1.17.2012

අන්තිම පෝලිම |||||



අන්තිම පේලිය  කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ.ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න....
අන්තිම පෝලිමට එක ඩෙස් එකයි.. 

මම දැන් අලුතෙන් ආපු එවුන් හොයනවා රැග් කොරන්න. එතකොට මම දැක්ක අදුරන පරණ වානර  මුණක්. අම්මේ නරකයා නේද මේ ඉබ්බා ගලේ ගැහුවා වගේ ආය මොකටද අලුත් එවුන් ආතල් ගන්න.
වරෙන් වරෙන් ඩෙස් කැල්ලක් අරන් අන්තිම පේලියට. දැන් දෙකයි. අපි දෙන්නා අපේ පාඩුවේ සින්දුවක් එහෙම කියාගෙන ඉන්නකොට බෙර ගහන්න ආවා මලා කියලා එකෙක් . ඌ එහා පැත්තේ මැද හිටපු එකෙක් ඌ උගේ ඩෙස් කෑල්ලත් අරන් ආවා අන්තිම පේලියට. ඔන්න දැන් තුනයි පන්තිය ලස්සනයි හැඩයි.
ඔන්න ඔහොම ටික දවසක් යනකොට ..........
සුදු උස තඩි  එකෙක් ඉන්නවා උගේ නම පන්තියේ පළවෙනියා....
ඌ ඇවිත් අපෙන් අහනවා අඩේ මමත් එන්නද අන්තිම පෝලිමට අරුන් එක්ක ඉන්න බෑ බන්....... අපිට මොකෝ බන් වරෙන් කුකුළා මොනවා කියයිද කියලා අපි දන් නෑ කියලා අපි කිව්වා.
ඒ කාලේ අන්තිම පෝලිමේ ඇඩ්ඩින් ලා අපිනේ. ඔය කුකුළා කියන්නේ පන්තිබාර ගුරුතුමා. ඌ අව්ලක් නෑ කියලා මේකත් ඩෙස් කට්ට අරන් අවා. දැන් අන්තිම පෝලිම ලස්සනයි හැඩයි...
පන්තිය කැතම කැතයි  කුකුළා ඇවිත් බලලා බැනලා වැඩක් නැති නිසා ගියා . අපි දැන් හොදින් සින්දුවක් එහෙම කියාගෙන ලස්සනට අන්තිම පෝලිමට වෙලා බුල ගහනවා.
තව කැස්වටුවෙක් හිටියා උගේ නම  නන්දේ   උට ඒ කාලේ තිබුනේ දුඹුරු පට යට කලිසමක් විතරයි. උව පන්තියේ නිරුවත් කරලම අපිට ඒක මීටර් වෙලා තිබුනේ. අපි ඒක උගෙන් අහපුවම ඌ කිව්වේ උට දුඹුරු පාට ඒවම හයක් තියනවා කියලා. ඒ හැම එකකම එකම තැන නිල පාට පෑන් ඉරකුත් තිබුනා.
එක දවසක් ඔය එකට+කොරපු ගණන් උගන්නන සෑර් සැහෙන්න ට්‍රයි කරනවා අපිට ගණන් කියලා දෙන්න කොහෙද අපි අහු වෙන් නෑනේ ඔව්වට. අපි අන්තිම පෝලිමේ සෙට් ඒක බොරු කිය කිය ඉන්නවා.
පන්තියේ පළවෙනියා එකපාරට කිව්වා මචන් මම ප_යක් අරිනවා උඹලා නන්දේ කියලා කෑ ගහපන්....... අපිටත් මොකද අපිත් ආය එක කකුලෙන් වැඩේට සෙට්.
මෙන්න මේක හිතා ගන්න බැරි සද්දෙකින් පරාස් ගලා ඇරියා නේද හුලන්. මායි නරකයයි මලායි කෑ ගැහුවා.... න..න්දේ.........

නන්දයා නිකන් ගස්ලබු කාපු වල් ඌරා වගේ ...... උට හිතා ගන්නවත් බෑ මොකද උනේ කියලා ...
ඌ හැරුනා අන්තිම පෝලිම පැත්තට ....
අනේ මචන් මම නෙමේ .......
සර් උගන්නන එක නවත්වලා බලන් ඉන්නවා අපි දිහා ...... අපි බඩවල් අල්ලන් හිනා වෙනවා....  නන්දයාගේ උණ්ඩුක පුච්චියේ සද්දේ ඇහෙනවා එහා පන්තියට දිඩි දිඩි ගානවා අපිත් එක්ක තියන තරහට.. උගේ කට නිකන් අහවල් එක වගේ වෙලා ළඟ පාත පන්ති වල සමහර කොල්ලොත් බලාගෙන සීන් එක විලි ලජ්ජාවට සන්තෝසේ උහුලගන්න බෑ......
සර් හිනා උනා නිකන් මාමයිට් කාපු පොඩි එකා වගේ .........

