11.29.2011

පොලිසියට.....

අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....

කියනවට විශ්වාස කරන්ඩ.... ලෝකයාගේ ගෙවල් තිබ්බෙ පොලීසියට අල්ලපු වත්තෙ... ඒ දවස් වල සරා සර්ගෙ මැත්ස් ක්ලාස් ඉවර වෙලා රූ දෙගොඩ හරියෙ ඇවිදං ආ පු පාරවල් දිගේ සෙනසුරා දවසට ඇවිදන් යන්නෙ මොන්ටිසෝරි ගියපු උන්ගෙ ලෝකෙන් මිදිලා ටිකක් හුස්මක් ගන්න.. වෙන යන්න තැනක් නෑ අනිත් උං පාඩම් කරනවා..... අපි එනවට එවුන් වැඩි කැමත්තක් නෑ... ඇයි කියලා අපි හොයන්න ගියෙ නැති උණාට එකපාරක් 'පීපි'යා කිවුවා..


"තොපිට මැත්සුත් බෑ.. ෆිසික්සුත් බෑ කෙමෙස්ටි‍්‍ර කොහොමවත් බෑ.. අනුන්ට හිනවෙන්නනං හොඳ...ට දන්නවා"
කියලා...
ඉතිං අපි අපේ පාඩුවේ හිටියා... සුදුමල්ලිගෙ කැප්ඒකේ චුයින්ගම් අලවලා ඌ තාමත් තරහ නිසා එහෙ යන්නත් බෑ...
උදෙම නැගිටලා පොතක් කිහිල්ලෙ ගහගෙන බයිසිකලේ පස්සපැත්තෙ ගහගන්නකෙට අම්මා දන්නවා අද යන්නෙ පාඩම් කරන්න නෙවෙයි කියලා... සුපුරුදු පරිදි උංගෙ මිදුලට ගිහින් දත් විරිත්තලා තාතගෙන්.. "අංකල් අරූ ඇහැරලාද...?"
කියලා අහපුවාම ඔන්න මූට ඇහරවලා එවනවා... අල්ලක් විතර නිල්පාට  කලිසමෙ එලයින්මන්ට් හදා හදා....


එක්තරා එවැනිම කුජීත දවසක කවුරුහරි නොසන්ඩාලයෙක් මුගෙ ගෙදර බයික් එකක් නවත්තලා... ඒ මදිවට එන්නෙත් රූ වෙලා කියලා ගිහින්...යතුරත් තියලාම..
මේක දැකපු මේ හයිනා පැටියට තදියමක් ගැහුවා ඔකෙ ගිහින් පීපී ව අවුස්සලා එන්න... මම දන්න ශිල්ප ඔක්කොම දාලා නවත්තන්න හැදුවට බීරි බල්ලට විසිල් ගහනවා වගේ... ලයිසන් හෙල්මට මොකුත් නැතුව පොලිසියට අහුවෙන එක තරං පාපයක් තවත් නෑ.... මමත් ගිහින් පිටිපස්සෙන් එල්ලුනා.... මූ හොරපාරවල්වලින් දාලා ගිය නිසා දෙයියන්ගෙ පිහිටයි තාම නිරුපද‍්‍රිතව ඉන්නවා.... දැන් වැඩේ කරලා ආපහු යනගමන්... මෙන්න මූ මේන් රෝඩ් එකෙන් දැම්මා....


"ඔයි පිස්සු කෙලින්නැතු හරවපිය..." මං විලාප තිබ්බා
"අපිට අහවල් එකේ ඇම්මනේ... හොඳවෙන්ඩත් එක්ක මෙහෙන් යං...."
කියාගෙන....මූ තවටිකක් පෑගුවා...  හිතුවත් වගේ ඉස්සරහා ට‍්‍රැෆික් පොලිස්.... කටෙ කෙළ පුළුං වෙලා _කේ මයිල් කෙලින් වෙලා "එළකිරි.." කියලා විතරයි මට කියවුනේ......


අපි රාළහාමි ළග..ටම ගියත් එයා දැක්කෙ නෑ වෙන වැඩක.... අනික ඌ ගාව බයික් එකකුත් නෑ... අපි යන්නෙ 250cc බයික් එකක... හෙහ් මොකට බය වෙන්නද... නොම්බරේ ලියාගත්තත් අපේයැ.... මේකා එන වේගෙන්ම අරූට වෙට්ටුකුත් දා ගෙනම ඇරියා තියලා..... හූවකුත් කිවුවද මන්දා... මගේ කන් ලොක් වෙලා තිබුණෙ...



