට යනවා මම එහෙමයි ඔයා විඳින වේදනාව නොදැනෙන එක නම් ඇත්තයි ඒත් මැණික ඔයාට මගේ තියන ආදරේ නම් සත්තයි

Read more »

12.06.2016

උගේ අයියා.....

ඔය අපේ යාලුවෙක් ඉන්නවා උට වඩා අන්ත්යි උගේ අයියා දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් උගෙම වියදමෙන් කසාදයක් එහෙම කරගෙන ලමයෙක් කාරිය හදාගෙන රෝද හතරක් පැදගෙන ඉන්නවා බැඳපු කෙල්ලට පින් සිද්ද වෙන්න ඔනේ ඌව ඔය තත්වෙට ගෙනාවට.

අයියන්ඩි වැඩිපුර ගෙට ගොඩ වෙන්නේ මල්ලිගේ ජැනේලෙන් මොකද උන්ගේ අම්මත් ආය මොකද ගහන්නේ පුටු මේස හැඳි ගෑරුප්පු වලින්. එක බඩ වැල කඩාගෙන ආපු අයියන්ඩි හින්දා මුගේ ජනේලෙ ඔනේ වෙලාවක හොරෙක්ට උනත් ඇරලා තියෙන්නේ. 
අම්මා නිදියනකොට ලොකු පුතා නෑ නැගිටිනකොට ලොකු පුතා ඉන්නව. අම්මත් ඉතින් ටික දවසක් බලලා බැරිම තැන අම්මම ඇවිල්ලා මුගේ ජැනේලේ වහලා ලොක් කර්ලා යනවලු. අයියන්ඩි ඉතින් මහ රෑ ඇවිල්ලා හොරෙන්. මල්ලි.... එහ්... මල්ලි... නැගිටපන් *#@** ... එහ් ජනේලේ ඇරපන් කියලා මරහඬ දීලා කොහොම හරි අයියන්ඩිගේ දොර ඇරගෙන ගෙට රින්ගනවලු. අයියන්ඩි කොහොමත් රෑට එන්නේ හතර ගාතේන් හින්ඳා ඉස්සරහා දොරෙන් ජීවිතෙට එන්න බෑ අම්මගෙන් පොලු පාර කන් නැතිව.දවසක් අපේ එකාගේ කාමරේ අම්මා නිදාගෙන මල්ලිට ජනේලේ ඇරපන් කියලා කැ ගහනකොටම වතුර පාරක් කෙලලා ඇරලා වෙරි හිඳෙන්නම.

කොහොම හරි අම්මා අයියන්ඩිව හදන්න බැරිම තැන ජනෙලට ග්‍රිල් එකක් එහෙම හයි කරලා මූට ලාස්ට් වර්නින්ග් මැසෙජ් එකත් දුන්නලු තෝ ආයම මට හොරෙන් අයියන්ඩිට දොර ඇරලා තිබ්බොත් තොගේ අත පය හතර කඩලා ලිඳට දානවා කියලා ආය අම්මා කිව්වොත් බඩුම තමා හින්ඳා මූත් හිතා ගත්තලු ආය තාත්තා ආවත් දොර නම් අරින් නෑ කියලා. අම්මටත් ඕන වෙලා තියෙන්නේ වැඩට යන්න කලින් කොහොම හරි ලොකු පුතාට පොලු පාරවල් ටිකක් දෙන්න.

පස්සේ දවසක පාන්දර ජාමේ අයියන්ඩි හතර ගාතෙන් ගෙදර ඇවිත් දොරට තඩි බානවලු. කොහොමත් අයියන්ඩිගේ දොර පර්මනන්ට් වෙනස් කරපු ගමන් අයියන්ඩිත් පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ නමයට කලින් ගෙදර එන්න අයියන්ඩිගේ කරුමෙට එදා කලින්ම පහුවදා පාන්දර වෙලා.

අපේ එකාට සද්දේ ඇහෙනවලු... අම්මේ.... අම්මේ ලොකු පුතා ආවා...ලොකු පුතා ආවා කියලා අයියන්ඩි කෑ ගහනවා.. මූත් ඉතින් සහොදර ප්‍රේමෙට ලිඳට දැම්මත් කමක් නෑ කියලා දොර ළඟට යනකොට අම්මා පොල්ලකුත් අරන් දොර අරින්න හදනවලු. මුන්ගේ දොර පලු දෙකට තියෙන්නේ අම්මා දොර අරිනකොට අයියන්ඩි අම්මගේ කකුල් දෙක ගාවට මල් පොච්චියකුත් එක්කම වැටුනලු. අයියන්ඩි දොරට හෙත්තු වෙලා දොර අරිනකන් නිදාගෙන ඉඳලා . කොහොම හරි අයියන්ඩි අමාරුවෙන් නැගිටලා අම්මගෙන් ගුටි එහෙම කාලා නාලා අම්මා උයපුවා කන්න කෑම මෙසෙන් වාඩි වෙලා බලපුවම එදා තිබ්බෙ රොටීලු.

අයියන්ඩි කූඩේ යටින් ලස්සනට රොටියක් අරගෙන අයියන්ඩිගේ පිඟාන පැත්තකින් තියාගෙන රොටිය එක අතක තියාගෙන අනිත් අතින් ලස්සනට පොඩි රොටී කෑල්ලක් කඩගෙන පිඟානේ ගාගෙන රොටිය කනවලු. අපේ එකත් දැන් පාඩම් කරන එක නවත්තලා අයියන්ඩිගේ සීන් එක බලාගෙන ඉන්නවලු. අයියන්ඩි රොටිය කාලා වැනි වැනිම වතුර බොන්න සෙට් වෙනකොට මූට ඉන්නම බැරි තැන ඇහුවලු. ඈ බන් අයියන්ඩි මොන්වත් එක්කද රොටී කෑවේ.

ලුනු මිරිස් එක්ක......?

මූ කනකොට පරිප්පු විතරක් තිබ්බා කියන්න හොඳටම විස්වාස හින්දා ගිහින් බැලුවලු අයියන්ඩිගේ පිඟාන. අයියන්ඩිටයි මූටයිතිබීලා තියෙන්නේ අර ඇලුමිනියම් පිඟන් තියෙන්නේ සුදු පාට එක එක චිත්‍ර ඇඳපු  අන්න ඒ පිඟන්, අයියන්ඩිගේ පිඟානේ තියන්වලු මැද තඩි රතු පාට වද මලක්.. 
අයියන්ඩි රොටිය කාලා තියෙන්නේ වද මලේ ගාගෙන
අයියන්ඩිගේ සෙන්සර් ටික ෆේල් වෙනකන්ම කට මට්ටන් වෙන්න ගහලා වද මල ලුනු මිරිස් වෙනකන්ම. අයියන්ඩි බීපු ජාතිය අදටවත් කියන් නෑ අපි හොයාගෙන බොයි කියලා........

Read more »

10.22.2016

නියමෙට ඔතන්න පුලුවන්

අපේ කසුනගේ යාලුවෙක් සෙට් උනා කාලෙකට කලින් කොටින්ම එළ කොල්ලෙක්. කොහේ හරි ගිහින් අපිට සෙට් වෙන්නෙත් කෙන්දරේ උපරිමේට අප්සෙට් ඩෑල් එකක්නේ මූගේ එක අපිටත් වඩා අවුල් කොටින්ම කියනවනම් ලොකේ වෙන්න පුලුවන් බලු වැඩ ඔක්කොම වෙච්ච එකෙක් . ලංකාවේ තියන ලොකුම පිරිසක් වැඩ කරන සමාගමක හිටපු ටිකක් විතර ලොකු විදායක නිලදාරියෙක්. මුගේ කේන්දරේ තියන බලගතුකමට මූ එකත් දාලා ඇවිත් ෆුල් මාවලස් ජීවිතයක් ගතකරන කාලකන්නියෙක්. එක තමයි මූ ගැන තියන හැදින්වීම.

දැන් ඔය ලොකේ තියනවනේ එක එක මැනුම් ක්‍රම දුරක් මනින්න මිලිමීටර් කිලොමීටර්  මයික්‍රොමීටර් එහේම හැබයි මුගේ එක වෙනස් ගමනක් යනවනම්  මූ ඒක මනින්නේ ජොයින්ට් දෙකක දුර තුනක දුර ළඟට යනවනම් ගොල්ඩ් ලීෆ් එකක දුර. ටික දවසක් යනකොට අපි තෙරුම් ගත්තා ජොයින්ට් දෙකක් ගැහුව කියපුවම මූ සැහෙන දුර ගිහින් කියලා..