ඕවා ඉතින් ළමයින්ට වෙන දේවල්නේ .......................................................

සත්‍ය සිදුවීමකි අපේ පන්තිය ගැන සුපිරි කෙටිල්ලක් නරකයා කොටා තිබුනාය .....
මම ලෝකයා ය ........


Read more »

1.12.2012

සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක)

පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. 

"ස් ස්... අයියා..!! කොහෙද යන්නෙ...??" 
කවුදො අස්සෙන් පොඩි සද්දයක් දැම්මා... හප්පට මේ ජුන්නො සෙට් එකක් නෙ... මම නං මෙ මගේ තියෙන කඩප්පුලි කමට යන එන මං නැතුව ඉන්නෙ..
"තොපි බිලාද..ආතල් එකට වගේ මම පොඩි සැරයක් දැම්මා... "
"නෑ අයියා... මෙතන වාඩිවෙන්න හිටගෙන ඉන්න අමාරුනේ.. ??"
ඇත්තනේ... මටහිටගෙන ඉන්න අමාරුයි නේන්නං 

"ඉතිං ඇත්තට කොහෙද යන්නෙ..." 
උන් මට විස්තරෙ කියුවා පවු වැඩේ වෙලා තියෙන්නෙ... එතකොටම වගේ පොලිසීයෙන් එතෙන්ට ආවා 

 "මොකො මෙතන තමුන්ලා .." 
"බස් එකක් එනකං ඉන්නවා.. "
"කොහෙට යන්නද.. ?"
"යාළුවෙකුගෙ බෝඩිමකට... !"
"කොහෙ ඉඳලද මෙතෙන්ට ආවෙ..??"
"යාළුවෙක්ගෙ බෝඩිමක ඉඳන්..." 
"මේ මහා රෑ මොකො .. ??"
"ඒ බෝඩිමේ අයිති කාරයා අපි ඉන්නවට කැමති නෑ... අපිට යන්න කියුවා.. "
"කොහෙද එච්චර කල් හිටියෙ එතකොට.. ??"
"හොස්ටල් එකේ හිටියේ... මහ එකා ඒකෙන් අපිව එලෙව්වා.. බෝඩිංවල ඉන්න සල්ලි තිබ්බනං හොස්ටල් එකේ ලගින්නේ නෑනෙ දැං ඉන්න තැනක් නෑ.. හෙට ලෙක්චර් එකට යන්න කලින් ඇලට් එකක් දාගන්න තැනක් හොයා ගන්න ඔ්නෙ, 
අයියේ පොලිස් කූඩුවෙ ඉඩ නැද්ද... ?"

වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවං නේද.......

එක පැතිකඩක් විතරයි... සමහර විට උන් පාළම යට නිදියන්නත් ඇති.. උං ජෙප්පො වත් කලහාකාරි එව්න් වත් නෙවෙ.. හැබැයි පොදුවෙ පළිගැනිමට ලක් වෙච්චි එවුන් ටිකක්

Read more »

1.09.2012

මධ්‍යම බස් නැවතුම්පොළ

කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු  මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි. 

පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා පොත් සාප්පුවක් එහි ඇති බවට වූ හෝඩුවාවක් අනුවය. නමුත් එහි එවැනි ව්‍යාපාර තිබෙනවාදැයි වූ සැකය මත, විමසීම් කුටියෙන් විමසනු ලදුව එක් ගොඩනැගිල්ලක දෙවන මහල කරා අපව යොමු කළේය. මකුළු දැල් බැඳී දුර්වර්ණව අභාවය පත්වන ගොඩනැගිල්ලක අපි තරප්පු පෙළ නගින්නට වීමු. ක‍්‍රමයෙන් ඉතා කළුවර පුස් ගන්දය උත්සන්න වෙද්දී ඉතාමත් අඳුරු කොරිඩොවකට පිවිසීමු. 

