2.04.2012

නිදහස් අධ්‍යාපනය - මට හිතෙන දේ



මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. 
මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. 
ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. 
මෙම ආයතනය එක්තරා මට්ටමකට රජයේ උසස් අධ්‍යාපන ආයතනයකි. අනෙක නම් මා හැර අපේ පවුලේ සියලුම දෙනා නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලා ගත්තවුන් ය.
මාගේ නම් අදහස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය. !!
පාසල් වලට මුදල් අය කල යුතුය. !!
මෙය ගොඩක් දෙනා දකින පැත්ත මා නොදැකීමට හේතු ගණනාවක් මා හට ඇත.
නරකයා සහ මම අප හා  පරිසරය ඉගන ගත කාලයේ පටන් බිමට ලොසින්ජර කොලයක් වත් බිමට නොදැමීමට වග බලාගත්තෝය. අඩිය නොමැති කුණු බක්කි අපට හමු වී ඇත. පාසලේ බිතියේ කුණුහරුප ලියන බල්බ් වලට ගල් ගසන ළදරුවන් අනන්තවත් දැක ඇත්තෙමු. බිත්තියේ සපත්තු අඩිය තබන්නට උත්සහ කරන, පුටු ඇන්ද නමන ඩෙස් එකේ ලෑලි ගලවා වන් බවුන්ස් ගහන මී හරක් අපි දැක ඇත්තෙමු. එම සිදු වීම් කාලයේ වැරැද්ද නොව ආකල්ප සංවර්ධනයේ ප්‍රශ්නයක් බවට මා හට ඉඳුරා ප්‍රකාශ කල හැකිය.
බස් එකෙන් බිමට බුලත් කෙල ගසන, දොඩම් පොතු ටික පාරට විසික්කන, ටිපි ටිප් පැකට්ටුව චුක්කන්න කියා දෙන අම්මලා අපි දැක ඇත්තෙමු.
මා දන්නා පරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු හට මෙම ආකල්ප සංවර්ධනය අලුත් දෙයක් නොවේ. මන්ද යත් ඩෙස් බංකුවක එකක ඉරක් ඇදීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැත. මෙය මට වඩා හොඳින් වෙන අයෙකුට පැහැදිලි කල හැකි බව සිතමි. 
ජාත්‍යන්තර පාසලක ඩෙස් බංකු බිත්ති වල ලස්සන පවතිනුයේ එම ආයතන මුදල් ලබා ගන්නා නිසාම නොවේය. 
කොළඹ තියන ලොකු ඉස්කෝලෙට තුන් වෙනි ලෝකයේ කොල්ලෙකුට කෙල්ලෙකුට යාමට නොහැකිය. ඒවා බැලූ බැල්මට නිදහස් අධ්‍යාපනයට අත වනන දෙවියන් වැනිය. 
රට යන එකා මොනවා උනත් රට යනවාමය අපිට ඔහෙලාට තරහක් නැති උනත් අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට මොනවා හිතෙනවාද කියා  සිතා හිත රිදවා ගැනීමට මම අකමැතිය  .
සමහර ආයතන වල ඩෙස් බංකු බෝර්ඩ් හැම එකකම එදා සිට අද දක්වා සිටිය උන්ගේ නම් කොට ඇත. ලියා ඇත වැරැද්ද සෙවීමට මම උත්සහ නොකලෙමි. 
අතිගරු ජනාදිපති තුමා කොළඹ පාට කිරීමට උත්සහ ගත්තාට වැඩක් නැත. අපේ මිනිස්සුන්ට පැයෙන් යතා තත්වයට ගැනීමේ හැකියාව උපරිම ලෙස පවතී..
ජපානය ඔතරම් ඉක්මනට දියුණු වුවේ රටට කලින් මිනුස්සුන්ගේ හිත හදපු නිසා බව මම අසා ඇත.
ලී ක්වාන් යූ මහතා මිනුස්සුන්ගේ හිත අව්රුද්දෙන් වෙනස්  කළේය.
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුය - සැහෙන්න සල්ලියක් රටට ඉතුරු කල හැකිය. එත් වැඩේ හරියට වෙනවානම් අමාරුවෙන් අවුරුදු ගානක් ඉගෙන ගෙන උගන්වන කථිකාචාර්යවරු පාරට බසින්නේ ඇයි. මේවා ඇති කරනවානම් රජයේ විශ්ව විද්‍යාලත් උපරිම මට්ටමට ගෙන ඒමට කටයුතු නොකරන්නේ මන්ද. 
විනි විද භාවයෙන් යුතුව මේවා ඇති කරනවානම් සිසුන් විශාල ප්‍රමාණයකගේ සිහින සැබෑ කල හැකිය.
ලොකු ඉස්කෝල වලට පොඩි එකාට යන එක සිහිනයක් වැනිය. කොළොඹ තියන ලොකු ඉස්කෝල නිල නොවන මට්ටමෙන් පෞද්ගලික පාසල් බව රහසකි. 