එතකොට තව තියනවනේ ලන්කාවේ එක එක ප්‍රදේශ. ස්වභාව සෞන්දර්ය උපරිම තැන්. විහුලුවට වගේ අපි මී මුරේ කියමුකො. මූට ලස්සන ගස් වැල් සතා සිවුපාවා වැඩක් නෑ ඒ පැත්තේ ගන්ජා නැත්නම් මූට ඒක පුත්තලන් කලපුවේ තියන ලස්සන වත් නෑ. මූ හිටපු ගමන් කියනවා අපි පට්ට ට්‍රිපක් ගියා මචන් මාර ලස්සන පැත්ත මචන් ආය දවසක් යමන් උඹලත් එක්ක යන්න ඔනේ එහේ මාර කොලිටි බන් ඉස්ම යන්න ලස්සන්යි, ඔය කිව්වේ ඌ කියන සින්හල භාසවෙන්ම තමයි. මූ අන්තිමට කියනවා මචන් ගන්ජා ටිකක් ගැහුවා උදේ ඉදන් උඩ හිටියේ කුඩු සාඩින් කියලා එතකොට ඉතින් අපි තෙරුම් ගන්න ඔනේ මූගේ ට්‍රිපේ තරම සමහර විට පයින් යන දුර වෙන්න ඇති මොනවා උනත් ගන්ජා මුදලාලි කෙනෙක් අහලා පහල ඉඳලා තියනවා සමහර විට කොළඹම තියන ගහක් යට වෙන්නත් පුලුවන් මූ ලස්සන කැත වර්ගීකරනය කරන්නෙත් ඔකෙන්ම තමයි එතකොට.

මට බ්ලොග් එකක් ලියන්න හිතුනේ මුගේ මේ සීන් එක අහනකොට

මූ දවසක් යනවා මාත් එක්ක මූ පිටිපස්සෙ හිටියේ මම දැන් ස්ටිරියන් වීල් එක කරකනවා මූ ටිකකින් කසුනට කිව්වා ඒ මචන් මට පාරිසරික සුන්දර්ත්වය බලන්න ඔනේ මම ඉස්සරහට එන්නද?  මූ දැන් ආවා මූ දැන් එක එක දෙවල් කිය කිය යනවා කතා කියන්න කතා හදන්න කතා ලියන්න මුට අමුතුවෙන්   ආය ඉගන ගන්න දෙයක් නෑ ඉරිදා පත්තරේ වගේ තමයි බොරුවක් උනත් මූ කිව්වොත් ගැටේට අහුවෙච්ච එකාට බඩුම තමයි. කතාවේ තිර පිටපත අද්‍යක්ෂනය නිශ්පාදානය විතරක් නෙමේ බෙදා හැරීමත් මූ ගානේ නොමිලෙම කරලා දෙනව.
කොහොම හරි මුගේ කලින් හිටපු යාලුවෙක් මැරිලා සහොදරයෝ වගේ තමයි ඉඳලා තියෙන්නේ, උගේ ගැන කියනවා මූ, අපි දෙන්නා උදේම නැගිටලා ජොයින්ට් ගහනවා. ඉස්සර අපි දෙන්නා දවල්ට කාලා ජොයින්ට් එකක් ගහනවා අපි දෙන්නා රෑ නිදා ගන්නේ ජොයින්ට් එකක් ගහලා අපි දෙන්නා රෑ මැද නැගිටලා ජොයින්ට් එකක් ගහනවා. අපි දෙන්නා හීනේන් ජොයින්ට් ගහනවා මුගේ එස් අයි එකකේ වෙනස් හින්දා අපිටත් අවුලක් නෑ අහගෙන යනවා කොටින්ම මුට රස්නේ සීතල විතරක් නෙමේ ඔනෙම පැරා මීටර් එකක් මුගේ යුනිට්ස් වලින් මනින්න පුලුවන්.

ඌ ගැන කියලා ඉවර වෙලා මූ හුස්මක් කටක් අරන් එහෙම මචන් මට තව යලුවෙක් හිටියා කියනකොටම මන් ඇහුවා
ඌත් මලාද? ඔව් බන් ..

(අපිටත් පොඩ්ඩ්ක් බය හිතුනා ඇයි ඉතින් මුගේ යාලුවෝ ඔක්කොම මැරෙනවනේ)

ඌත් ජොයින්ට් ගහනවද ? නෑ බන්(මට මාරම සතුටුයි මූට එකෙක් හරි කලින් ඉඳලා තියනවනේ මායි කසුනයි වගේ එවුන්)

මූ ටිකක් වෙලා ඉඳලා කියන්වා ඒ උනාට ඌ මට ඔතලා දෙනවා බන් ඌට නියමෙට ඔතන්න පුලුවන්.


මගේ මීටරේ රතු කට්ට පැන්නා බ්‍රේක් එක පෑගුනා එන්ජිම ඔෆ් උනා ඇස් දෙකෙන් බඹර චක්කර පැන්නා

ඈ බොල වල් බල්ලෝ තොට ගන්ජා වලින් මනින්න බැරි මොනවද තියෙන්නේ මම ඇහුවා නෙමේ මට ඇහුනා.....

Read more »

8.13.2016

හීට් එක



අපේ එම්පියා ඔෆිසියට යන්න නැගිටින්නේ 10ට අහපුවම කියන්නේ ඌ වැඩ කරන්නෙ US කැලැන්ඩරේට කියලා.. අපි දන්නේ ඌ නැගිටින්නේ 10ට කියලා විතරයි. උගේ කැලැන්ඩරේ US උනාට ඌ තනිකරම ජැමෙයිකන් බුවා.රෑ 8න් පස්සේ මූව අල්ලන්න ඔනේ නම් අපි යන්න ඔනේ චොකලට් අරන් පැනි බුන්ඳි අරවා මෙවා සලාක මල්ල අරගෙන නැත්තන් මූ ටිකට් එක දෙන්නේ නෑ අපිට.
ඌ දවසක් දහයට විතර වැඩට ගිහින් 9ට විතර මුගේ වෑර්ලස් එක ඔන් කරගෙන ජිල් බෝල දෙක කනේ ඔබා ගත්ත ගම්න් මුට ඇහෙනවාලු හෙනම සමීප චායා රූපයක්.
පොල්ලෙලිගම ඇනිමල් ප්ලැනට් වෙළඳ සැලේ අහවලා වෙනුවෙන් මට ගීතයක් දෙන්න මම දිල්වලේ දුල්හානියා.
මුත් ආය ගිනි පත්තු කරන්න දෙයියා. මූට ඔනේ නම් ආන්ඩුව පෙරලන්න පුලුවන් මිනිස්සුන්ට පද හදලා. අරුගෙ කරුමේ කියන්නේ මුටමයි මේක ඇහිලා තියෙන්නේ මූට දැන් ඩයල් එක මීටර් උනාට. දිල්වලේ දුල්හානියා ගැන එන්නෙම නැල්ලු මීටරේට. මොකද මුගෙ රැම් එකේ විතරක් අඩුම අවුරුදු 10ය 10ය දෙපැත්තටම ගත්තම දැනට ජීවත් වෙන ගෑනු පරාන වල අප්ඩෙට් තියනවා. මු සනිකව ගත්තලු පලවෙනියට ඇමතුමක්. අඩෝ කව්ද බන් දිල්වාලේ දුල්හානියා.. පලවෙනියාගේ සමාන්යෙන් අප්ඩේට් වෙන්නෙ අවුරුදු 40න් උඩ වගේ තමයි.. මෙන්න මෙහෙමයි උගේ උත්තරේ
අම්මො බන් මාලනී ෆොන්සෙකාට වඩා චුට්ටක් වැඩිමල් . කලා වැවේ රැලි ටික වගේ බන් මූන. ඔනෙම නම් බඩේ ත්‍රී වීල් එකක් පාර්ක් කරන්න පුලුවන් කෙලින් අතට .. දත් ටික නිකන් වික්ටොරියා ඩෑම් එක වගේ වතුර ඇරියම. ඇයි මොකටද.
එම්පියාට දැන් වැඩක් කරගන්නත් බැරිලු හරියට අත් දෙක වෙව්ලන්වලු කන් දෙකෙන් දුම දානවා වගේ වෙනවලු සන්තොසෙට මූ නිවාඩු දාලා ඇවිත් තියෙන්නේ කතාව සන්ස්කරනය කරලා.පත්තරේ දාන්න.
කොහොම හරි අරූ ඇන්ටා පාරක් ගහන්න ගිහින් අන්තිමට කතාව හිරු එෆ් එම් එකෙන් මුලු ලන්කාවට කිව්වා එම්පියා මට කිව්වා මන් මුලු ලොකෙටම කිව්වා..
හොඳම සීන් එක කියන්නේ පලවෙනියා කියපු කතාව. අඩෝ මචන් මූ ඒකට ගහන්න තරම් මූට කොහොම හීට් එකක් තියෙන්න ඕනෙද.. එතකොට මට හිතුනා එකිට හිරු එකේ දාන්න තරම් කොහොම ආතල් එකක් මූ දෙන්න ඇත්ද.

