11.15.2011

දෙලුයි පොලුයි


මේක මං මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ.. ඊට දවස් 3කට පස්සෙ ඔන්න මේකෙත් දානවා.... 


හද්ද පිටිසර හැදුනා උණාට...... කුජීතයෝ සැට් එකකුත් එක්ක නුගේගොඩ පැත්තෙ තමයි අතර මං වෙලා හිටියේ.. අල්ලපු වත්ත හිස්... හිස් කිව්වට තැඹිළි ගහකුයි දෙල් ගහකුයි තිබ්බා...! 
අතට සල්ලි එන දවසටයි ඊට දවස් දෙකකුත් යනකං අපිට සිරාම තමයි.. කැන්ටමෙ කුණු බක්කියට වැටුණු කාක්කො වගේ... ඊට පස්සෙ ආයෙ හාකුට්ටර වෙනවා කාළයක් යනකං... බොහොම අමාරුවෙන් කෑම එකයි, සිගරට් එකකටයි ගාන හොයා ගත්තෙ.. ඒ වෙනකොට සිගරට් එකක් රු15 ද කොහෙද... 


මෙහෙම දුෂ්කරක‍්‍රියා කරගෙන සතුටින් ඉන්න කොට, ආවා මහා සාගත කාලයක්...  බඩගින්නෙ ඉඳලා එපාම වෙලා වට පිට බලනකොට තවත් දෙන්නෙක් ඉන්නවා බඩගෙඩි පුම්බ ගෙන මන්දපෝෂණෙ ප‍්‍රතිමූර්තිය වගේ.. උන්දෙන්නව වත්තන් කරගෙන බෝඩිමෙ හැම මුල්ලකම හොයලා හොයලා රුපියල් 15ක් හොයා ගත්තා.... හප්පා දැණුන සනීපෙ... 
15කින් කොහොමද තුන්දෙනෙක් කන්නෙ... එක සිගරට් එකක් ගත්තත් තුන්දෙනෙකුට මදිනෙ.... 
"අපි මෙකට බීඩී ගමු....ගොඩක් හම්බ වෙනවනේ..." 
හයියො... බඩගින්න හින්දද මන්දා මුංටත් එන අයිඩියාස්.....!! මල පනිනවා වෙලාවකට, මොනා කරන්නද... කොහොම උණත් බීඩී අදහස වැඩි ජන්දෙන් සම්මත උණා, 3ට 0යි..... 
අපි ගියා ලගම සිල්ලර කඩෙට... කිට මරපු 'පොයියා' ගියා බීඩි ගන්න.... ඊට පිටිපස්සෙං හිටියෙ මම... මට පිටිපස්සෙ නීලා... 


එක පාරටම මගෙ කකුලෙ වැදීගෙනම පොල් ගෙඩියක් රෝල් උණා... ඒක හිමීට මගෙ කකුල් දෙක අස්සෙන් රෝල්වෙලා නීලා ළගටම ගියා... මම නීලා දිහා බැලුවා... උගෙ මූන සිල්ලර දැකපු කොන්දොස්තර වගේ උණා...ඌ ඒක බන්ඩියේ ගහ ගෙන මාරු... 


පොයියා මෝඩයා කියන්නෙ ගහපියකො පාං ගෙඩියකට පයිං... එකත් ගැහුවෙ පොල් ගෙඩියකට, දැං ඉති කාපංකො දවල් ට පොල්... එක පාරටම නීලා බය වෙලා වගේ නැගිටලා දුවලා ගිහින් රිංගුවා එහා වත්තට.... මෙකා දෙල් ගහ දිගේ බඩගාලා ගෙඩියකුත් කඩාගෙන ආවට දැං ඔව්වා කපලා පිළියෙල කරන්න ආම්පන්න කෝ....


