12.22.2011

ඇත්තම කියනවනං... 1 (යාපනයට කරගැසීම)

'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....



කලින් දාපු යාල් කවි දෙක සමහරුන්ට තේරිලා නෑ... 

මලට විල මට වල

යාපනය පායනය සහ හමුවීම

යාල්පානම් යද්දි පිළුව කාන්සිය මකාගන්න කියපුවා.... ඒකට වස්තුබීජෙ වෙච්ච කතා වස්තුව අහනවද...


ඇත්තම කියනවනන් මම ස්ලිට් යන කාලේ ගමේ පංසලෙන් පොඩි චාරිකවක් ගියා දවස් 3 විතර ඔය කියන යාපනේට... ලොකු හාමුදුරුවෝ මාත් එක්ක හෙන ෆිට්, ගමටම වැදගත් කොල්ලන්ට මායි තව දෙන්නයි හිටියේ. වුනාට ලොකු හාමුදුරුවන්ගේ කම්පීතරේට ඇක්ස් පී[xp] දාන්නේ මමනේ..! ඒක නිසා මම පොර.ඉතින් මටත් එන්න කිව්වා යාපනේ යන්න මම බෑ කිය කිය ඉඳලා යාලුවෝ ටික එනවා කිව්ව හින්දා කුකුලත් වඩාගෙන මම පන්සලට ආවා.

තමා හිසට තම අතමය හෙවනැල්ල මට මතක් උනා... ඔක්කොම මට ඇරලා...!! මම හාවා වුනා. ගෙදරට කිව්වේ දවස් තුනකින් එනවා කියලා. හිත හදාගෙන දර ටික එහෙම බස් එකට පටවලා බස් එකට නැග්ගා...අපරාදේ කියන්න බෑ ලස්සණ අත්තම්මලා ටික තරුණ කලේ ලස්සනට ඉන්න ඇති.මට මගේ එන්න හිටපු යාලුවන්ගේ ගෙවල් වල කට්ටිය මතක් උනා ආදරේ වැඩිකමට
අපේ සමාජයේ වර්ගීකරනයෙන් නොවැදගත් යැයි සම්මත ත්රීවීල් කාරයො [මල ගෙදරකට පන්සලේ වැඩකට විතරයි මේ අය වැදගත්, නිදහස්ම ජීවිතයක උරුමකාරයො කියන්න උන්වත් දන්නේ නෑ]හතර පස් දෙනෙක් මේකෙ හිටියා මම උන් එක්ක සෙට්වෙලා මාවා කියන පුවක් සහ පප්පා කියන බුලත් විට කමින් පැයක ගමනිකින් සුපුරුදු ඉස්සරහා ෆුට් බෝර්ඩ් එකට ස්ම්ප්රාප්ත උනා.

එතන හිටියා මගේ ක්රමයට අඳින, බුලත් විට කන සිගරට්ටුව උරන[පස්සෙ දන්නේ] කොටින්ම එල කොල්ලෙක්... පොරත් එක්ක චැටක් දාගෙන උගේ අච්චිගෙ සීයගෙ විස්තර ටික අහගෙන අපි යනවා. ඔය කැකිරාව හන්දියෙදි විතර මම නැග්ගා උඩට වතුර බොන්න. ආච්ච්ගේ අම්මට සිරි වෙන්න අපේ භාෂාවෙන් කියනවනන් එල කෑල්ලක් [මට හිතුන විදිය මොකද .......], මම දැන් ඒක දිහා බලන් ඉන්නවා බල්ලා ගොටුකොල කන්න බලනවා වගේ. මගේ ඇස් දෙක විතරයි අනික් ඔක්කොම හිටලා වතුර තිබහත් නැති වුනා.කෙල්ල මගේ දිහා බලලා විලි ලැජ්ජාවට බිම බලගත්තා හිනාවෙලා.... අනේ මුලු බස් එකම පිටි පස්සේ ඉඳන් මගේ දිහා බලාගෙන ලොකු හාමුදුරුවෝ විතරක් අහක බලාගෙන ඉන්න ඇති කියල හිත හදාගෙන මම අහක බලාගෙන හොරෙන් බල  බලා හිටගෙනම ත‍්‍රිකුනාමලයටම ආවා.