ආකල්ප සංවර්ධනයකින් තොරව පෞද්ගලික පාසල් විශ්ව විද්‍යාල තියා මොන බම්බුව හැදුවත් වැඩක් නැත,
තියන එකට තියනවාය නැති එකට නෑමය. යන එකා කොරහත් බිදගෙන යනවාය.මා කියන්නේ 
මානසික සංවර්දනය නැති මිනිස්සුන්ට  නිදහස් අධ්‍යාපනයේ සුව දැනෙන්නේ නැත. ඔය ඉස්කෝලෙක තියන වටිනාකම දැනෙන්නේ ඕකට සල්ලි ගත්තනම්ය. 
ආකල්ප වෙනසක් නැති එකාට නිදහස් අද්‍යාපනය දිරවන්නේද නැත.

අනික නම් අපේ රටේ ඉහලම තැන් වල සිටින්නේ නීති විද්‍යාව කරපු වුන්ය. නැත්නම් කලා උපාදියක් තියන අමාරුවෙන් පරිපාලන විභාග පාස් වෙච්ච එවුන්ය. 
ඉංජිනේරු අංශයේ ලොක්කා නීතිය ඉගෙන ගත්ත එකෙක් නම් වෛද්‍ය අංශයේ ලොක්කා කලා කරපු එකේ නම් ...................කියන්න දෙයක් නෑනේ
ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් පරිපාලනයට ගෑවෙන්න පවා අකමැතිය.
ජාතික ලැයිස්තුව තියෙන්නේ මොන මගුලටද කියා සිතෙන්නේ මේ වෙලාවටය ... දැන් ජාතික ලැයිස්තුවෙන් යන්නේ මිනිස්සු චන්දෙ දෙන නැති එවුන් ඔබා ගන්නටය
ඉතින් අපේ රටට දළදා හිමි සරණම තමා ... 
තව ඉස්කෝල ටිකෙනුත් සල්ලි අරන් විශ්ව විද්‍යාල ටිකෙනුත් සල්ලි අරන් ඕන මගුලක් කොර ගන්න කියලා ඉගන ගත්ත මිනිස්සු ටික වෙන රටකට ගියා නම් හරියටම හරි...
දැන් මට බැනපල්ලා ................

Read more »

2.02.2012

හෙට දවස (අමතක)

මුරුගසං වැසි මැද.. 
තනිවූ වවුලුව.. 
මාන කබායට සැගව 
කපුටු උන් කෙළි බලා 
ගිණිගත් හිරුයෙන් දැන ගනිවු. 
තෙපි රැවටිලා 
උං රංචු එනතාක් 
තනි රැක තනිවෙලා 
හැඩුම් සද්දෙට පාර හොයාපන්.. 
තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා







මාන කබාය=උපාධි කෝට් එක

Read more »

1.31.2012

පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න)



මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... 
එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . 
අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...
උස අඩි හතරයි දසම පහයි 
හරහට උස අඩි එකයි 
ජාත්‍යන්තර මට්ටමේ කටකට උරුම කන් කියනවා  . 
මේ තෝරා ගත් කිහිපයක් අනික්වා වෙනම කොටන්න ඕනේ මාතෘකාවකුත් දාලා 
1-දවසක් කාමරේට වෙලා හොරෙන් දුමක් දදා ජනේලෙන් එලියට අළු කඩ කඩ ඉද්දි තාත්තා එහා පැත්තෙන්  ඇවිත් සිගරට්ටුව පැහැර ගෙන ගිහිල්ලා. 
2-වෙඩිමකට ගිහිල්ලා කරටි කැඩෙන්න ගහලා බත් එකක් බෙදන් ඇවිත් වැනි වැනි ඇවිත් වාඩි වෙලා එහා පැත්ත බලනකොට ඉස්කෝලේ විදුහල්පති තුමත් එහා පැත්තේ පුටුවේ බත් එකක් කනවලු. 
3-රෙද්දක් ගන්න කඩවල් වලට ගියාම යන්නේ පොඩි එව්න්ගේ රෙදි තියන කෑල්ලට ..............මොකද ඌට පිරිමි ඇදුන් තියන කෑල්ලේ මුගේ සයිස් නෑ. 
4-දවසක්  තඩි ගලක් මාරි පෙට්ටියකින් වහලා පන්තිය ඉස්සරහින් තියලා වයිසා එනකොට.... පොරත් ඉතින් ඔය පෙට්ටියට පයින් ගහලා .... 
පෙට්ටි වලට පයින් ගහන එකෙක් ඉන්නවනම් ඒ අපේ වයිසම තමා ඉතුරු ටික කියන්න ඕනේ නෑ නේ ................. 
පොරගේ මුණ නිකන් බියර් බීපු වල් හාවෙක් වගේ ... 