නිය කටර් එකෙ තියෙන පිහිය දිග ඇරලා ඔක සුද්ද කරගත්තා... එතකොටයි ඇත්තටම නියකටර් එකට පිහියක් තියෙන්නෙ ඇයි කියලා දැන ගත්තෙ... සුද්ද කරලා ඉවර වෙනකොට දෙල් ගෙඩිය රඹුටං ගෙඩිය වගේ වෙලා.... 


හොදලා ලිපේ තියන්නයි තියෙන්නෙ... ඔය කොයි එකටත් බෝඩිමටම තියෙන්නෙ එක භාජනයයි.... ඒකටත් කවුදෝ එකෙක් රෙදි දාලා හෝදන්න... ඇත්තතටම ඒක රෙදි හෝදන භාජනේ... අනිත් කාරණේ ලිපකුත් නෑ... අර තඩි බෙසමට වතුර එකක් පුරවලා ඒකට දෙල් කෑලි ටික දැම්මාම, ළිඳට ගප්පි දැම්මා වගේ.... හතර අතේ පා වෙනවා... ඒ මදිවට වතුර වල සබන්  ගතියකුත්... 


ඊට පස්සෙ බොඩිමෙ තිබිච්ච හීටර රාජයා ගැහුවා ඒකට... හීටරෙ විතරක් නෙමෙයි ප්ලග් ටොප් එකත් යටගියා.... ඒ තරමට වතුර....!! කොටු කෑල්ලක රඳවලා, කොහොම හරි ඒකත් ගොඩ දා ගෙන... ඇටි කෙහෙල් කාපු වල් බල්ලො වගේ ඒක දිහා බලං ඉන්නවා... ඉන්නවා පැයකුත් ගියා තාම එක බුබුලක්වත් නැ.... මේ ජලස්කන්ධෙ හැටියට ඉතිං...! 


වතුර ඩිගිත්තක් අඩුකරා... දැං දෙල් වැඩී..... හීටරෙ ඔබන්න ඉඩ නෑ...කොහොම හරි බුරුම කට්ට බස්සනවා වගේ කරකවලා එබුවාම වතුර මදි හීටරෙ වැහෙන්න...!! නීලගෙ තඩි ෆෝන් එක බෙසමේ පැත්තකට තියලා බෙසම ඇල කලා... දැං ගානයි... වතුර නටා ගෙන පෙන දාගෙන ආවා ලස්සනට.... සබන් නිසා වෙන්න ඇති... 


හරි...! දැං කන්න පුලුවං ගානට මෙලෙක් වෙලා තියෙන්නෙ... ලුණු මිරිස් අඩු වැඩියාව ගැන වදවෙන්න දෙයක් නෑ... ඒවා අපි ගාව නෑ.. ගන්න සල්ලිත් නෑ... 
රායිට්.. දැං කන්නයි තියෙන්නෙ.. පොලේ. පොලවෙ ගහලා බින්දා... කෑලි ගලවන්න විදියක් නෑ... මොකෝ පළවෙනි උත්සහායෙන්ම නිය කටර් එක හුටස්... ගෑවා... දැං උලා කන්නයි තියෙන්නෙ... කාගෙදො තුවායක් තියලා වතුර ටික පෙරලා අරං... වටවෙලා ලුනුත් නැති දෙල්.. පොලුත් එක්ක කෑවා.. එකෙකුටවත් කෑලි දෙකක් කා ගන්න බැරි උණා දෙල් එකට සබන් පොඩ්ඩක් වැඩී... ඔං ඔහොමයි අපි දුර්භික්ෂ කාලෙ ගෙවුවෙ....


ඇත්තම සිද්දියක් වෙච්චි එකවත් හිතලා කොමෙන්ටවක් දාපල්ල අනේ...

Read more »

11.12.2011

ගූග්ල් ඇමිනිල්ල...