එහි පරිසරය චිත‍්‍රපටයක එන මැර තිත්පොලක් සිහි ගැන්වූ අතර තැන් තැන් වල එක් දෙන්නා බැගින් වූ මිනිසුන් ලැගුම් ගෙන සිටි අතර අයෙක් දුම් උරයි. අයෙක් උඩුකය නිරුවත්වය මේ අතර අඳුරු මුල්ලකින් පත්තු වූ ගිණිපුළිගුවකින් එහි තුන්දෙනෙකු එක්ව ගන්ජා සුරුට්ටුවක් අදිම්න සිටිනු පෙණුනි. එම පුළිගුව නොවන්නට එම ස්ථානය නොපෙනෙන තරමට හාත්පස කලුවර පරිසරයකි යහළුවාගෙ මුවින් එකවරම පිටවූයේ, "මෙතනට කොහොමද බං කෙල්ලෙක් එන්නෙ" යන වචන කීපයයි. 

අප දෙස අනවශ්‍යය තැනකට ආ අනවශ්‍යය පුද්ගලයන් දෙස බලන අමුතු බැල්මකින් බලා සිටින අමුතු මිනිසුන් මග හැර අප එතනින පිටවන්නට තීරණය කලෙමු. වෙලාව දහවල් එකට පමණ ය අප පිරිමි දෙදෙනෙකු වශයෙන් මුදල් පසුම්බිය ගැන බියට පත් කරන්නට වූ එම පරිසරය කාන්තාවකටනම් කෙසේවත් ඔරොත්තු නොදෙන්නකි.

ඩෙංගු වාහකයින්ට හිතකර පරිසරයක් පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වනවා වුවත් මෙවැනි සමාජ විරෝධි ක‍්‍රියාවලට හිතකර පරිසර ගැන සොයා නොබැලීම කණගාටුවකි පොලිස් නිළධාරින් යොදවා මුරකරනවාට වඩා නිසි නඩත්තුවක් ඇතුව පවත්වාගෙන යාම වඩා ප‍්‍රායෝගක වන්නේය. මෙවැනි පරිසරයක හවස 8 -10 න් පසුව කාලය මගීන්ට හිතකර නොවෙ. අප වැන්නවුන්ට නම් නැවතත් එහි නොයා සිටිය හැක එහෙත් මෙසේ රජයේ සම්පත් අවභාවිතයට පත්වීම දුකකි..

Read more »

1.07.2012

හොඳට නරකට පැටැලෙන කට


කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ.. 

මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. කෙල්ලො කොල්ලන්ගේ කටවල් පැටලීම් නොව දිව පැටළී වචන නිරායාසයෙන් දොට්ට පැනීම පිළිබඳවය... 



11 වසරෙදි මගේ හිතේ හිටපු කෙල්ලව සෙමිනා එකේ පස්සෙන් ගිහින් අම්මට මාට්ටු වෙනකං මනො පාර අපූරුවට වැඩ කලේය.. 
දවසක එකෙක් මට ඉතා රසවත් වූ ආරංචියක් රෑගෙන ආ අතර උපදෙස් අනුව වැඩ කල හැකිනම් අනාගත සහකාරියව හීනෙන් පෙනේ යැයි පවසා ඌ වාශ්ප විය... 
සිද්ධියනම් තරු 108ක් ගණන් කර කතා නොකර නිදා ගැනීමය.

මම ඔවැනි දැ විස්වාශ නොකලත්  රෑ  පින්නේ.. උඩ බලාන බෙල්ලෙ පොට පනිනකං අහසේ තරු ගණන් කලෙමි... වැරදුණු විට නැවත මුලසිට ගැනිය යුතුය නොඑසේ නම වෙන කෙල්ලෙකක් පෙනෙන්නට ඉඩ ඇත... තරු ගණින තාක් "අනේ අරකිවම දැකපන්..!! ඒකිවම දැකපන්..." මටම කියාගනිමින් තරු ගැන්නා වුවද ඉන් පසුව කතා නොකර නිදා ගැනීම රියල් ගේමයි... 
කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළු වී.. කාමරයට රිංගා ගත් පසුව බූලා ද කාමරයට ආවෙමුත් මා ඌ එලවීමටවත් වචන පාවිච්චි නොකලේ මහන්සිය ලිපට දැමීමට අකමැති හෙයිනි.. හෙමින් ඇඳට ගොඩවද්දීම "කාලා නිදාගන්න..."යි අම්මා මා ඇමතූවාය... මුවින් වචනයකුදු නොදොඩා අසන අතොරක් නැති ප‍්‍රශ්ණ වලට ඔලුවෙන් උත්තර දෙමින් ගොස් කෑම ටික ඉක්මනින් ගිල ඉතුරු වූ පොලොස් කෑල්ල වීසි කිරීමට සැරසෙන විට කිරි අම්මා මා ඇමතුවාය
" පුතා මාලු  විසි කරන්න එපා දෙන්න බල්ලට අනන්න...." 
"නෑ මේ පොලොස්.... "
වැඩේ හබක්ය.... දැන් ඉතින් ඇමරිකන් ෆිල්ම් එකක නිළියක් මතක්කරගෙන නිදා ගත යුතුය..