බත් ජුන්ඩකුත් කාලා අලුත් පොරත් එක්ක සිගරට්ටුවකුත් හොරෙන් පරන ළිඳක් ගාවට වෙලා බොන ගමන් පරන කෑලී ගැන විස්තර එහෙමත් කියලා අපි කරපු බලු වැඩ ගැන කතා කරනවා.... ඇත්තට එක ජාතියේ බල්ලො දෙන්නෙක් සෙට් උනාම පන්සලක් පල්ලියක් ගැන කතා කරන් නෑනේ. සිගරැට්ටුව ඉවරවෙලා නැගිට්ටම කහ පාට බොර්ඩ් වගයක් දැක්කා"අන්තරාවයි බිම් බෝම්බ වලලා ඇතබිම් බෝම් අයින් කරපු සීමාව වෙනම ලකුනු කරලා. අනේ කඩවර නැන්දේ අපි යන්නෙ කොහොමද ආපු පාර මතකත් නෑ අරක සීතල වෙලා දැන් ඉතින් මොනා කරන්නද තව සිගරට්ටුවක් බීලම යන් දැන් ඉතින් උන්නත් මලත් දෙකම දෙකයිනේ.


"උඹ හොඳට සිගරට් ගහනවා නේද"  
"ඔව් මචං හිටියා කියලා ජනාදිපති වෙන්ඩද...?"
මම පොර ටෝක් එකකුත්දුන්නා. ඇස් දෙක පියාගෙන දෙයියනේ කියලා දෙන්නම ආපදාවක් නැතිව ආවා.
කොහොම හරි කෙල්ල පේන ඇන්ගල් එකක් කකුල් දෙකට අරගෙන යාපනේටම අවා. රෑ වෙලානේ මායි අරුයි අර කොල්ලො ටිකයි යාපනේ ටවුන් එකට ගිහින් වැදගත් තැනක මුල් තැන වන 'ගල්' අරන් ආවා බස් එකට ගහන්න.. අරුයි මායි දෙන්නා හොඳට බීලා  වල් පල් කියනවා බඩු පිටම මම ඇහුවා


"කවුද බන් අර ඉස්සරහා හිටිය කෑල්ල.....?"
"ඒ මගේ නංගී මචං....."
"මොකද්ද මට ඇහුන් නෑ...?"
"ඒ අපේ අම්මයි නංගීයි..."


මගේ කන් දෙකට මී පැණි දැම්මා වගේ උනු කරපු.... යකෝ පැය දහයක් බස් එකේ එකට අවා මේ එළුවට කියන්න තිබ්බනේ මගේ අම්මයි නංගීත් අවා මචන් කියලා . එහෙනම් මම ඌව ආස්සරේ කරන්නේ නෑනේ වැඩිය. අම්මපා මටමයි වෙන්නේ, මං ගැන දැනගත්තා ඕනෑවට වැඩී.... මට හිතෙනකොට පරක්කුයි කියලා මට පස්සේ හිතුනා.
මේ වගේ දෙවල් නරකයාට සහ මට පොදු සංදිස්ථාන මන් හිතන්නේ 198* ගනන් වල අම්මලා බය වෙලානේ හිටියේ අපි ඉපදෙන්න ඉන්නකොට JVP කේස් නේ ඒක නිසා අපිට වෙන්නෙම බය,ලැජ්ජා සහ ලැජ්ජා බය ඇති හෝ ලැජ්ජා නැති වැඩ.