වයිසා ට අපි ආදරේට කතා කරේ 'කනකය' කියලා..  
ඔය වගේ කේස් හින්දා පොරට අපේ පන්තිය දකිනවා  කියන්නේ 'බල්ලට සම්බෝලයි බතුයි..'  වගේ තමා අපේ වැරද්දක් අහු වෙනකන් හිටියේ..කාබනික රසායනය වගේ පාඩමක් කොරන්න 
කොහොම හරි දවසක් අපේ පන්තිය ඉස්සරහින් උප විදුහල් පති තුමෙක් යනකොට  පට්ටලයා,  පොරට කනකයා කියලා .... කියපු කෙනා හොයා ගන්න බැරි නිසා පන්තියටම කෝටු පාරවල් දෙක බැගින් දීල ගියා. 
අපේ ඉස්කෝලේ හිටපු ඉංගිරිසී මැඩම් හොඳට කනට පෙන්න හිටියා.. අපිත් කොහේ ගියත් ඉංගිරීසි ඉගන ගන්න පන්තියට එනවා. මැඩම් එන්න පරක්කු උනොත් හොයාගෙන එන්නත් යනවා... පට්ටලයා කැමරාවක් හොයන් ඇවිත් මැඩම් ගේ ෆොටෝ ගහලා අනවසරයෙන්... 
මැඩම් ට හොඳටම තරහා ගිහිල්ලා ගිහින් කියලා කනකයාට පොර හෝ ගාලා කැමරාව හොයනවා .. කොහේ හොයන්නද ... බැරිම තැන මූ පන්තියටම පිනාගේ කාර්යාලෙට යන තැන දන ගහන්න කියලා ....අපි දෙන්නා බනිස් ගෙඩියක් එහෙම කාලා වැඩි කලබලයක් නැතිව හෙමීට ඉස්කෝලෙට යනකොට මෙන්න කොල්ලෝ ටික දනගහගෙන පෝලිමට ඉන්නවා. අපි දෙන්න හෙමීට යන්න යනකොට  මුන් කෑ ගහනවා 
"සර් මෙන්න මුන් දෙන්නත් අපේ පන්තියේ.." කියලා .....
අපි ඉතින් කියන්න ගියේ නෑ අපි මේ එන ගමන් කියලා හරි නෑ නේ .....අපි දෙන්න මෙලෝ දෙයක් දැන් නෑනේ .. අපිට හෙන කේස් එක 
"තොපි දෙන්න උදේ කොහෙද හිටියේ " 
"පුස්තකාලේ සර් ...."
"බොරු කියන්න එපා යකෝ අද පුස්තකාලේ වහලා ..." (යකෝ කියපුවාම කලබල වෙන්න කාරි නෑ ඔහොම තමා මළ පැන්නාම)
අපි කොහොමද ඕවා දන්නේ අපිට දිවැස් නෑනේ .... 
"ඒක තමා සර් වහලා අරිනකන් බලන් හිටියා ටිකක් වෙලා.. අරින් නැති හින්දා මේ එන ගමන් ........"
"දන ගහපියව් මෙතන ..... " විලි ලැජ්ජාව අනිත් පන්තිවල එවුන් අපිට හිනා වෙනවා හැබැයි කටින් නෙමේ ...
කොහොම කොහොමහරි ලැජ්ජාව ඉවසා ගන්න බැරිම තැන නැගිට්ටා ඔක්කොම .... 
"මොකද තොපි නැගිට්ටේ..."
"දන ගහන්න බැහැ සර් ...." 
"වරෙව් තොපිට දෙන්නම්...(හොඳ ජිල් බෝලයක් වර යන්න පිනා ගාවට)" 
අපි ඔක්කොම දැන් පිනාගේ ඔෆිශීය ළඟ බලන් ඉන්නවා...... 
"පලයව් දැන් කියපියව් තොපි කරපුවා....."
අපි ගිය ගමන් පිනා AC එක වැඩි කරා ඇයි අපි තිහක් විතර ඒක ඇතුලෙනේ...... 
"හ්ම් ..උඹලා දැන් කාගේද ෆොටෝ ගැහුවේ ... "
"අපි දැන් නෑ සර් ...."
" එහෙමද සති දෙකක් ඉස්කෝලේ එන්න එපා ... පන්ති තහනම්... !!" 
අපිත් දැන් හෙන සද්දේ ....
"එහෙම කොහොමද සර් පන්ති තහනම් කරන්නේ... අපි වැරද්දක් කරේ නැනේ ..."
එකෙක් කට ඇරියා ..... 
(තමුසේ කොහොමදා කස්බැවෝ ඔහොම කතා කරන්නේ පිනාට.....)
" තමුසෙගෙ ගෙවල් කොහෙද ....?"
" ^&&^*@##$.... සර්.."
"තාත්තා මොකද කරන්නේ .......??"
" කලාප අද්‍යාපන අධ්‍යක්ෂක සර් .... "
පිනාට පොඩ්ඩක් හික් ගෑවුනා .... 
"ඊළඟ තමුසෙගෙ තාත්තා කව්ද ...??" 
"සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සර් ........ " 
එතකොට අපිට හික් ගෑවුනා ...ඇයි යකෝ  මුළු කලාප කාර්යාලයම ඉන්නවනේ ...
"තමුසෙගෙ...??"
"අහවල් ඉස්කෝලේ පිනා සර්..........."
"කමන් නෑ තමුසෙලගෙ පන්ති තහනම් ....... "
අපිත් ගියා ගෙදර..... හවස් වෙනකොට කෝල් එනවා 
"මචන් එහෙම පන්ති තහනම් කරන්න බෑ විනය පරීක්ෂණයක්  තියන්න ඕනේ... අපේ අම්මා කියුවෙ, අපේ තාත්තා කියුවේ.. අපි හෙට යමන් ඉස්කෝලේ..... "
පහුවදා උදේ හත වෙද්දී අපි ඉස්කෝලේ පන්ති භාර කුකුලා ට විස්වාස නෑ...අපි උදෙන්ම ඇවිත් ඉන්නවා දැකපුවාම 
" තොපි මොන හුට්ටප්පරයක් කරන්නද අද ඉස්කෝලේ ආවේ....  "
"සීයට අසූව දාගන්න සර් ..."
"නෑ නෑ ඒක මම උඹලට දාල දෙන්නම් උඹලා පන්තිය කැත කරන් නැතුව හිටපල්ලකො ......... "
"හා සර්..."