Read more »

10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්. 


මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන කෑම හැමදාම කන්න බැරි  හින්දා. පොඩ්ඩක් කටට රහට කන්න ටවුමේ සම්පත් අයියගේ කඩේට සතියකට සැරයක් වත් යනවා. මොකද හොටු පෙරගෙන කෙල පෙරගෙන හදන බිත්තර රොටියේ පරාටේ ආතල් එක දෙන්න අන්කලයාට බැරි හින්දා. ඔය මන් කියන සීන් එක හොඳට දන්නවා ප්ලේන්ටියත් එක්ක සිගරට් එක   ගහන නොබැඳපු එවුන්. මහ රෑ සිගරට් හොයාගෙන යන එවුන්. 

මම නම් ඔය පැත්තේ ඉන්න පහ වසරේ එකාටත් අයියේ මට සමාවෙන්න කියලා තමයි යන්නේ මොකද වුන් රෑට ඉන්නෙ ස්කිනිය ඇඳලා කොන්ඩේ බෙකම් ගහලා පිහිය සාක්කුවේ දාගෙන අපි මොකටද ටින්කිරි ගාගන්නේ කියලා කාලා බීලා පාඩුවේ එනවා. එක දවසක් කඩේ මන්ජුවා හොයගේන අවා ඩයල් එකක් ෆුල් මාවලස් ගැන්ස්ටර් කොල්ලෙක් කලිසම පුකට ඇඳලා ෂර්ට් එකත් පුකට ඇඳලා මම බිත්තර රොටියක ඔබන ගමන් හිටියේ බඩට

මෙන්න මෙහෙම තමා කතාව ගියේ.

---ඔයි මන්ජුවා මම ෆුල් ටච් මෙව්වා එකක් ගත්තා බන්.

----ඇරූ වැඩ ඔක්කොම නවත්තලා අමමට __ කැ-- සෙබලා පෙන්නහන් බලන්න උඹේ ෆොන් බෑය.
ශේම් සුන්ග් නේද. 
---දැන් උඹ ෆේස් බුක් එකක් හදා ගත්තද පොඩි කෑල්ලක් වත් සීන් කර ගන්න. 
---ඒ බන් මන් උඹේන් ඕක අහන්නමයි බන් ආවේ මට හයි කරලා දියන්කො බන් ඕක.

---නොදකින් තෝ ඕක දන්නෙ නැද්ද..
---දන් නැති හින්දනේ අහන්නේ ප-- කියලා දීපන්කො හු--

---ඕකේ මහලොකු දෙයක් නෑ බන් ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට.

මගේ බිත්තර රොටිය නහයෙන් එනවත් එක්කම මට හිතුනා.... 
අම්මපා ඔව්නේ ෆේස් බුක් කියන්නේ ඩේටා කපාගෙන උඩටයි පහලටයි යන එකට තමා සල්ලිනම් කමක් නෑ ඩෙටා.................

Read more »

3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "

ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින් වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා කුස්සියට වෙලා අඩනවා.

කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම් අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල් කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..
එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා. එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

එවෙලේ අමතක උනාලූ.............

ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....
&*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!
ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..
## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..
මන් අහන්වා සීන් එක..
ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....
හරි හරි..... ඉතින් කියන්නකෝ....

මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න  ගියා අම්මියි පුන්චියි එක්ක...
ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
ආය කරනවකො බලන්න...........
වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.
අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

Read more »

රෙස්පට්..කෙල්ලෝ .... II


ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා.  අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ
 කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා කියලත් කිව්වා... 
ඊට පස්සේ මම ඇහුවා 
තාම බැන්දේ නැද්ද ?
ප්‍රියා : ගුටි කන්න පුළුවන් කොල්ලෙක් හම්බ වුනේ නෑ
ඉතින්  මාව බන්දිනවකෝ...
ප්‍රියා : හිටපියකො තෝ අහුවෙනකන් මාතර ගඟේ කිඹුලෙක්ගේ කෑලි තොට කවනවා ......
මම ඉතින් ආය මොකුත් කියන නැතිව හොරා වගේ හිටියා ඔෆ්ලයින් දාගෙන..
2013 __________________________________________________

ඔය  උඩ තියන ටික කොටලා දැන් අවුරුදු ගානක් ගිහින් වෙලාවක් නෑ... අපිත් දැන් වයසට ගිහින් බදින්න ලං වෙලා නරකයා තාත්තා කෙනෙක් වෙලා.......... කොහොම හරි මේක කොටන්න කලින් මන් ප්‍රියා ට කතා කලාම එකී ගේ බඩ ලොකු වෙලාලු. ඉතින් මම හිතා ගත්තා ඒකිට පාඩුවේ ඉන්න දෙන්න. ආයමත්  බ්ලොග් ලෝකෙට කකුල තියන්න කියලා හිතන් ඉන්න වෙලාවේ ඔයාලගේ සහයෝගේ කොමන්ටුව ගොඩක් වටිනවා  එන්න ඇවිත් යන්න.....


Read more »

1.23.2015

ඩොටේ....!!

"උඹ කොහෙද මචං..."
"හතලිස් අටේ....!!"
"ඒක ඉලක්කමක්නෙ ඕයි.."
"එක තමා ගමේ නම .."
"ඒක කොහෙද තියෙන්නෙ.....?"
"උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ.."
"බට දෙක දිහා...?"
"තව එහා…"
"හෙන ඩොටේනෙ බං..."

ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ….

අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා….. 
යන එකනං හරි එන එක තමා...

"අඩෝ යනගමන් අපේ ගෙදර යමං බත් එකක් බැඳලා දෙන්නං, ඩොටේ යන්ඩත් එපෑ .."

අහලම පුරුදුවෙලා ඒ විහිලුවට එච්චර හිනා ගියෙත් නෑ.

තව ටිකක් දුර ගිහින් ගෙවල් කොහෙද ඇහුවොත් මම කිවුවෙ 
"අහවල් බස්එකේ අතනින් බැහැලා එතන ඉඳං තව ටිකක් යන්න ඕනෙ.. 6kmවිතර "
"හප්පා ඩොටේ නෙහ්… "

තවත් ටිකක් දුර ගියාම ප්රාදේශිය කෑලි හලනවා.. මොකෝ අනිකා දන්න නමක් කියන්න එපෑ එක දන්නවනං බැරියැ ඉතුරු ටික කියන්න…. 

"උඹ කොහෙද මචං ?"
"පොළොන්නරුවෙ "
"මොකෝ බං ඩොටේ ගෙවල් හැදුවෙ.. "
"ඒක තමයි…. අම්මයෙන් ආලා කියන්නං" ඒ මං හිතන කෑල්ල.

ඇත්තටම සිංහල භාෂාවට හෙන සංකීර්ණයි කොහෙං එකතු වෙච්ච වචනද මන්දා
කොහොම උණත් ඩොටේ කියන්නෙ සාපේක්ෂව දුෂ්කර පැත්තකට කියලා මං මගේ කුඩා මොලේට කියුවා.
කොළඹ ඉන්න කාලෙ උණත් ඔය වචනෙ එච්චරම අරුම එකක් නෙවෙ… 

"උඹ කොහෙ මචං?"
"කොල්ලුපිටියෙ..."
"ආං එහෙමෙයි…. ගෙවල්..?"
"ගෙවල් ෆොලෙන්නරුවෙ… " ඊ්ළගට අරූගෙ දත් විල්ලෙං එලියට එන වචනෙ දන්න නිසා මංම කියා ගන්නවා
"ටිකක් ඩොටෙ.."
"ට්කක්යෑ... මාරම ඩොටේ නෙ…" ඌ තාලෙට කියනවා 

හැබැයි ඔය වචනෙ ඇත්තටම තේරුණේ මේ ළගඳි 

"ඔයා කොහෙද...?"
"ලංකාවෙ .."
"ඒක කොහෙද තියෙන්නෙ "
මම ගූග්ල් සිතියම අවප්රමාණ කරලා ලංකාව තියෙන පැත්ත කරකලා අරං පෙන්නුවා 
"මේන්…. "
"හා…. ඩොට් එකක් වගේ එක...?"
මං දැනගත්තා ගූග්ල් මැප් එකෙන් බලද්දි ඩොට් එකක් වගේ පේන පැත්තකට කියන්නෙ ඩොටේ කියලා…
එහෙම බලපුවාම මං ලොවෙත් ඩොටේ ඉඳලා තියෙන්නෙ... අර්ථදැක්විය නොහැකි 
ලෙස ඩොටේ ... 