මම ඔය ප‍්‍රසිද්ධියට කැමති නෑනෙ... ඒක මගෙ බ්ලොග් එක බලන කාට උණත් තේරෙණවා... හෙණ ගහපු තට්ටෙ වගෙ... මළාට කෙමෙන්ටුවක්, ෆලෝ කරන එකෙක් සැට් වෙන්නෑ... කොමෙන්ට් දාන්ට පෝස්ට් එකක් එන්නෙත් කලාතුරකින්නෙ... 
මම මුලින්ම නරකයා කියලා නමක් හදාගෙන ආරූඪව පෙනී හිටියෙත් ඒකම නෙව.. මං කරපු ඔක්කොම ජරා වැඩ ටික බය නැතුව දාන්න පුළුවන්නෙ... පොස්ට් දෙකක් විතර දාලා එළියට බැස්සාමයි රෙද්ද නෑ කියලා දැන ගත්තේ.. දන්න එවුන් ටික කොහොමත් දන්නවා නරකයා මමයි කියලා.... 
සමහර උදවිය මගෙන් අහනවා මොකෝ බ්ලොග් එක සින්ඩියට දාන්නෙ නැත්තෙ කියලා.. මම කැමති නෑ මේක හැමෝටම පෙන්නන්න... 3 පාරක්ම ඇප්ලයි කරාට.... ඇඩ්මින්  තුමා උණත් දන්නවා මං ගැන ඒ නිසා නෙ එතුමා වැඩ කරන ඔෆීසියෙ වැඩ කොරලත් මෙක දාගන්ට බැරි උණේ.... 
අන්තිමට මට කියාගන්ට ඔන උණේ මෙච්චරයි.... මේ ගූග්ල් ප්ලස් කියලා කෙහම්මලක් ඇවිත්... බ්ලොග් එකේ පැත්තකින් ඇවිත් තිබ්බා බොත්තමක්...!! (පොඩිකාලේ ඉඳලා තිබ්බ අවුල.. මොකක් හරි ඉන්ස්ටෝල් කරද්දි ක්ලික් නෙක්ස්ට්.. නෙක්ස්ට්.... .... ෆිනිෂ්... මැදින් එන මළදාන මොකුත් කියවන්නෙ නෑ කම්පීතරෙට කෙලඋණාද දන්නෙත් නෑ....) මමත් අර බොත්තම එබුවා... දැන් ගූග්ල් ප්‍රොෆයිල් ඇමිණිලා එකට වෙලා.... රෙද්ද කඩන් වැටුණා වගේ... දැං නරකයා වෙනුවට සම්පූර්ණ නම තියෙන්නෙ වාසගමත් එක්ක... ඒක වෙනස් කරන්න ටිකක් ට‍්‍රයි කලාට හරිගියෙත් නෑ... 
කැත විතරක් නම වෙනස් කරන්ටත් බෑ වාසගමක් ඔනෙමයි...  කෙමෙන්ටුවක් දැම්මත් මුළු නමම එතන.. ප්‍රොෆයිල් එක ඩිලිට් කරන්න තමයි වෙන්නෙ.. දැං ඉතිං මොනා කරන්නද....? සින්ඩියට තවපාරක් ඇප්ලයි කරලා පරණ පුරුදු අත ඇරලා ඩීසන්ට් විදියට ඉන්ට පුරුදු වෙන්ටයි වෙන්නෙ....

Read more »