 ටික වෙලාවකින් පිනා එනවා මල පැනපු ඉත්තෑවා වගේ... 


"තොපි මොකටද ඉස්කෝලේ ආවේ..."
"විනය පරෙක්ෂණය කරගෙනම යන්න සර් ............................"
ඔන්න අපේ එවුන් ...... මල්  පහයි   ගල් දෙකයි ....................... 
සර් ට මල පැනලා ..... සපත්තුවේ ලෙස් එකත් කන්න හදනවා ......
"මාව විහිලුවකට ගත්තා නේද... කොහොමත් පන්තියේ ඉන්න තහනම්...!! පලයල්ලා ස්පොර්ට් රූම් එකට ..."
 අපිටත් මොකෝ එකේ ඉන්න තියනවනම් ...... අපි එකේ ෆූට් බෝල් ගහනවා ... කැරම් ගහනවා, සැරින් සැරෙට එළියට එනවා... 
"සර් වතුර ටිකක් බීලා එන්නම්... චූකරලා එන්නම්...." 
දැන් ඉතින් අපි වීරයො වෙච්චි... අනිත් උණුත් හරී ආදරෙයි.. කෑමත් ළගට ගෙනත් දෙනවා.... රූම් එක නිකන් නරකයාගේ කාමරේ වගේ
 (ඒකත් පට්ටම කාමරෙ වෙනම පොස්ට් එකක් දාන්න පුළුවන්, ඔන්න උගේ කාමරේ දොර ගැන මම මොකුත් කිව්වේ නෑ.....)  
PTI සර්ට මල පැනලා ................... ඌ ගිහින් පිනාට කියලා 
"සර් උන් ස්පොර්ට් රූම් එකේ කක්කා කරනවා .....උන්ව වෙන කොහාට හරි දාන්න  " කියලා
ඉතුරු ටික පස්සේ 


Read more »

1.24.2012

නන්දයා ගෙ ඉතුරු ටික

අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න... 

මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක් ඉල්ලන්නෙ කොහොමද දැන්... (ඔ්වා ඔනේ නෑ... කොහොම හරි වැඩේ කොරගෙන අපි ගියා නන්දෙගෙ ගෙදර..)

ඒකා පන්තියට ආපු දවස්වල මං ඇහුවා..
"උඹේ නම ප‍්‍රදීප් වෙච්චි ඇයි උඹට නන්දෙ මාමා කියන්නෙ ඒ තාත්තගෙ නමද...?"කියලා 
"නෑ බන් ඉස්සරහා ගෙදර අංකල්ගෙ නම..."
එතනින් එහාට අහන්න ගියේ නෑ... කොහොම හරි අපේ ගෙවල් එහා ඩොටේ මුංගෙ ගෙවල් මෙහා ඩොටේ 
"අනේ රත්තරං අපිව බස් යන පාරකට දාලා වර මොකේ හරි.. "
ඇත්තට ඌට ලොවෙත් බයික් එකක් තිබ්බා.. මේකා එක පෙන්නලා "ඔක අරන් ඉස්ටාට් කරපිය..." කියලා ඇඳුමක් දාගෙන එන්ට ගියා මම ඒකේ හරිබරි ගැහිලා වාඩි උණා... හුටා.. යතුර දාන්නෙ කොහාටද... ඒකේ මීටරේ තියෙනවා යතුරු හිලක් නෑ.. 

"මෙක තෝම පැදපිය..." කියලා අපි දෙන්නා පිටිපස්සෙන් ඉඳගත්තා.. මෙකා ටැංකිය යටින් අර ගෙවල් වල ලයිට් වලට දාන ස්විච්(බට්ටා ස්විච්) එකක් ඇදලා අරන් ඔන් කලා.. දැන් හරිලු.... 42 වෙනි කික් එක කරපු ගමන් සටාර්ට්.. අපි 3න්දෙනා ඩබල් දාලා ගමන ඇරඹුවා.. සයිලන්සරෙන් දුම් යන්නෙ නෑ... ඔයිල් විතරයි යන්නෙ.. පරිසර හිතකාමී කියන්නත් බෑ... සද්දෙ හැටියට.. ලැන්ඩ් මාස්ටර් එකක් එනවා කියලා හිතෙන්නේ.. ටිකවෙලාවයි ඔය සතුට අපි අතරේ තිබ්බෙ.. ඒ හුට්ටලම නැවතුනා... හැබැයි නන්දයා වැඩ්ඩා... ටැංකියේ මුඩිය ඇරලා කිස් එකක් දුන්නා විතරයි බඩු වැඩ.... 
හැබැයි අවුලකට තිබ්බෙ යටින් ලීක් වෙන්නත් ගත්තා... ඌනං කීවේ ඔවෆ්ලෝ ලු.. අනේ අපි දන්නවයැ ඔවා මොනවා උනත් කිස් එකකට ආන්සර් කරන්න තරං බයික් එකත් මූව අඳුනන හින්දා තමා ඉස්සරහා ගැරිජ් එකෙ නන්දෙ මාමා ගැන සාධාරණ සැකයක් ආවෙ එනගමන් අපිත් කතා කර කර එනවා.. 