පහුවදා නාගදීපේ යනවා රස්නේ වැඩිකමට ටී ෂර්ට් කෑල්ලයි ෂොර්ටයි... යටට නෑ.පෝලිම අහස උසට. කොහොමහරි මම දැන් අරූව මග ඇරියා... අයිය්ත් එක්ක නංගි පස්සේ යන්න බෑනේ. මම දැන් පොලිමේ යනවා කෙල්ල පස්සේ කොහොමහරි මගේ ඉස්සරහට වෙන කෙල්ලෝ වගයක්.... මගේ එක සාක්කුවක කැමරාව අනිකේ පසුම්බිය.... දෙකම පරිස්සම් කර ගන්න ඔනේනේ මම සාක්කුවට අත් දෙක දගෙන තමා යන්නේ 
ටික වෙලවකින් ඉස්සරහා හිටිය කෙල්ලෙක් මට රවනවා.... මාත් රැවුවා උන්ට පුලුවන් නන් මටත් පුලුවන්නේ... වෙන කෙල්ලෙකුත් රැවුවා මට නිකන් ඉවට වගේ දැනුනා. සෙරප්පු පාරක් කුඩ පාරක් නැත්නම් කම්මුල් පාරක් බැටන් පොලු පාරක් වගේ දෙයක් මම පොඩ්ඩක් අවධානය යොමු කරා කෙල්ලන්ගේ නිතඹ ප්රාදේශික ප්රදේශයට.... අනේ අම්මපා..!!! පස්සේ හිටපු කවුරු හරි මේ කෙල්ලන්ගේ පස්ස මිරිකනවා.  
කාට උනත් රිදෙනවනේ නේද..... දකින එව්න්ට පෙන්නේ මම වගේ.. මගේ අත් දෙක යටනේ, විහුලුවට වෙන්න ඇති...! මම මල පැනපු ආකරයට පිටිපස්ස බැලුවා.... 
බලපුවම කොල්ලො පහක් විතර හිටියා... එතන හිටියනම් මට පස් දෙනාටම ගහන්න වෙනවා... තනියම පහකට ගහන එක හරි නෑනේ, නැත්නම් අර කෙල්ලන්ගෙන් ගුටි කන්න වෙනවා දෙකම මගේ වැදත් කමට හරි නෑනේ අර කෙල්ලත් ඉන්නවනේ . ඒක නිසා නාග දීපේ කැතයි කියලා හිතගෙන පොලිමෙන් අයින් වෙලා කොමඩු කෑල්ලක් කාල හිත හදා  ගත්තා.

 නාගදීපේ ගිහින් එන්න දවසම යනවලු. දැන් ඉතින් කලපුවට බැහලා බෙල්ලො අහුලනවා කියලා හිතාගෙන ආපහු එන්න පාරෙන් නැතිව පොඩ්ඩක් එහාට වෙන්න කැලෙන් එන ගමන් නිකමට බිම බැලුවා. ෂැහ් ලස්සන බලු පැටව් පාට පාට, එක එක සයිස්, ෂුවර් එකටම දෙ_ _ මිනිස්සුන්ගේ වැඩ සිංහල අය කවදාවත් එහෙම කරන් නෑ කියලා මම දන්නේ නෑනේ...!! එහෙම හිතාගෙන බස් රථයේ ඩයිවර් අයියා එක්ක තල් රා පොඩ්ඩක් බීලා බස් එක එහා පැත්තේ නිදා ගත්තා
නැගිටින කොට ඔලුව ගාව අලි ගොම් බෙට්ටක් නිදියනකොට තිබුන් නෑ ඒක. හරකාගේ ^%$#@@@ ..... මිනිස්සු ඕන තරම් හැමතැනම නිදි ඕන තරම් ඉඩ තියනවා වෙන තැනකට හරි වෙන මිනිහෙක් ගාවට හරි උට යන්න තිබුනනේ...අඩු ගානේ මගේ කකුල් දෙක ගාව දාන්න තිබුනනේ...බ්රෑන්ඩ්නිව් උනු උනු භාන්ඩේ... ස්ප්රේ එක නම් සුවර් එකටම වදින්න ඇති

Read more »

Followers