11.07.2011

ඉස්කොලෙ යනකාලේ

ඉස්කොලෙ යනකාලේ අනේ ඇත්තට කොච්චර අපූරුද..!! කිසි බරක් පතලක් නැතිව, මං කියන්නෙ පොත් බෑග් එක ඇරෙන්න.. හරි සැහැල්ලුයි, උදේ ට නැගිටින්නයි... නැගිටලා ඇඳෙන් බහින්නයි.... මූන හෝදන වැඩ ඇරුනාම මාර සැහැල්ලුයි.
පොත් බෑග් එකේ බර අඩු කර ගන්න මුලදිම කලේ අච්චු පොත් ටික ගේන්නෙ නැතිව හිටපු එක... එක එකා ගේ පස්සට වැඳ වැඳ පොත් ඉල්ලපු ඒකයි, අයියා මල්ලිගෙ චිත‍්‍ර කතා ඇඳපු පොත ලග තියන් ඉඳලා අම්බානක කාපු එකයි... මට ඒ වැඩේ එපා කෙරෙව්වා.....!! මම පොත් ටික ඉස්කොලෙන් තියලා ආවා.. කවුරු මොනවා කීවත් මං මගෙ පොත් වලට ආදරෙයි... මොකෝ ගෙදර ගෙනියනවට වඩා පරිස්සං...
මගේ බෑග් එකට පටියක් තිබ්බෙ නෑ එල්ල ගන්න.. කඩෙන් ගද්දි තිබ්බා.... දවසක් බයිසිකලෙන් යද්දි පොත්වල බරට වෙලට කඩා ගෙන වැටුන දවස වෙනකන්ම...! හොඳ වෙලාවට වෙලේ වතුර තිබුණෙ නෑ.. මඩ විතරයි..
බෑග් එක ලගෙජ් එකෙ තියා ගෙන මම උජාරුවට ඉස්කොලෙ ගියෙ.. අයිගෙ දඩුමොණරෙ චේන් එක කැඩිලා මගෙත් එක්ක යන්න ගත්තාම දිගට හරහට පරක්කු වෙන්න ගත්තා.. මොකො උගෙ ගැට්ට මෝරණ කාලෙනෙ, මට තමා ඒකෙනුත් කෙල උණේ... උදේට ගිහින් පිට්ටනියෙ වල් ගලවලාම පන්තියට යන්නෙ... මෙයා මාව ෆුටාර් එකේ පොල්ලෙන් තියාගෙන... උගෙ පොත් ටික මගෙ අතට දීලා.. මගේ බෑග් එක ලගෙජ් එකේ තියාන පාගනවා... 
පයිං යන උන් අපිව පහුකරන් යනවා අම්මපා මූ පාගන වේගෙට...!! කඳු ගැට පාලං මුඳුනට එද්දි අනිවා ප‍්‍රවෙගය ශුන්‍ය වෙනව බොහො වෙලාවට... කකුලක් බිමින් තියලා වාරු අරන් තමා ඉතිරි ටික යන්නෙ.. ඔහොම, පාලමක් උඩ ඇට්ටිම්බෙන් දත් මැද මැද හිටපු කොල්ලෙක්වත් පෙරලගෙන ඇලට වැටෙනකං අපි සතුටින් ආවා...
මගෙ පොත් ටික ගොඩගන්න මං වින්ද දුකක්..!!
ඊට පහුවදා ඉඳලා එතනින් යනකොට ඇට්ටිම්බගෙ මහ එකා ඉඳගෙන කෑ ගහනවා... "පුතා මෙන්න එදා ඇළට වැටිච්චි මෝඩයෝ දෙන්නා එනව" කියලා...
පුරුදු විදියටම ෆුටාර් එකෙ තාලෙට වලවල් ගල්කැට ගොම්බෙටි අතරින්..... මම ගෙදර යනකොට... කවුරු හරි ගොං වස්සෙක් හරකෙක් බැඳලා පාර හරහට...!! මං හරක්ට ටිකක් කැමති නෑ... දැං කරන්න තියෙන හොඳම වැඩේ හරකා දකින්න කලිං ඔතනින් මාරු වෙන එක.. කෝකටත් උගෙ පස්සා පැත්තෙං යන එක තමා හොඳම වැඩේ.. අං දෙක වදිනවට වඩා නැට්ට වදින එක ෂේප්... මං උගෙ වලිගෙ අරය වන වෘත්ත චාපයක් ඇඳ ගත්තා මගෙ හිතෙන්.. දැං ඔක ඡේදනය නොවෙන්ඩ... උපරිම වෙගෙන්.. හිටගෙන... පාගද්දි... දඩස් ගාලා සද්දක් ආවා....!! හරකට බයෙ පපුව ගැහෙන සද්දෙ හරි, පාරෙන් උපරිම අයිං කරද්දි බයිසිකලේ වලට වැටුණු සද්දෙ හරි, දෙකෙන් එකක්... කොහොම හරි ගොනාව පාස් කරපු සතුටට මම ඌට කෝචොක් එකක් දාන්න පස්ස හැරුනා... ඌ උගේ පාඩුවෙ තණකොල කකා ඉන්නවා... පවු....
හුටා.....!!!
මගෙ බෑග් එක උගෙ කකුල් දෙක ගාව... මිනිස් පුලුටක් නැති පාරෙ බයිසිකලෙ නවත්තගෙන ඌ එතනින් අයිං වෙනකන් හිටියට.. මට තිබ්බ හදිස්සිය ඌට තිබ්බෙ නෑ...!!!