"මචං නන්දෙ....?"
"හ්ම්..."
"මේක පට්ට බයික් එකනෙ... කාගෙද..."
"මගෙ හු***"
"ආහ්.. පෙට‍්‍රල් කොච්චර විතර කරනවද.. ??"
"විස්සක් විතර කොරනවා  බන්.."
"හෑ... මෙක මෙ තැපැල් නයින්ටියක් වගේ එකක්  නේද....?"

ඇත්තතටම බැලු බැල්මට වර්ගෙ හොයා ගන්න බෑ.. සිරාවට විස්සක් විතර කරනවා කියන්නේ මරුනේ බයික් එකේ හැටියට ..මූ පස්සේ හොරෙන් කියනවා උගේ බයික් එකේ වැඩ කරන්නේ කිලෝමීටරේට ලිටර්ලු.


ඔන්න ඔය වගේ පට්ටම බුලට් එකක් තමා මේ නන්දයා. ඔය ටුටුවා කියන එකා මුගේ යාළුවා බොක්කේ ෆිට් එක ඉස්සල්ලා මුගේ හැඩේ කියන්න එපයි. ඕකා අඩි හය හමාරක් විතර උසයි.. අඩි  හතරක් විතර හරහට උසයි... උගේ විනොදන්සය තමා පෑන දිහා බලාගෙන ඔලුව වනන එක. ඔය වගේ පෑන දිහා බලන් ඔලුව වන වන ඉන්න වෙලාවක තමා ඕකට අර පඩ සීන් එක උනේ..

ඔය ටුටුවා කියන එකා ඕකගේ යාළුවා වෙන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනකන් විතරයි... ආපු වෙලාවේ ඉදන් මරා ගන්නවා ඉවරවෙන කන් ඉස්කෝලේ ඉවර උනාම ගේට්ටුවෙන් එලියට ගියාම උන් දෙන්න එකට යන්නේ හැබැයි වෙනස තමා ටුටුවා උදේ ඇදන් ආපු සුදු කිට් එකම ඇදන් යනවා. නන්දයා ඇදන් යන්නේ දුඹුරු පාට යුනිෆෝර්ම් එකක්.... පට්ටම ආතල් ඩබල  ඔය නන්දයාට කියන තරමක් කෙනෙහෙලි කම් කරන්නේ ඔය ටුටුවම තමා




එක දවසක් ඔය ටුටුවා කියන එකා මොකද්දෝ ගොට්ටක් හදන් ඇවිත් 
"මචන් මේකට කෙල ගහපන්..."
කියලා නරකයගෙන් එහෙම කෙල ඉල්ලාගෙන ගියා.. අපිටත් මොකද නිකන් තියන කෙලනේ අපිත් උගේ ගොට්ට පුරවලා දුන්නා ටික වෙලාවකින් නන්දයා ඩෙස් පුටු පෙරළන් කුණු හරප කියා කියා ටුටුවා පස්සේ එලවනවා... සීන් එක මේකයි.. මූ අර ගොට්ට 
"එයි නන්දයා මේක අල්ලපන් ෆිට් එක.." කියලා නන්දයට දාලා අල්ල ගන්න මේ ගොන් වැස්සි ඕක අල්ලන්න ඇත පය දාලා... කොහොමද සැප .......
ආය දවසක් පන්තියේ පළවෙනියට කතුරක් හම්බ වෙලා නන්දයා ඩෙස් එකට ගහ ගහ ඔලුව වනන වෙලාවක මේකා උගේ ෂර්ට් වල අර පිටි පස්සේ කොක්කක් වගේ එකක් මහල තියෙන්නේ ඒක කපල උගේ අතට දීලා.. අපිත් දැන් සීන් ඒක බලාගෙන ... මූත් ඕක අතේ තියාගෙන උගෙන්ම අහනවා

"මොකද්ද බන් මේක.....??"
"උඹේ ෂර්ට් එකේ තිබ්බේ.."

නන්දයා කොස් ඇට කාපු උගුඩුවා වගේ අරුව කන්න බලන් ඉන්නවා... අපිට මරු හිනා....  ආය දවසක් අපි ස්කොලේ ඉවර වෙලා ගෙදර යන්න ගාථා කියනවා නන්දයා පන්තියේ එළියේ ඉදන්, (පන්තියේ දැල් ගහල තිබ්බේ) ඒ දැල අස්සෙන් අත් දෙක දා ගෙන ගාථා කියනවා බලපුවාම මුව  දැලට තියලා බැඳලා දාලා විනාඩි හතලිස් පහක් විතර කලිසමත් බුරුල් කොරොල... ඒ කාලේ දහතුන එස් එම් වන් කියපුවම ආදරණීය ගුරුවරු ටික අහක බලාගෙන යන්නේ ඒක නිසා අවුලක් නෑ... අපේ ඔය පන්තිය එහෙම තහනම් කොරලත් තිබබා එකත් පට්ට සීන් ඒක.... ප්‍රින්සිපල් ගේ ඇඟ හිරි වැටුනා ටෙල මී යුවර් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කියලා .... ඒක වෙනම පොස්ට් එකක් දාන්න ඕනේ ........ ඔය මොනවා උනත් අපේ පන්තියේ හිටපු ඔක්කොටම වැදගත් දෙමව්පියෝ හිටියා අපි නරියෝ උනාට....