Read more »

2.15.2014

සිතුවිලි


ඈත අදුරක පුංචි තරැවක්
සදට බියවී පලා යත්
හෙමින් මුමුණන දොලක බැස අපි
දොඩමලුව ඉදිමුය බිදක්
අසත් ඉගියට පිටු පා උඹ
ඛීල පෙරමග හිනැහියත්

වරත් පල කිම සදේ එළියට
හොරෙන් සිත හැගවෙනු විනා
ඒත් අළුවට ගිනියමින් මා
විඩාපත් ෙදනුවන් පියා
සෞම්‍ය එළියක පහස හොයමුය 
අමාවක රෑ හමු වෙලා

Read more »

1.27.2014

අන්ධයෙක් මම



සුවද අහුලන් පාට අමුණා..
ඇගිලි තුඩගින් රැවට ගළපන..
කුසුමදැයි නටුවට දොඩමළුව..... 
අචේලක සඳ උණුහමට පොදිබැද..  

ප්‍රගීයක පැටැළුණු පීන.. 
පවනට මුමුණා ලීන... 
ප්‍රාසයක තනිවූ හීන... 
විඳින් ආලය මලීන....

Read more »

10.24.2012

මේ සමාජය මාව ඉබ්බෙක් කලා...

සල්ලි නැති කොමකට කොලු කොමට ඉදලා හිටලා ඉබ්බා දැම්මට දැන් ඉතිං ඉබ්බා දාන එක ඒ හැටි ගැලපෙන්නෙ නෑනෙ සමහරවිට... කකුල් දෙකටම කලිසං ගහලා ‍කොන්දොත් එක්ක හැප්පෙන එක ප්‍රොෆෙෂන් එකට එච්චර හරි මදි ගතියක් දැනෙනවා. අනික මොනවා උණත් වැරදි වැඩේනෙ....
ඒ උනාට උං එක්‍ක හැප්පෙන්නෙ නැතුව ඉන්න ගියාම උනුත් එන්නෙ අපිට නිකට පාන්න... ඒ අපේ හැදිච්චිකම... රුපියල් 9 ක 19 ක දුරක් ගියාම ඉතිරි රුපියලට අඩන්න ඕණේ... ලැජ්ජයි වගේ හිතුණට මන්නං ලොවෙත් අඩලා හරි ඉල්ලගෙනමයි බහින්නෙ... ඒ උණත් කොන්දා එහා කොනේ ඉන්න ‍වෙලාවට 'රුපියල් ටික එකතු කරලා ගෙයක්වත් හදා ගන්නැතෑ..' කියලා හිත හදා ගන්න බලනවා... මගෙ හිතට වැඩියෙන්ම දැනෙන්නෙ රුපියල නැතිවෙන අවුල ‍නෙමේ.. ආත්ම අභිමානය රුපියලට ගියා හා සමාන අවුලක්..

"මොකද්ද මේ රුපිලකට මැරෙන්න හදන්නේ... " ව‍ගේ බැල්මක් දාගෙන දෙනකොට ඒක ගන්න හිතෙන්නෙත් නෑ... සමහර විට ඕක කටිනුත් පිටවෙනවා....
"හැබැයි මාරු නෑ.... නෑ..."  ගාලා නළාව පිඹින මේ මිනිස්සු කරන ජඩ වැඩක් දැනගත්තා ළගදි, අතේ එකතුවෙන මාරු සල්ලි ඔක්කොම කඩේකට දීලා නෝට්ටු ඉල්ල ගන්නවා... එතන ඉදන් ආයෙමත් මිනිස්සුන්ට කෑ ගහනවා "මාරු සල්ලි දෙන්න..." කියලා

මම දැන් ගන්නෙ 19 ටිකට් එකක්.විස්සෙ කොළයක් දුන්නාම පොර පාඩුවෙ යනවා රුපියල ගැන වගක්වත් නෑ.... මාත් පාඩුවෙ යනවා රු 23කම දුරක්... මට රුපියල් තුනක් ලාබයි උට රුපියලක් ලාබයි උටත් පිට් මටත් පිට්..

පහුගිය දවසක මට ඇත්තටම 19 දුරක් යන්න ඕනේ උණා... දැන් ඉතිං රුපියල ලේසියෙන් අතඅරින්න පුළුවං කමක් නෑ... මම රුපියල් විස්සක් දීලා අත දික්කරගෙනම හිටියා... කොන්දා කීවා.. ,
"රුපියලක් පස්සෙ දෙන්නං.." කියලා... ඒත් මම බහින්න ලං වෙද්දී කොන්දා හිටියෙ අනික් දොර ගාව. බස් එකෙත් සෙනග... මනුසසයාට අමතක වෙන්න ඇති... මම බැහැලා ගියා කොන්දා ගාවට...

"මචං රුපිලක් ගන්න ති‍යෙනවා....!!" මම ෆ්‍රෙන්ඩ්ලි මූනක් දාගෙන කීවා
"ඈ....."
"රුපියලක්..., ඉතුරු...." මම පොඩ්ඩක් සද්දෙ වැඩි කරා..
"රුපියලක්ද හහ්... රුපියල් 4ක් දෙන්න..." කට කොණකට ඇදලා හිනාවෙලා ‍නෝණ්ඩියක් දාන ගමන් ඉල්ලුවා
"නෑ නේ..."
"රුපියලක් දෙන්න..."පොර කතා කරන්නේ ගොඩක් තරහින්...
"ඒත් නෑ...පහක් දෙන්නං මට හයක් දෙන්න..."
මොකෝ මම දැක්කා අ‍තේ දෙකේ කාසි ගොඩක් තියෙනවා...
"පහක් දීලා හරියනවද රුපියලක් ඉල්ලපුවාම.. හෙහ් මොලේ නැද්ද..."කටේ මාර සද්දයක් තියෙන්නෙ..

"හා හා දෙන මගුලකින් දෙන්ඩකෝ..." මටත් අහින්සක මලක් පැන්නා...
"රුපියලකට මැරෙන්ඩ හදන්නෙ, මාරු ගේන්ඩකෝ එනකොට.." 

මමත් ලැජ්ජා බිට් එකෙන් තියලා ඒ ටෝන් එකම ආරූඪ කර ගත්තා

"අයියා මේ ප*ක් කතා කරනවා.... මාරු ඉල්ලනවා විතරයි ඉතුරු දෙන්න වගක් නෑ..
මම ඔයාලටත් එක්ක හම්බ කරන්නෑ.. දෙන විදියකට මට රුපියලක් දෙන්ඩ..
‍මොකෝ අපි ගෙදර මාරු වදන්නයෑ... "

ඉතා සරලම විදියකට මටත් මල පනින බව පෙන්නුවා...

'"ආපෝ ආ ආහ්... රෙද්ද..."  කියලා මගේ පැත්තට කාසියක් විසි කරා.. 

‍ඔය හම්බුනේ රුපියලට දෙකක්ම... මට මාර පිට් එකක් ආවේ...
කොන්දාගෙන් ගේම ඉල්ලලා රුපියලක් ගන්න එකේ මාර ආතල් එකක් තියෙනවා කියලා මං එදා තේරුම් ගත්තා.. හැබැයි ඔය ‍සෙල්ලම හැමදාම කරන්න ගියොත් කන්න වෙන බවත් දන්න හින්දා මම ආයිමත්
පුලු පුලුවං වෙලාවට ඉබ්බා වඩම්මන්න තීරණය කලා... කාටත් සෞක්‍යයාරක්ෂිතයි නේ...!!

Read more »

10.21.2012

ඇමතියාගෙ බේකරියට ගිය අන්තිම දා....

ඒලෙවල් කිට්ටු වෙද්දි ගෙදර පාඩම් කරනවට වඩා සෙට් වෙලා පාඩම් කරන එකේ ගතියක් තියෙනවලු.. අපි පොත් ටික අරන් බොහෝ දුරට යන්නෙ පිපියාගෙ ගෙදර... මොකෝ එහෙ කවුරුත් නෑ දවල්ට..
 අපි පීපියාගේ ගෙදර එනවට ඌ වැඩිය කැමති නෑ.... අපි ආපුවාම ඌට වැඩකරන්න අමාරු කමටද ඌ කෑල්ලත් එක්ක මල් කඩන ඒවා අපි අනිත් ටැලිපෝන් එකෙන් අහන් හිටපු හින්දද මන්දා.... 