Read more »

11.03.2011

ප්‍රපඤ්ච



සමනළ තටු අතරින් එබී රසවිදි පුංචි මල් කැකුළු හිරුට ඇදෙන දුටු..
නොමෙරු ළහිරු මම...!!
මගේ කිරණ වත් නොදුටු...................
                       
සුපිපි තනියට එලිය ඉල්ලපු.... 
ඛීල හිරු බව අමා සදකට පුදපු.

Read more »

6.06.2011

නුඹ හිනැහියන්.....

සොඳුර නුඹ හිනැහියන්.....
මෑත ඉම විමසන්ට..
බිඳී ගිය තුෂර කැටි
පිසදමා නැගිට....!!

Read more »

6.03.2011

සෙමිනා එක

හද්දා පිටිසර නාගරීකරණයෙන් ඔද වැඩුනු අපේ ගෙවල් ලගින් බස් එකක් එනකන් ඔරලෝසුවෙ කටු ගණිනවා... ඇත්තටම කට්ට රවුම් දෙකකුත් චුට්ටක් ගියාට පස්සෙ යන්තම් බස් එකක සද්දයක් ආවා..... 
තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ....
ලගපාත ගෙවල් කිවුවට මොකෝ විනාඩි 5ක් විතර තියෙනවා.... හැබැයි වේගෙන් යන්න ඔ්නේ... 

(ගෙවල් පැත්ත ගැන ඔන්න කලින් පොස්ට් එකකත් ලියවුණා...... බලනවා නම් ඔන්න ලින්ක් එක....) .......
ඉතිං බස් එක ලගට එන කොටම පාරට පැනලා විරිත්තුවා... දෙයියනේ ඒක නතර කලේ නෑ...ඒ මදිවට ඒක බස් එකකුත් නෙමෙයි ලොරියක්... මං දැං මොකද කරන්නෙ මං කොහොමද දැං සෙමිනා එකට යන්නෙ... විභාගෙත් ළගයි.. අනේ මං හැමදාම බලන් හිටපු ගෑණුළමයත් එනවා ඇති.. මම ක්ලාස් ගියෙත් කොච්චර දුක් විඳගෙනද...? සර් ගෙන් ගුටි කකා... තොපි ආයේ ආවොත් බලාගෙනයි කියද්දිත් අපි ගියා... පාරෙ බස් නැති උණත් එතෙන්ට ගිහින් ඇති...... දැං ඉතිං එන ඔ්නෙ දෙකට මූන දෙන්න හිතා ගත්තා... එ් කියන්නෙ ඔනෙ වාහනේකට අත දානවා......
මගේ කුජීත කමද සෙමිනා එකේ පජාත කමද මන්දා ඒ ගමන පාරෙ වානත් නෑ..... වරුවකට විතර පස්සෙ ආපු එකම වාහනේ පුෂ් බයිසිකලයක්...(චේන් එක කැඩිච්චි තල්ලු කරගෙන ගියපු...) ඒකෙ යන්න බෑනේ ඊළග එක....
හනේ... ඒක ට‍්‍රැක්ටරයක් ඒකට අත දාන්න ඔ්නෙ නෑනෙ... පස්සෙන් දුවලා ගිහින් නගින්න පුලුවන්... මොකො දාගන්න කැමති නෑ කියලා දොර වහගන්නයැ... මම නැග්ගා...
ඔළුව, ඔන්න කුචල් වෙන්න මෙන්න කුචල් වෙන්න කියලා අදාල තැනින් බැහැගත්තා....
පටන් අරන් තිබ්බට මොකො අපේ නරි රුළ කළින් ඇවිත් මටත් ඉඩක් තියාන හිටියා...
ඇත්තටම මට නැති බස් උංට ආවෙ කොහෙන්ද... ??
"මට නැවැත්තුවෙ නැති ලොරිය උංට නවත්තන්න ඇති....."
රායිට්....!! ඉගෙන ගන්නයි තියෙන්නෙ.....
පෑනක් නෑ.....
දෙපැත්තෙ එවුං දෙන්නා ඉල්ල ගන්න කලින් පස්සෙ කෙල්ලගෙන් ඉල්ල ගන්න ඔනෙ....