Read more »

1.22.2012

පස්සෙන් යාම …..


පස්සෙන් යාම …..මේක හිනා වෙන්න නෙමේ
මේක මම කොටන්න  හිතුවේ  වෙන බ්ලොග් එකක් තිබිච්ච   හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා වෙන ඉස්කෝලෙකට අම්මපා මට නේද …
අප්පච්චිට කියන්න බෑනේ මම කෑල්ලක් සෙන්ටිමෙන්ටල් කොරනවා කියලා හිත හදාගෙන ඔක්කොම වෙන්නේ මටමයි කියලා මම ගියා ඉස්කෝලේ …
අපරාදේ අර කෙල්ල……..
මොනවා උනත් අම්මගෙන් උස්සපු සල්ලි සහ මම අමාරුවෙන් නොකා නොබී එකතු කරගත්ත සල්ලි වලින් ලොකු මහත් කොර ගත්ත කෙල්ලනේ…. ඔන්න මට ඊයේ පෙරේදා මේ මුණුපොතේත් හම්බ වුනා.. ඔය කෙල්ලව.  කොහොමහරි අලුත්  ඉස්කෝලේ තියෙන්නේ පරණ ඉස්කෝලෙට පැය තුන හමාරක් විතර ලඟින් … මම හිත හදාගත්තා…
මම ගල් වලට පයින් ගහ ගහ ඉස්කෝලේ යනකොට … මට කොරන උදව්වක්  හැටියට අම්මා මාව දහම් පාසලකටත් දැම්මා … ඒ කාලේ දහම් පාසල් යනවා කියන්නේ ඇත්තට මට නම් නිකන් නයාට මාමයිට් වගේ… ඔහොම ඕකට මාස තුන හතරක් යනකොට පාලි අභිධර්මය බෞද්ධ ශිස්ටචාරය වගේ දේවල් මේ කනින් ඇහිලා නහයෙන් යනවා.. දන්නෙම නැතිව එකෙත් අන්තිම පෝලිමට තමා සෙට් වෙලා තියෙන්නේ උන් ටිකත් ගෙදරින් පයින් ගහන නිසා දහම් පාසල් එන එවුන්.. එක දවසක් උදේ රැස්වීම කට් කොරලා උදේ පාන්දර ලොකු හාමුදුරුවන්ගෙන් ගුටිත් කැවද කොහෙද රැස්වීම ඉස්සරහා ඕවා ටක් ගාල අමතක වෙනවනේ…
ඔහොම යනකොට තව කෙල්ලෙක් මගේ කනට පේන්න ගත්තා ඔහොම දහය හමාර වසරට විතර එනකොට ඒ කෙල්ලව සෙන්ටිමෙන්ටල් කොරගෙන සතුටෙන් සතියක් දෙකක් ලව් කොරා. ටිකක් විස්තර එහෙම හොයල බලපුවාම කෙල්ලගේ තාත්තට පන්සල ඉස්සරහම ටයර කඩයක් තියනවා මගේ කේන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔහෙලට..
ඒකිගේ අම්මා අපේ අප්පොච්චව හොඳට දන්නවා මම පස්සේ දන්නේ ඒ විස්තරේ… කොහොමහරි දැන් කෙල්ලත් එක්ක ඔන්ච්චිලි පදින්න ඔන්න මෙන්න තියනකොට මෙකි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා. ගිහින් එනකොට සර් කෙනෙක්ගේ පුතෙක් එක්ක මෙකි ෆොටෝ ගහලා මට දැන් නොට් රෙස්පෝන්ඩ් …
ඔන්න කෙල්ලොන්ගේ හැටි මට නේද මාරයා නැග්ගේ මොනව කොරන්නද මම අබ කාපු රිලවා වගේ ඊළඟ ඉරිදා ගියා මෙකි ට හතරක් කතා කොරන්න… මමත් ඉතින් හ යන්නෙන් පටන් අරන් ර යන්නෙන්  ඉවර කොරා මෙකි අඬනවා එල දෙන වගේ මගේ කරුමෙට ඒකිගේ මල්ලිත් කොහෙන්දෝ ඇවිත් අහන ඉදල ගිහින් තාත්තට කියලා දහම් පාසලේ ලෝකයා කියලා කොල්ලෙක් අක්කිට බැන්නා කියලා…
ඔන්න මම දැන් ඕව ඉවර කොරලා හොඳ වර්ගයේ ගෝල්ඩ් ලීෆ් එකක් හෙම  ගහලා ගෙදර ගිහින් ප්‍රොජෙක්ට් අයි.ජී.අයි එකට වෙඩි තියලා  එහෙම එලියට බැහැලා ඇත පය දිග ඇරලා ගේට්ටුව දිහා බලනකොට අනී කොළ පාට කාරෙකක් ගේ ඉස්සරහ නවත්තලා …..
මම දැනගත්ත දැන් බඩුම තමා දැන් මුන් ටික මගේ කලිසම ගලවන්න ඇවිත් තියෙන්නේ  කියලා,… මම සින් ගාල මගේ බයිසිකල් කෑල්ල අරන් මාරු වෙන්න හදනකොට අප්පච්චි