 සුදුමල්ලියාත් එහෙට සෙටමොල් උණාම එක්කෝ නාන්න බුබුලට යන්වා නැත්තං ඇමතිලාගෙ ගෙදර යනවා බනිස් කන්න.. ඕන්න ඉතිං පාඩම් කිරිල්ල...... උගෙ ඇත්ත නම ගයාන් උන්ට බේකරියක් තිබ්බා.. උන්ගෙ අයියා තමයි ඒක ගොඩක් දුරට රන් කරන්නෙ... 
"අංකල් ගයාන් ඉන්නවද....?" 
කියාගෙන ගෙට ගිහින් අනිත් පැත්තට බේකරියට පැනලා නම්වත් දන්නෙ නැති එක එක හැඩේට තියෙන ඒවා විනාස කරලා ගිලලා දාලා එන එකත් සිරිතක්... 'අඩේ' කියලා පොඩි සුන්ඩල් එකක් තියෙනවා ඒක තමයි අපේ පියතම එක..... කාලා කාලා හණු ඇදුම් කාලා එකට ඇලෙන සයිස් එනකොට අපි පිටත් වෙනවා තේ එකකුත් ඉල්ලගෙන බීලා..... ගයානයාටනම් අපි ගැන 3 හිතකවත් කහටක් නැතුව ඇති හැබැයි ගෙවල් වල උන්ටනම් අපි මළ ඇණයක් කියලා ෂුවර්... විශේෂයෙන් ගයානයාගේ අයියට අපි දැක්කාම හික් ගැවෙන ගතියක් තිබ්බා... !

මෙ කාලකන්නි දවසෙ උදේත්, පාන්දර නැගිටලා සුපුරුදු පරිදි ඇඳ ඇතුලට කොස්ස දාලා සරම එළියට ගත්තා. ඒක නවලා බිත්තියට හේත්තු කරලා කලිසමකට බැහැලා කබ කඩ කඩාම ලොකයාගෙ ගෙදර යනකොට ඌ ඉන්නවා මගේ තේ එකත් අතේ තියා ගෙනම...  උන්ගේ තාත්තා මන්දිහා බලලා බිම බලා ගත්තා... උදේ පාන්දර දැක්ක හින්දා මළපැනලා වෙන්ඩ ඇති... අක්කනං මාව දැක්ක ගමන් හිනාවෙනවා... මං හිතන්නෙ උංගේ ගේ ඉස්සරහින් අක්කා බලන් ඉද්දිම පොලිස්කාරයෙක් කණෙන් ඇ‍දගෙන ගිය සීන් එක මතක් වෙනවා ඇති....කොහොමහරි ඌවත් ඇදගෙන රාජකාරිවලට පිටත් උණා...

අද අපි කොහෙටද යන්නෙ කියලා නිමිති බලලා තීරණය උනේ ඇමතියාගේ ගෙදර යන්න... ඇත්තම කියනවනං බනිස් කන්න යන්න... පුටාර් ටික පස්ස පැත්තෙ ගහගෙන අපි පෑගුවා ඇමති නිවසට.... කිලෝ 10ක් විතර පාගලා ගමනාන්තයට ළගා උණා අපි ඈතින් එනකොටම ඇමතියගෙ  අයියා ඉස්සරහට පැනලා කෑ ගහන්න ගත්තා...

ල්ලී අද ගයාන් ගෙදර නෑ බේකරියත් වහලා....

එදා තමා අපි අවසන් වරට අඩ වල සුවද බැලුවෙ....

Read more »

10.12.2012

කෙල්ල තරහ වෙලා



මචන් ටුවර් එකේ මොනවද ගහන්නේ. දවස් හතම බොන්න ඕනනේ ගල් තමා ඉතින්......
ඊට කලින් තිබ්බ ගොයින් ඩවුන් එකට ගහල වයර් වෙච්ච පාර තාම බඩු. ටයි එක දාපු එක හොඳට ගියා කබරයා පාර තව පොඩ්ඩෙන් ෂර්ට් එකේ තමා පිහින්න වෙන්නේ අල්ලන් හිටපු එකාගේ. බීල නටන වෙලාවේ කෙල්ලගෙන් ආපු කෝල් එක කට් වෙලා තියෙන්නේ "මේ වෙලාවේ මම කාර්ය බහුලයි මම පස්සේ කෝල් කරන්නම් කියලා. රෑ දොළහට විතර කාර්ය බහුල උනේ , අන්දරෝයිඩ් තාක්ෂණයට පින්සිද්ද වෙන්න සාක්කුවේ තියෙද්දීම බඩු ටච් වෙලා.. වෙරි මර ගාතේ කෝල් එක එනවා දැනුන් නෑ මසාජ් එක එනවා දැනිලා අරන් බලපුවාම.. බීල ඉන්න වෙලාවේ කරදර කලට සමා වෙන්නලු.. බඩු පිටම ආපහු කෝල් එක ගත්තේ බීල ඉන්න වෙලාවේම බැනුම් ටික අහල ඉවර කොර ගන්න. ඉතින් සුදු මම හැමදාම බොන්නේ නෑනේ මේ අයියගේ වෙඩිමේ බිව්ව පාර අද තමා බිව්වේ. බොරු කියන්න එපා අනේ ..
**^%%%^&^ ^%%^$$ &$#$# 
මට දැන් ඇතිවෙලා  *&&&^^ $## 
මට එපා වෙලා %%%% ** 
මොකද්ද අනේ ###  
බීල මදිවට තව බොරුත් කියනවා ....&&&&
එදා මට කිව්වේ වෙඩිමේදී බිව්වේ නෑ කියලා....එදත් බීලා වෙඩිම තිබිල මාස තුනක්වත් නෑ ආපහු බීලා.....
කාටද ඉතින් ඕවා මතක තියෙන්නේ ... දැන් ඉතින් මොනවා කරන්නද... ඕන එකක් දෙකයි පනහයි කියලා ජන්ගමේ පැත්තක තියලා ස්පීකර් දාල බැනුම් අහනවා.. ඔයා අහගෙනද ඉන්නේ .... ඔව් ඔව් මම අහගෙන ඉන්නේ... දන්නවද හෙට කවද්ද කියලා.... 
ඔව් හෙට සෙනසුරාදානේ.... දඩස් ගාල ජන්ගමේ තිබ්බ පාරට වෙරිත් බැස්ස .
ආයමත්  කෝල් කලාට වැඩක් නෑ කියලා අත් දැකීමෙන් දන්නා නිසා තව පොඩ්ඩක් බීලා හෙට කවද්ද කියලා කල්පනා කරන ගමන් බාත් රූම් එකේ ඉදගෙන නින්ද ගිහිල්ල තිබ්බ කියලා යාලුවෝ කියනවා මට මතකයි ... 
කොහොමහරි නැගිටිනකොට උදේ පාන්දර දහය හමාර විතර වෙලා ටවල් එක විතරයි ඇඟේ තියෙන්නේ.. අල්මාරියේ යතුර කොට්ටේ යට තිබුනා.. ඒක අරන් අල්මාරිය ඇරපුවාම ජන්ගමේ, වොලට්ටුව,ඔරලෝසුව ඉතා පරිස්සමට ගලවා දමා ඇති අකාරයෙන් වැඩිය වෙරි වෙලා නෑ කියලා හිතන් හිටියට .. පස්සේ ආරංචි උන පරිදි  ඒ ඔක්කොම ගලවා විසික්කා දමා තිබියදී,,  එකතු කරගන්නා ලද ඒවා බව කව්ද මන්දා කිව්වා. කොහොම හරි වයිෆා ශේප්මෙන්ට් එකක් දාගන්න කෝල් එකක් ගත්ත ගමන් ඇහුවා අද කවද්ද .. සෙනසුරාදා ... දඩාස් ,...
ඇයි යකෝ.... අද උපන් දිනේ වත්ද කියලා කල්පනා කලාට මොකුත්ම කුඩා මොලේට ආවේ නෑ.. කෝකටත් කියලා ළඟ පාත ඉන්න යාලුවටත් සීන් ඒක කියලා... මමත් දැන් කල්පනා ලොව මල් වගේ ඉන්නවා. උඹලගේ ඇනිවසරිය වත් ද ..... යට ඉන්න එකා කෑ ගහද්දි මට මීටර් උනා සීන් එක... කෝල් එකක් අරන්  " මගේ සුදු අදට ## අපි යාළුවෙලා  && අවරුදු ** .... " ඇති යන්තම් මතක් උනා.. අද අනිවෙරසරි හින්දා සමාව දෙනවා  කියලා යන්තම් ශේප් කරන් පැයක් විතර ආදර මල් වනේ ඉන්න කොට එකෙක් ඇවිල්ලා ඒයි උඹේ සාකුවේ තිබ්බ සුදු පාට එව්ව පෙට්ටිය කෝ කියලා අහපු  වෙලේ ඉදන් අද වෙනකන් මාත් එක්ක කතා කරන් නෑ...