"එස්කුයිස්මී.... පැනක් තියෙනවද....."
"ආ ඔව්...."
"දෙන්නකෝ....."
"එතකොට මං ලියන්නෙ......&*!@#...."

තව මොන මොනවදෝ මිමිණුවා.... මම ඉස්සරහ කෙල්ල දිහාවට හැරුණා.... හූටා.... කොරලා තියෙන්නෙ.... අර මං කලින් කියපු කෙල්ල එතන...... දැං ඉතිං සෙමිනා එකෙන් ආප්ප පුච්චන්න තමා වෙන්නේ......
අයියෝ සල්ලි....!! ඒකිට ඉගෙන ගන්නත් නෑ මට ඉගෙන ගන්නත් නෑ...
අනං මනං පොර ටෝකස් දම දමා කෙල්ලට ඇහෙන්න....,
මනෝ පාරවල් එක්ක පොර බැද බැද........,
හනේ මොකට මෙකි මෙතෙන්ට ආවද.......?? මොනවා උණත් වෙලාව යනවා දැනුනෙත් නෑ... සෙමිනාව ඉවරවෙලා.... දැං ඉතිං ඒකෙන් වැඩක් නැති එකේ අර කෙල්ල පස්සෙන් ගෙහුං ඒකවත් ගොඩදාගන්න බලන්න ඔනේ.....
මමත් කතා කර කර.... වද දිදි පස්සෙන් යනවා ඒකිත් හිනා වෙවී කොමලෙ පපා දුවනවා....
අහා...! මෙකි යන්නෙත් මම යන බස් එක පැත්තට... බස් එකක් නවත්තලත් තියෙනවා... දැන් ඉතින් තව පොඩ්ඩයි වැඩෙට... මම බස් එකට නගින්නෙ නැතිව බිම ඉදන් වදන් දෙනවා.....
එ අතරින් මට කන් දෙකෙ ඇතුලෙන් වගේ හඩක් ඇහුණා.....

"ඔ්යි......."

මෙකිගෙ කටහඩ මෙච්චර අහලා තියෙන ගතියක් දැනෙන්
නෙ කොහොමද....??

"කෙල්ලොන්ට විහිලු කර කර ඉන්නෙ නැතිව මෙහෙ වර ගෙදර යන්ට.."

හරිනෙ.... බස් එකේ අම්මා ඉඳලා... බස් එකේම ඉඳං ජාතිය ඇමතුවා.... දැං ඉතිං එකිට මූණ දීලත් ඉවරයි.... ගෙදර ගිහිල්ලත් ඉවරයි..... වෙන කෙල්ලෙකුයි ගෙදරකුයි හොයා ගන්ට වෙනවා තව පොඩ්ඩෙන්.....

තාත්තා හින්දා ගෙදර බේරුණා.....

Read more »

Followers