“පොඩි පුතා කොහෙද යන්නේ පොඩ්ඩක් ඉන්න මේ මිස්ට පොඩ්ඩක් පුතාව හම්බ වෙන්න ඕනලු ”
ආච්චිට හුරුල්ලෝ පුච්චන්න මම උරෙක් වගේ නොන්ඩි වුනා .මම ගියා ගෙට දැන් දැන් අපේ අප්පච්චි සීන් එක අහනවා ………
දුව දැන් අපේ පුතා මොනවා කියලද දුවට බැන්නෙ… මට   &^&^&%^^&((**)) කියලා බැන්නා ………..
මම ගියා කාමරේට ලොක් කරා දොර   දාගත්තා කම්පීතරේ ගැහුවා ප්‍රොජෙක්ට් අයි.ජී.අයි  ඉවර වෙන කන්ම ඔන්න මගේ පලවෙනි සෙනසුරු අපලේ ඉවරයි ….
සතියක් විතර අම්මා අප්පච්චි ගාවින් යන්න බෑ සන්තෝසෙට…. අම්මයි අප්පච්චියි ඇතුලේ පව්ලේ සැමට මාව විහුළුවක් උනා ….. විලි ලැජ්ජාව ශික් මතක් වෙනකොටත් ලේ ටික ගල් වතුර වෙනවා ….මගෙන් හොඳටම ආතල් ගත්තා
ඔන්න දැන් තනියම සැපයි කියලා ඉන්නකොට අර පරණ ඉස්කෝලේ ඉන්න කෙල්ලව මතක් වුනා. එතකොට මම සාපෙ කොරලා උසස් පෙළ මැත්ස් කොරනවා මම ඉතින් පන්ති යන්නේ නැතිව යනවා අර කෙල්ලගේ ඉස්කොලේ ගාවට ඔය හරියේ තිබුන හෝටලේකට වෙලා ජිල් ගහනවා එකී එනකන් ආපුවම හොරෙන් එකී දිහා බලන් ඉඳලා ගෙදර යනවා. ඔය මම කට් කොරේ කෙමස්ට්‍රි පන්තියම තමා ….
කොහොම හරි කෙල්ල කයියකට අල්ලාගෙන අහලා දැම්මා වෙන දෙයක් වෙන්න කියලා … “මට අම්මට බොරු කරන්න බෑ ලෝකයෝ ”
මට මෙච්චර ලේසි එක මේකිට මෙච්චර අමාරු උනේ කොහොමද…… ?
කොහොම හරි සීන් එක මාරු උනා මේ විදියට මේ කෙල්ලගේ පන්තියේ හිටිය කෙල්ලෙක් එකීගේ අයියා කෙනෙක්ට මේකිව  සෙට් කොරන්න ඕන කමට මට පණිවිඩයක් එවලා තිබ්බා එයා යාලු වෙලා ඉන්නේ අහවලා එක්ක කරදර කොරන්න එපා එයාට ……ඔන්න පණිවිඩේ
මට තවුසන් ටෝක් එකක් දීලා මුන් කන්නේ ගල් බනිස් … මුන් අම්මලවත් විකුනනවනේ …. මට අලකොල මැල්ලුම් කවන්න හිතුනා මේකිට
මම ඉස්සර හරි කේන්ති කාරයා ඒ වෙලාවට කොරන්නේ හරක් කොරන වැඩම තමා … කොලයක් අරන් ලිව්වා මෙහෙම %*%$^^&&***@#@##@@@##$ සතියකින් විතර ආව ලියුමක් පිටු හතරයි ….
ඈ බෝල ලෝකයෝ තෝ මන් ගැන අවරුදු හතරක් විතර දන්නවා නේද, ඒ තියෙද්දී තෝ මේ පිට එවුන් කියන ඒවා අහනවද … තොට මාව විස්වාස නැත්නම් වෙන එකෙක් හොයා ගනින් …. මම හිතුවේ තමුසේ මාත් එක්ක ඇත්තටම  ෆොටෝ එකක් ගහන්න කැමතී කියලා ….
ආය මාව හම්බ වෙන්න එපා …..
පස්සේ මට මම දීපු සින්දු සීඩී,ලියුම් කැලි ඔක්කොම ගොඩ ගහල මට එවල තිබ්බා …. මම ලියපු ලියුම සැර වැඩිද කොහෙද …. උඹලා හිතයි දැන් මේ ලියුම් කේස් එක හින්දා  හෙන පරණ කතාවක් කියලා නෑ බෝල ඒකිට අතේ ගෙනියන එකක් තිබුනේ නෑ ….
කොහොම හරි මට පින් සිද්ද වෙන්න ඌ ඒකිත් එක්ක ෆොටෝ එකක් ගැහුවා  …. පස්සේ ඌත් බූට් එකක් කෑවා කියන්නේ…….
දැන් ඉතින් කතා බහ කොරොල බලපුවාම අපි දෙන්නම දැන් පරක්කු වැඩියිලු …
ඒකිට මල පැනලා තියෙන්නේ මම යවපු ලියුමේ ලියල තිබ්බ ළමා තැනී මම නුඹට ලියූ හොර ලියුම් අපරාදේ කියන සින්දුවටලු ….. ඔන්න …. මගේ පලවෙනි ලව කෙල උනා එකී කැම්පස් ගියා මම ආපහු කෙමස්ට්‍රි පන්තියට ගියා …