දැන් දවස් හතරයි 
මැසේජ් එකක් එවල තිබුනා අන්තිම දුක්ක දායකයි... එකේ තිබුන විදියට ආයම කතා කරන් නැල්ලු.. බෝඩිමේ යාලුවට කෝල් එකක් අරන් එහෙන් මෙහෙන් විස්තර ටිකක් හොයල බලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.. කියන විදියට නම් බොහොම දරුණුයි.. නැන්දම්මටත් කියලද කොහෙද .. කතා කරන කන් පාළුව දැනෙන්නේ නෑ.. තරහ උනාම හිතා ගන්නත් බෑ. දැන් ඉතින් මොනව කරන්නද තව සති දෙකකින් ටුවර් ඒක යනවා එටකොටත් බැනුම් අහනවට වඩා හොන්දයි ගිහින් ඇවිත්ම බැනුම් අහන ඒක..
නරකම දේ තමා කෙල්ලගෙන් බැනුම් අහන ඒක .. එකත් හරි ෆන් ..
තරහ  වුනා කියලා දාල යන්න බෑනේ.. වෙන කෙල්ලෙක් හොයා ගන්නත් බෑනේ ඔන්න ඕක තමා වෙන්නේ ඉතින් බොක්කෙන් ලවක් කලාම.. ඉන්නකන් හිටියනම් අපිට මොකෝ ලොකු මහත්තයා කියලා ඉන්න තිබ්බා. ගෙදරට කියලා ගමම දන්න දරුවෙක් සෙට් වෙච්ච් එවුන් දන්නවා ඕකේ ආතල් ඒක.. ඊටත් වඩා අයියා හොඳම යාළුවා උනාම ?... 
පාන් නැත්තම් ගල් බනිස් කියලා මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මතක් වෙනවා එන සඳුදා සෙමෙස්ටර් එන්ඩ් ඒක කියලා පාඩමක් පොතක් බලන්න බැරි හින්දා.. මනෝ පාරක් දාලා කල්පනා කරා හැකර් කෙනෙක් වෙලා සර්ලගෙ ඉලෙක්ට්‍රොනික තැපෑල හැක් කරලා බැජ් ටොප් වෙන විදිය.. 
මම කියන්නේ කොල්ලෙක් පොඩ්ඩක් බීවට මොකුත් වෙන්නේ නෑනේ.. මේ කෙල්ල හිතන් ඉන්නේ අරක්කු බෝතලයක් මිනිහෙක් තනියම සතියකින් හරි අවරුද්දකින් හරි බීලා ඉවර කලොත් උට සිරෝසිස් හැදිලා ස්වර්ගස්ථ වෙනවා කියලා..
ඒ මදිවට අපේ මොකෙක් හරි ගස් වඳුරෙක් ටික කාලෙකට කලින් එස් එමක් කොටලා ආතල් එකක් අරන් තිබ්බා මම සිගරට් හතරක් සතියකට  බොනවලු. එකටත් හෙන කෙස් එකක් ගිහින් යන්තම් ශේප් කරගත්තේ හෙන ගේමක් ගහලා. තාම හිතාගෙන ඉන්නේ කොල්ලෝ කාලේ සිගරට් එකක් හතර දෙනෙක් විතර බීලා .. ක්‍රමයෙන් බේබද්දෙක් බවට පත් වෙලා වයසට ගියාම එකක් තනියම බොන්න පුළුවන් කියලා.. එකක් තනියම බොන කොල්ලෝ ඉන්නේ ගංජා ගහන කොල්ලෝ ගැන කෙල්ලන්ට තියන තැනේ....
අනේ මන්දා මම ඔවා තේරුම් කරන්න ගියා නම් මම මුළු සාමජේම ඉන්න බේබද්දනේගේ සුදු හුණු ගෑවා වගේ වෙනවා ඒක නිසා මාපට ඇඟිල්ල කටේ දැන් මම බබා වගේ නිකන් හිටියා,..

මොනවා උනත් හිත අප්සට් හින්දා අදත් පාඩම් කරන්න නම් බෑ .. අදත් ගිහින් බුදිය ගන්නවා...  ඉන්ටර්නෙට් ගිහින් මම බ්ලොග් එකක් කරනවා කියලා දන ගත්ත දවසක නම් අනිවාර්යෙන්ම දාල ගිහින් පස්ස හැරිලා ගලකිනුත් ගහලා තමා යන්නේ ඇයි ඉතින් මේකට සීමා නෑ නේ අපි ගියා.. උඹලා එහෙම බීලා නරක ළමයි වෙන්න එපා මන් වගේ .. නරකය නම් බොන්නේ නෑ මගේ හිතේ.... සිගරට් එකක් කකුලේවත් තියල නැද්ද කොහෙද  

මට බුදු සරණයි 

Read more »

9.29.2012

ජාතික.........මොකුත් නෑ


මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ  වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා  පුද්ගලයෙක් විශ්‍රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට නම් කිසිම දෙයක් හදල ඉවර කරලා නම් තිබුනේ නෑ.. තනිකර කොන්ක්‍රීට් ගොඩක් විතරයි තිබුනේ.. 

දෙවැනි දවසේ යනකොට හිතාගන්න බැරි විදියට වැඩ ඉවර වෙලා.. දවස් දෙකෙන් හයි වෙන කොන්ක්‍රීට් දැක්කේ ඉස්සල්ලම එදා තාමා. උදේ  බැන්ද බිත්තිය දවල් කපරාදු කරනවා. හවස තීන්ත ගානවා හවස අල්ලපු ටයිල් කැටේ  උඩ රෑ ඇවිදිනවා.. මිනිස්සුන්ට හරක්ට වගේ බනිනවා, උන් ඉතින් කොහොම උනත් එකනෙ කියල දවසම පොඩි කෑල්ලක් අල්ලාගෙන බුල ගහනවා වැස්සට හේදිලා යනවා.. තීන්ත පින්සලෙන් ගාල ලස්සනට හදල තියන බිත්ති කැත කරනවා..  අලුත්ම වටිනා බඩු විසික්කලා තමන්ගේ ඇග බේරගන්න එකට පොර කනවා ..
මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි,, කිරි පිටි පැකට් එකෙන්... අරක්කු කාලෙන් සිගරට් එකෙන් එකතු කරන සල්ලි වලින් නේද මෙහෙම නාස්තියක් විනාසයක් වෙන්නේ කියල හිතෙනකොට ආයම මතක් වෙනවා මේ ලංකාව නේද කියලා  ..
ආදාල නායකයා එනකොට ලෑස්ති කරන්න ඕනේ නිසා විසාල අමතර වියදමක් කරලා කෑලි එහෙන් මෙහෙන් එල්ලලා වැඩේ කරා මමත් බලන් හිටියා ලස්සනට ඇවිල්ල ෆොටෝ ගහලා බෑන්ඩ් ගහලා පාර්ටි දාල වැඩ අවසන් නොකරපු ගොඩක් ඒවා විවුර්ත කරලා නම් ගියා.. මට තියෙන්නේ ප්‍රශ්න දෙකයි 

1-ගොඩ නැගිල්ලක් ස්මාරකයක් විවුර්ත කරනවා කියන්නේ මොකද්ද ?
2-කවද හරි හදල ඉවර කරපු දවසක විවුර්ත කරා නම් මොකද වෙන්නේ.. නම වැටුනේ නැ කියලා රෑට නින්ද යන්නේ නැද්ද...?

වැඩි විස්තර බල ගන්න පුළුවන් මහබාගේ අලුතෙන් හදපු ඉස්මරකේ ඇතුළු අනෙකුත් දේවල් ගැන හොයල බැලුවනම් ,,,
බලාගෙන අඩිය තියන්නේ දවස් දෙකෙන් තුනෙන් කිසිම කෙමිකල් එකක් දන්නේ නැතිව හදපු දේවල් තියෙන්නේ.. කඩාගෙන බහින්න පුළුවන් .....
කරපු දේ සීයට සීයක් හොදයි කරපු විදිය සම්පූර්නෙන්ම වැරදි ... මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත විදිය .... කියන්න ලැජ්ජයි ... වෙන මොනවත් කියන්න අදහස තිබුනත් වෙලාව මේක නෙමේ ... 

පිස්සොත් එක්ක ජිල් ගහපුවම මැක්කොත් එක්ක පන්සල් යන්න වෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තාමා....  

Read more »

9.13.2012

ප‍්‍රථම පේ‍්‍රමයෙ මතක සටහන....

ප‍්‍රියන්තිකා කියන්නෙ ටකරමක්...!! ටුටුවගේ අක්කා වගේ... 
ටුටුවා මරිවැඩ කරොත් කරන්නෙ ප‍්‍රියාට.. කරන්නෙ නන්දයත් එක්ක...