සුබාෂ් ඉඳ හිට සිගරට් ඉරුවත් වැදගත් තැනට මුල් තැන දෙයි... කොටින්ම කෙල්ල බලන්න යන්න කලින් දුම් බීවොතින් අනිවා දත් මැදීමට හේ අමතක නොකරයි එවන් දිනක කෙල්ල හා ඇතිවූ සංවාදය මෙසේය...


"ආහ්.... මොකද පරක්කු උනේ ... "
"පරණ යාලුවෙක් හම්බ උනා"

"එන්නකො උම්මා එකක් දෙන්න....."
"ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... "
"ඇයි මොකද.......??"
"සිගරට් බිව්වා නේද.......??"
"පිස්සුද මම දතුත් මැදලනේ ආවේ.........!!"




 මට මතක ආකාරයට අයියා කෙල්ලෙක් ව දාගත් බවට අම්මාට මාට්ටු වූවෙ 12 වසරෙදිය... මම ගෙදර යනකොට කේන්තියෙන් අයියාට අවවාද කරන අම්මාගේ සද්දයද... ඇය සමග ගෝරි අල්ලන අයියාගේ සද්දයද මට හොඳින් ඇසේ...
"ඇටකිච්චා වගේ ඉඳගෙන..... මගුල් විසේ ගහලා..."
"අම්මා ඉතින් මගුලක් කතා කරනවා..."
"තමුසෙ කරන වැඩ වලින් මම කොහොමද මූන දෙන්නෙ... ඔ්වා පුලුවන් පස්සෙ... දැන් විබාගේ කරලා ඉන්නවා..."
"කවුද අම්මට ඔය බොරුව කිවුවෙ..."
"කියපුඑකාගෙන් වැඩැක් නෑ මට ආපු ආරංචිය ඇත්තනේ... උස කෙල්ලෙක් එක්ක යාලුවෙලාලු තමුසේ..."
"උස නෑ..."
කතාව එතනින් ඉවර විය..



Read more »

1.04.2012

මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ...


විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ  කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපා   සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි එතන අපතයෝ ඔක්කොම... ඊලග මොහොතෙ හොඳට කාරලා තුක් ගාලා කෙළපිඩක් අත ඇරියා එතනම...ඉයැක්.. මට කෙල්ල ගැන හිතුනෙ එහෙමයි.... 


අවුවට පිච්චෙනවට බිම බලාන ඇවිදින කොට ඔන්න අනිවාර්යෙන් කෙළ තලි පෙණ පෙණ පාට පාට... දැකලා උඩ බලාන යන එක සැපයි කියලා හිතෙනවා.... මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය වෙලා නෑ... මේවා හැදෙන්න ඔනේ මොන්ටිසෝරියෙ ඉඳලම.. 
මායි ලොකයයි මෙන්ටිසෝරි ගියෙ නෑ.. හැබැයි බුද්ධිමත් දෙමවුපියන්ට පින්සිද්ධ වෙන්ට බස් ටිකට් එකේ ඉඳලා ටොපි කොලේ හරහා කෙහෙල් ලෙල්ලට එනකන් රොඩු සාක්කුවේ දාගෙන ඇවිදිනවා කුණු බක්කියක් හම්බෙන කං... අපිට එහෙම හිතුනට පාරෙ කුණුබක්කි නෑනෙ... ගෙදරට එනකන්ම බඩු සාක්කුවේ...එක්කෝ අපිත් මොන්ටිසොරි යන්ට ඔනේ... 
එකදවසක් කුණුගොඩක් අතේ ගුලි කරන් එනකොට කොල්ලුපිටියෙදි හම්බුණා එකක්...... දොහොත් මුදුන් තියලා දාපු කුණු ටික ඔක්කොම බිම සීසිකඩ..   ඒකේ අඩිය නෑ... පාර අයිනෙ කුණුබක්කි හදන්න ඔනෙ එකා කවුද... ඌව ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ...