ඔන්න දෙවැනි සෙනසුරු මාරුව
ඊට පස්සේ ඔය අතිරේක රෝද එකක් දෙකක්  තිබුනට ඒවායේ ලියන්න තරම් දෙයක් නෑ..
ඔන්න ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වුනා එකීව සෙට් කොරගත්තේ යාලු කෙල්ලෙක්ගේ හතර පොලට වැඳලා පුදලා මේ ලඟක් වෙනකන්ම ඒකිට දොළ පිදේනි දෙන්න උනා මට. කොහොමහරි සෙට් කොරගෙන මෙකි විද්‍යා පීට ගියා මම ස්ලිට් ගියා … ඕකට ගියාට පස්සේ මම රැවුල වවලා කොන්ඩේ කැපුවා කොටින්ම මගේ උතුර දකුණ මාරු වුනා… බාටාවට බැස්සා කොහොම හරි මේකිත් එක්ක බස් එක්ක ඉන්නකොට මාමණ්ඩිට මාට්ටු වුනා. එදා සිට කෙල්ලව මට හම්බ වෙන්න බෑ ගෙදරින් කේස්. මම ඉතින් දේවාල වල පොල් ගැහුවා බාර් වල ගල් ගැහුවා.. රතු පාට පෙට්ටිය සක්කුවේම තියාගෙන හිටියා ඔහොම බීලා බීල ඉන්න වෙලාවක ආය පාරක්  මාමණ්ඩිට  මාට්ටු වුනා ..
පහුවද කෝල් එකක් අවා පුතා පොඩ්ඩක් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තේ …
අම්මට හුඩු මට ආය නිකන් පිස්සු බල්ලෝ කොළඹ ගියා වගේ වටේම ලයිට් පත්තු වෙන්න පටන් ගත්තා … පහුවදා ගියා හම්බවෙන්න ….. මම හිතුවේ බන්දලා දෙන්න කියලා පුතේ ඔය කොම්පුටර් කොස් කරාය කියලා රස්සා  නෑ ඔන්න  තත්වේ  . අපේ අහවලාගේ එකත් ඕවා හත අටක් කොරෝලා ඉන්නේ ඉස්කෝලෙත් යන ගමන් … අනික ඔය බීල ඇවිදින එකටත් මම කැමති නෑ ….
කොටින්ම මෙන්න මේකයි …උඹ මට හරියන්නේ නැත …… වෙන කෙල්ලේක් හොයා ගනින් …….
ඉතින් මම වෙන කෙල්ලෙක් හොයාගෙන යනකොට තමා යාපනේ ට්‍රිප් එක සෙට් උනේ එක වෙනම ලිව්වනේ  ………
කෙල්ලෝ හරි හොඳය වෙලවකටය
කැවද බීවද කියා අහද්දී නම් මල පනිනාවය මොකද අවුරුදු විස්සක් විතර  වෙලාවට කලාවට අපි කෑවාය බීවාය.
රණ්ඩු වෙන්න හේතු ඕන නැත මවාගෙන රණ්ඩු වෙනවාය.
බීලා මාට්ටු වුන දවසට ආතල් කුඩුය.
බැටරි බැස වත් රෑට දුරකථනය වැඩ නැත්නම් අපි බොනවාය. පහුවදාට ඇත්තටම බොන්න වෙනවාය
හොරෙන් බොන්න ගිය දවසට අනිවා මාට්ටුය
තව එමටය
අන්තිම ලිපිය
ඇත්තටම ඔලුවේ අත තියල මොන තරම් බොරු කියලා ඇත්ද ….. ඕවා ඇත්ත වෙනවනම් කෙල්ලන්ට ඔලු හොයන්න වෙනවා

Read more »

1.19.2012

නන්දයා

මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.
නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්‍රෝඩක්ටුවක්  බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ගොස් නන්දයා කියා අමතා අපි නන්දයාගෙන් සුන්දර වදන් වැලක් අහගත්තෙමු. අපි කියන්නේ නරකයා සහ මමය. පාසල් කාලයේදීම නරකයාගේ අම්මාට උගේ ආදරණීය ගෝල්ඩ් ලීෆ් ලයිටරය මාට්ටු වීම නිසා හදිසියේම ලයිටර එකතු කීරීම උගේ විනොදාංසය බවට පත් විය. උගේ ලයිටර එකතුවේ තිබුන වටිනාම එකම ලයිටරය නන්දයාගේ ගෙදර අසල සිටි අපේ යාලුවෙක් වූ අබා ආදරේට සොරකම් කිරීම හේතුවෙන් 

ඉතුරු ටික තෝ ලියපිය මම යනවා නිදා ගන්න ......
:ඩී 

Read more »

Followers