පන්තියෙ අන්තිම පේළියේ එක පැත්තක කොනක ඉන්නෙ නිර්මාල්... ඊටපස්සෙ ටුටුවා... ඊට පස්සෙ නන්දයා... නිර්මාලයා ලොවෙත් සත්‍යය පේ‍්‍රම බෘංග රාජයා.. ඌ කෙල්ලෙක්ව දාගෙන හිටියා 11 වසරෙ.. මුං දෙන්නගේ පට්ට ලවු එකක් තිබ්බෙ.. 
දවසක් මායි ලෝකයායි බූරූ ගගහා හිටපු වෙලාවක මර ලතොනි සද්දයක් එනවට බලද්දි ප‍්‍රියන්තිකා බෙරිහං දෙනවා... 
අර හයේ හතරෙ නන්දයා මුරුංගා කරල වගේ ඉන්න ප‍්‍රියාගෙ බෙල්ලෙං අල්ල ගෙන, ටුටුවා කොණ්ඩෙං අදිනවා... ඒ අස්සෙ පීපියා මුංදෙන්නට ගහනවා... ඔකිට මොනවා හරි කරදරයක් වෙනවනං ලොකයාට පට්ට ආතල් එකක් යන්නෙ... පීපියා කියන එකාගේ පොඩි සිගිරිබිරිස් එකක් තිබ්බා ප‍්‍රියා ගැන... 
මාෂල් ආර්ට් ප‍්‍රගුණ කරලා හිටියේ ඌ... අර මහාකලු සිංහලයා වගේ නන්දයාට තඩිබානවා ඌට ගාණක්වත් නෑ...මේ කලබලේ මොකක්ද කියලා බලන්න අපිත් එහෙට යද්දිම ටුටුවා කෙස් ගුලියකුත් කඩාගෙන යන්න ගියා.. ලොකයාත් ගිහින් කොණ්ඩෙන් අදින්න ලෑස්ති.... මං ඌවත් ඇදගෙන ටුටුවා ගාවට ගියා... 

"මොකෝ බං... නෑ බං කෙස්ගහක් ඉල්ලගත්තා..." 
"යකෝ ඒ ඉල්ලුවාද.....? මොකටද...??".
ඌ ඉස්සරහ දත් දෙක පෙන්නලා හිනා වෙලා පොලිතින් කවරෙකට කෙස් ගහක් දැම්මා.... ඊටපස්සෙ කවරෙ පර්ස් එකකට එබුවා... පර්ස් එක නිර්මාලයාගේ ඩෙස් එකේ ලාච්චුවට දාලා මුං දෙන්නා පාඩුවෙ ඉන්නවා... කුතුහලේ වැඩිකමට අපි සීන් එක් බලං ඉද්දි නිර්මාලයා පන්තියට ආවා... 
"පර්ස් එක අමතක වෙලා ගියා බං..." කියා ගෙන... 
පොර ඒක ගත්තු ගමන් කොණකට ගිහිල්ලා පර්ස් එකෙන් අර කොණ්ඩ ගහ අරගෙන ඉඹලා අයෙම සාක්කුවේ දාගත්තා.... 
ලොකයාට ඔක්කාරෙටත් අවා... නිදං හිටිය බේලියාට පයිං එකක් ගහලා බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තෙ....

ආරංචි විදියට නිර්මාලයාගේ පර්ස් එකේ උගෙ කෙල්ලගේ කොණ්ඩගහක් තියාගෙන ඉඳලා... සැරින් සැරේ අරගෙන ඉඹිනවලු...
"ෆස්ට් ලවු එකනෙ මචං....!"
කියලා ආයෙම දා ගන්නවලු... මුං දෙන්නා ඒක ප‍්‍රියා ගෙ කොණඩ ගහකට මාරු කරලා... මූ ඉතිං ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ ඉඹ ඉඹ හිටියා අපි ඉස්කොලෙන් අයින් වෙනකල්ම.... ළගදි ටුටුවට නිර්මාලයා හම්බෙලා.... විස්තර කතා කරලා කාරිය ලව් එක ගැනත් අහලා... 

"දැන්නං ඒ ලවු එක නෑ මචං හැබැයි කොණ්ඩ ගහනං තාමත් මංගාව තියෙනවා... ඒකි මතක් වෙන්න ඒකිගෙ කියලා මෙච්චරයි තියෙන්නෙ.... ෆස්ට් ලවු එකනෙ මචං...."

කීවලු.... මූ තාමත් ඉඹින්නෙ ප‍්‍රියාගෙ කොණ්ඩ ගහ... ප‍්‍රියා වත් ඌවත් සීන් එක දන්නෙ නෑ... ප‍්‍රියාටනං මම මේක පෙන්නනවා... 

කතාව සහ සියළු නම්ගම් සත්‍යයි... 

Read more »

7.31.2012

බඩු ගියා බන්....

මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... 
මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා 
"ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් එකක්...


ඔන්න දවසක් සුදු මල්ලියි(තඩි සුපුනා)  ටුටුවයි(උදිත) ජනකයයි පට්ටලයයි නන්දෙ මාමයි ටුටුලාගේ ගෙදර කවුරුත් නෑ කියලා බොන්න ගියා.... ඉස්කොලෙ සුපුරුදු ගහ දිගේ ගිහින් තාප්පෙන් පැනලා රෝයල් එකේ බැජ් ටික ගලවලා තෝපාවැව ඉස්කෝලෙ බැජ් සෙටි කරගෙන බස් එකට නැග්ගා දැන් කොහෙ ද ඉතින් බොන්න සල්ලි...? 
සුපුනා කිව්වා 
"හරි හරි ඒවා හරි බහිමු.... "
පොළොන්නරැවෙ පොළ ගාවින් බැස්ස 

තඩි සුපුනා ඇද්දා බැංකූ කාඩි 1 ක්...... සුපුනා අයියා වගේ ගියා ඇතුලට අපි එතනම කඩේක පිටිපස්සෙ සිගරටි 1 බොනවා.... බොද්දි පොරක් ආවා 
"ආ.... පුතාලා ඉස්කෝලෙ ඇදුමින්.....??"
අවුලක් නෑ අපි ගහන් ඉන්නෙ අනිත් ඉස්කොලෙ බැජ්නේ.... ටුටුවයි පටිටලයයි පොරව අදුනනවා අනිත් වුන් දන් නෑ... අර පොර අහනවා 
"පුතාලා දන්නවාද මං කවුද කියලා...??" 
එක පාරටම ගොන් පටිටලයා කිවිවා 
"රම්‍යා මැඩම්ගේ මහත්තයානේ...." 
අපේ සාමාන්‍යයපෙල  සමාජ අධ්‍යයනය මැඩම්ගෙ හබියා වැඩේ දෙල්.... අපි නොකර සද්දෙ මාරු වුනා 

සුපුනා ආවා එලියට... උගේ මූන කැන්ටමේ පැටිස් එක වගේ...කරවෙලා හැඩෙත් අවුල් මොකක් හරි අවුලක් කියල ෂුවර්... 
"බඩු ගියා බන්...."  
බලද්දි කාඩි එක ඇතුලෙ.. 
"අම්මගේ පර්ස් එකෙන් උස්සං අපු කාඩ් එක බං අම්මගේ පාස්වර්ඩ් එක ගහද්දි ඇතුලට ගියා.." 
ඇතූලට ඔක්කොම ගිහින් වැන්දෙ නැතූව විතරයි  කියන්නෙම කාඩි එක අයිතිකාරයා එක්ක එන්න කියලා 
අපේ ගෙවල් ලග අදුරන ඇන්ටි එකක් හිටියා වැඳලා වැඳලා 3.00 ට විතර කාඩි එක ගත්තා සුපුනා අඩනවා දැක්කෙ එදා තමයි කදුලු පිරිලා....

බලද්දි අම්ගෙ පර්ස් එකේ තිබිලා තියෙන්නේ අයියගෙ කාඩි එක මූ ගැහුවෙ අම්මගෙ පාස් වර්ඩි එක.. 
මූ කැනහිලා බව උගෙ අම්මට වඩා කවුද දන්නෙ... 



Read more »

7.29.2012

ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං

ටුටුවා යි නන්දයයි මතකද...  මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... 


මෙන්න කතාව උගෙ වචන වලින්ම..... 