දුර ගමනක් ගිහින් ආයෙත් කොළඹ එනකොට ජනේලෙ අයිනෙ පොඩි හුලං පාරක් වැදි වැදී නිදාගෙන එනකොට පොඩි ස්පේ‍්‍ර එකක් ආවා... නැගිටලා බලද්දි තිත් මුවෙක් වගේ.. රතු තිත් තිත්... බුලත්කෙල පාරක්.. 
"ඔය ඉස්සරහා බුලත් විට කන හරකට තේරෙන්නැද්දද අපිත් බස් එකේ ඉන්නවා කියලා..." 
මම එහෙම කියුවෙ නෑ.. ජනේලේ අයිනෙ හිටපු උන්ගෙන් මම විතරයි බුලත්විට කන්නෙ නැත්තෙ... එක්කො මමත් බුලත්විට කන්න ඔනේ..නැත්තං අර මිනිස්සු මොන්ටිසොරි යවන්න ඔ්ණෙ..


බස් එකට වයසක කෙනෙක් නැග්ගාම, ළමයෙක් වඩගත්ත.. බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් නැග්ගාම අකලට හිස් පැහිච්ච එකෙක් එකියක් මලාට ෂිට් එක දෙන්නෙ නෑ... පුක බේරෙන්ඩ ඩෙනිමක් ගහපු සක්කරවට්ටමක් හරි පුක පල්ලෙන් කලිසමක් ඇඳගත්ත රස්තියාදුකාරයෙක් දුනනොත් මිසක්...!!
 අකලට හිස් පැහිච්ච උන් ඉන්නෙ අරවගේ එවුන්ට අපවාද කියන්නයි, දැන් ළමයි හැදෙන විදිය ගැන දොස් කියන්නයි... මගෙ කරුමෙටද මන්දා මට ඔවා නිතරම දකින්න හමබෙන්නෙ.. 
පොඩිඑකාගේ ආකල්ප වර්ධනය කරන්න ඉතිං මහ එකා හැදිලා ඉන්න එපෑ... උංව ආයෙ මොන්ටි සොරි යවන්ට ඔනේ... 
පාරෙ යන විදිය දැක්කාම ආයෙත් පිස්සු හැදෙනවා..කාර් වල යන උන්ට  ත‍්‍රිවිල් පෙන්නන්ට බෑ.. බස් ඩයිවර්ට ලොරි පෙන්නන්ට බෑ.. මුං ඔක්කෝටම බස් පෙන්නන්ට බෑ... කටේ කුණුහරුපත් විදගෙන එළව කොට පාරහරහා පනිනවා සමහර හරක්.. එක්කො හරක් ටික ආයෙ මොන්ටිසොරි යවන්න ඔනේ..


 බස්හොල්ට් වල තාප්ප වල තමතමන්ගෙ මොඩකම ප‍්‍රදර්ශනය නෙකරන්න.. පොදුවැසිකිලිය පිරිසිදුව තියාගන්න ඇයි මුන්ට තෙරෙන්නෙ නැත්තෙ.. මුන්ව මොන්ටිසොරි යවන්න මම කවුද... එක්කො මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ... 

Read more »

1.02.2012

හැක්ස් ටොපිත් නෑ වික්ස් ටොපිත් නෑ...

කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ටොපියක් නැත්නම් ඌ ගාව පට්ට ගඳයැයි හිතපු එකෙකි... දවසක් වෙසක් කූඩු හදපු දවසකද කොහෙද ඉස්කොලෙ නැවතිලා හවස වැඩ කරද්දි කවුද බෝයි වුවමනාවකට කඩේ යන්න ලැස්ති වෙලා.. එක එකාට කඩේ යාම ඌ කැම්පස් ගියාට පස්සෙනං නැවතුනාලු අනේ මන්දා...  කේස් කාරයා දුවගෙන ඇවිත් මූට කියනවා 
"මචං මෙන්තෝල් සිගරට් දෙකකුයි ඉතුරු එකේ ටොපියි ගෙනෙං... "
"මොන ටොපිද ඔ්නෙ... ??"
"හැක්ස් තියෙනවනං හැක්ස් ගෙනෙං නැත්තං වික්ස් ටොපි ගෙනෙං...." 

අරූ ආපහු ඇවිත් සිගරට් එක්ක දික් කලේ සියඹලා ටොපී ය... මළ පැනපු කේස් කාරයා.. කෑ ගහනවා ඇහුණා..... 
"මොනවද බල්ලො මේ... සියඹලා ටොපී ගෙනාවේ ඇයි..."


"මචං හැකුස් නෑ විකුස් නෑ... ඔක තමයි තිබ්බෙ...!!!"


ප.ලි මෙහි හිනා යන කොටස තද කලු පැහැයෙන් ඇති කොටසය.... ඒකට හිනා යන්නෙ නැත්තං මේක පුක උඩ දාගෙන කොටපු මටවත් හිනා වෙයල්ලා ඉතිං...

Read more »

Followers