"මමයි  කොටියායි දවසක් අහම්බෙන්  වගේ නන්දෙලාගෙ ගෙදර ගියා  අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් නන්දයා වට කරගෙන..... 
අම්මට සිරි අපි උගෙ ළගට ගියා.... ගේමක්ද දන්නෑනෙ, 
නන්දයා ලැජ්ජාවෙන් අපි දිහා බලලා ඇබරෙනවා බලද්දි සීන් එක මොකද්ද දන්නවද....?? මූ මුගේ බයික් එක විකූනන්න සෙටි කරලා.....!! 
අපි ගාවට අසරණයා ඇවිත් වැන්දෙ නැතුව විතරයි අනේ බන් පත්තූ වෙන්න යන්නේ උබලා හිනා වෙලා වැඩේ කන්න එපා  කියලා... අපි ඈතට වෙලා උන්නා.... 
ඔන්න ඉතින් වැඩේ සෙට්. ගාන 13000 - 12000 අතර දොලනය වෙනවා.... 
 12500 වැඩේ ගොඩ ගියා.

එකෙක් නැග්ගා බයික් එකට අර ගෙවල් වල තියනවා වගේ ස්විචය දැම්මා, ගහනවා එකසිය ගානට.... ස්ටාර්ට් නෑ... !!
කික් පැටල් එක අඩනවා......  
නන්දෙ කියනවා එහෙම වෙන්න බෑ මම උදේ අම්මවත් දාලාලු ආවෙ,
ඊටපස්සෙ මූ අපි දෙන්නට කියනවා පෙටිටුල් ½ අරන් එන්නළු සල්ලි දුන්නෙත් නෑ...
අව්ලක් නෑ විකුන්නාම පාටියක් දෙයිනේ කියලා අපි අපේ බයික් එකේ ගිහින් ගෙනත් දුන්නා. 

අර ආපු එකා දැන් ආයෙත් කික් එකට ඔටිටු වෙලා 100 විතර ගහලා දුම දාගෙන උන් ගියා...

දැන් නන්දෙට සිරාවටම දුකයි මොන දර වැට වූනත් පයින් හරි තල්ලු කරන් යන්න එකක් තිබුනනෙ තනිවට. අපි දෙන්නත් පාටියට සෙටමොල් වෙලා ඉන්නවා.... 
මූ කිවිවා චුටිටක් බයික් එක දියන්කො කදුරුවෙලට ගිහින් පටස් ගාලා එන්නං කියලා...
අපේ එක ඌට දීලා දැන් මමයි කොටියයි පයින් කොටියලාගෙ ගෙදර ගියා අර නසරානියා ගල් තඩියක් උස්සන් එයි කියන සිහියෙන්..... 

මූ මෙන්න පැයකට විතර පස්සෙ ආවා...  සාක්කූවට අත දැමිමා....  ගත්තා එලියට හම්පඩ ගැහිචිච ඇන් 70 එකක් අපි දෙන්නාට ඉතින්  මලේ මල් 
"කෝ ගල් බෝතලේ....??"
"ගල් ගන්න සල්ල ඉතුරු උණෙ නෑ බං..." 
"දීපන් හුත් පෙට්ටෝල් ½ සල්ලි.."
" පිස්සුද බන් අම්මටත් 2000 ණයයි..." 

මෙ ගල් වැද්දා බයික් එක 12500 දීලා අතිනුත් 2000ක් දාලා  14500 කට N70ක් අරන්   

දවස් දෙක තූනකට පස්සේ අපේ ගෙදර එනවා මල්ලිගේ පුටාර් එකේ දාඩිය දා ගෙන දිව එලියට දාගෙන.... මොකද බන් මෙ හදිසියෙ ඇහුවම පෝන් එකට පොටෝ දාලා දියන්ලු.... කිලො මිටර තුනහමාරක් පැදලා රූප දා ගන්න...
නෙදකිං


Read more »

5.29.2012

අබුද්ධස්ස කාලේ........


තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි...

"තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා උපකාරයක් කරන්න...!"

 යාචකයෙකු මෙන් එම වචන වල කිසිදු බයාදු හඩක් නොතුබුණි එසේම සාධාරණ ඉල්ලීමක් බැවින් මම වහා මගේ පසුම්බියට එබුණෙමි... රුපියල් 100 කොල 4කට අමතරව එහි ඇත්තේ තව එක් 10 කොළයක් පමණි.. රුපියල් 10 අතට ගෙන උන්වහන්සේ දෙස බලන විට ඇතැමෙක් 10, 20 කොළ පරිත්‍යාග කරනු දුටු අතර ඇතමෙක් කිසිත් නොදී අහක බලා ගත්තෝය.. 
"මෙහෙමත් පිරිහුණු සමාජයක්... ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් උදව් කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවන හැටි..." 
මාද රුපියල් දහයක් දික් කිරීමට සැරුසී සිටීම ගැන මටම ලජ්ජා සිතුණි.. කදුරුවෙල සිට කොළඹට යාමට රු250ක් අවශ්‍ය වේ. උන්වහන්සේද මාතර යා යුත්තේ කොළඹ හරහා බැවින් මම උන්වහන්සේ කොළඹට රුගෙන යන්නට සිතුවෙමි... නමුත් දෙදෙනා සඳහාම රු 500 තිබිය යුතුය.
"ඉතිරි රුපියල් 100 මම කෙනෙකුගෙන් ණය වෙමි. නැතහොත් කොන්දොස්තර මහතාට කාරණය පහදා දෙමි.."යි සිතමින් රුපියල් 10 අතේ මිටමොලවා ගත් මා උන්වහන්සේ දෙස හැරී 

"හාමුදුරුවනේ කොහාටද වඩින්නෙ.."
"මම පුතා මාතර වලස්මුල්ලට යන්න ඔනේ..."
"ආහ් හාමුදුරුවො වාඩිවෙන්න මම ටිකට් එකක් අරගන්නම් කොළඹට..."
"බෑ පුතා ඊළගට එන මාතර බස් එක මේකට කලින් යනවනේ.. මම බැලුවෙ ඒකෙ යන්න.."
"කාගෙන්වත් ඉල්ලන්නෙ මොකටද යංකො කොළඹට මම මාතර බස් එකකට ත් දාලා ටිකට් එකක් අරන් දෙන්නම්...පොඩ්ඩක් පරක්කු වුනදෙන්"

 කොළඹින් බෝඩිමේ එකෙක් ලවා සල්ලි ටිකක් ගෙන්වා ගැනීමට හැකි වෙතැයි සිතා එසේ කීවෙමි.. බෝඩිමේ ඉන්න 'ගොයියා' බෙල්ල කඩාගෙන හෝ මේ වැඩේට සල්ලි හොයා ගන්න බම දනිමි

"ඒත් හරි තමා... හරි එහෙනම් පුතා මම එන්නම්කො..."

 කියා උන් වහන්සේ බසයෙන් බැසගෙන වහා වහා සෙනග අතරින් නොපෙනී ගියහ... 

"කොහොමද වැඩේ..."
"නියමයි කරපු වැඩේ..."
 බසයේ උන් මාදෙස සිනහවෙමින් බලමින් දොඩමළුවෙති... 
"උන් තමා දවසකටවත් මිනිස්සු..."
"මෙයා උදේ ඉදන් ඔය වැඩේ කලේ අපි දැක්කනේ....."
"හාමුදුරුවොත් ෂුවර් නෑ මේ කාලේ..."
 එක එකා කියව ගනිති.... මම නිරායාසයෙන් බස් එක තුල වීරයෙකු වූයෙමි.. මට කාරණය පැහැදිළිවීමට සුළුවෙලාක් ගත විය... රුපියල් 10 පසුම්බියට ඔබා මම වීදුරුවට හේත්තු වී දෑස් පියා ගතිමි

Read more »

5.10.2012

අත්හිටවීම....

වියුණු තරු අතර 
නොවන  රන් සළු
විසුරුනද  දෙතොලට  හොරා
රිදුන හිස තුරු  මඩල සනසන 
සුසුම් වැල නොමළ......
මා සිත පුරා.....
මුල්ම දින නුඹ හා බැඳුන..
එදා සිට මේ අද පවා 
සුලඟ කිසි දින කිවේ නැත මට  
මා සෙව්වේ ඒ නුඹ තමා 
සිතට සිත එක තැන්ව ගිය කල 
සිහින රූ සිතුවම් වෙලා 
නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි 
මට මා පවා සීමා කළා
එපා මට එපා නුඹ කියා ඇත නළලේ තබා 
දින ගණන්  මා නුඹ නැතිව..
වෙන අයවලුන් හා නුඹ ගියා
කාලයට වැඩි වන අගය 
නුඹට වන බර වැඩි නිසා 
පමා වෙන්නෙමි මම නොයෙන්නම.
හදට මා අසුවන තුරා........................
සිටින් හැර මා අසලට වෙලා නොයන් සිත සුවපත් කරන්
අසුරු සැනෙකින් එමි ලඟට මා හේතුවක් හිස තුල තබන්

Read more »

Followers