ටික දුරක් දත් 30ම දාගෙන විරිත්තගෙන ගියා... පස්ස බලද්දි තමයි ඇඹුල් එක මෙවුවා උනේ... අරූ චැලි කටුවකින් පස්සෙං එනවා.....! මල කෙළියයි....!! මේකා ඒක දැක්කා විතරයි පස්සට පෙට‍්‍රල් ගහපු ගොනා වගේ හිටගෙන පෑගුවේ... පුහ්..... මට තේරුණා බඩුම තමයි කියලා... හැබයි ලෝකයා වැඩ්ඩා.... මූ ෂෝට් කට් වලිං එහෙං දාලා මෙහෙං දාලා ආයෙත් ඒ පාරෙන් ම ආයෙත් දාලා... හරවලා ගිහින් ගිහින්..... දැම්මා ලසා ලගෙ ගෙදරට.... 


"නවත්තපුවා අල්ලන්ඩ බෑනේ බං වරෙං....." 
කියලා ඇතුළට ගියා ඇතුලට කියන්නෙ දොරගාවට මොකෝ ඌත් අපි එනවට වැඩි කැමත්තක් නෑ... ඌට නංගි කෙනෙක් ඉන්නවා... ගිහින් ඌට කතා කලා... පිපි ගෙ ගෙදර එහෙමනං ඌ හිටියත් නැතත්... මොනවා කිවත් අපි ගිහින් කාලා බීලා එන්නෙ... කතා කරන්න ඔනේ නෑ... 
කතාකලාට ඌ ගෙදර නෑ... කමක් නෑ අපි එයා එනකන් මෙහෙන් ඉන්නං..... කියන්ඩ යද්දිම... නංගි කියුවා දැන්නං මං විතරයි ගෙදර කියලා.... දැං ඉතිං කොරපංකෝ... කෙල්ලෙක් විතරක් ඉන්න ගෙදරක කොල්ලෝ දෙන්නෙක් හැංගෙන්නෙ කොහොමද....කඳුළු බින්දු අතින් වහගෙන 
"අපි ගිහිං එන්නම් නංගි... අයියට කියන්නකෝ අවා කියලා....." 


එහෙම කියලා වතුර එකක් එහෙම ඉල්ලගෙන බීලා... පාරට බහින කොටම චැලියක් ඇවිත් බ්‍රෙක් ගැහුවා... කකුල් දෙක ගාව.... මම වට පිට බලලා දුවන්නෙ කොයි පැත්තට කියලා ප්ලෑනක් ගහගෙන අරූ දිහා බලද්දී ඌව රාළහාමි අල්ලගෙන වදන් දෙනවා.... 


"තොපි හිතුවද මං රට හාවෙක් කියලා.... " 
"නෑ..." 
"වෙට්ටු දාගෙන යන්නෙ.. තොපේ  %$%@%*()" 
"අපි ඇත්තටම දැක්කෙ නෑ ඔබතුමාව....." 
"දැක්කෙ නැති හින්දද පස්ස බල බලා ඇද්දුවෙ....." 
"මම පස්ස බැලුවෙ නෑ..." 
"ආං අරූ බැලුවා මං දැක්කනේ.... ලයිසන්....??" 
"ලයිසන් එකනං නෑ... "
"ආදායම් බලපත‍්‍රය දෙනවා එහෙනං.." 



අරූ මොකූත් කිවුවෙ නෑ... විරුත්තුව දැක්කා.... 


"අඩු ගානේ හෙල්මට්වත් නෑනෙ තොපිට... බයිකලේ අරං යං පොලිසියට..." 
"අනේ එහෙම කරන්න එපා අයියෙ මගෙ නෙමෙ බයික් එක..." 
"හරි මං ඌටත් එක්කම නඩුව දාන්නම්... ලයිසන් නැති එවුන්ට දෙනවට..." 


මම කෝකටත් පැත්තකට වෙලා හිටියා... මොකටද ඉතිං මැද්දට පනිනනේ.. යාලුවෝ වෙන්න ඇතිනෙ අල්ලපු වත්තෙනෙ... කතාකරගන්න දේවලුත් ඇතිනෙ... කොහොම හරි බයික් එක පොලිසියට දාන්නම උණා.. මමයි ඌයි බයික් එකට නැග්ගා පොලිසියට යන්න... 


"හොව්...! හොව්...!! දැං තමුසෙලාට ලයිසන් නෑනේ... ඔ්ක තල්ලු කරන් පයිං එනවා..." 
මගුලයි...... කාපංකො ජිල්...දැං ලෝකයා තල්ලු කරගෙන යනවා... 
ඌ මට කියනවා ඒ අස්සෙ..... 
"මෙකෙන් පැත්තකින් අල්ලපන්... එතකොට නෝන්ඩිය දෙකට බෙදෙනවනෙ..." 
අනෙ අම්මපා ඉතිං මට....... !!පොලිසියෙ බයික් එක තියා ගත්තා මූ අහනවා "අයියෙ මෙක ගන්න අපි ආයෙ කීයටද එන්න ඔනේ..."
 රාළහාමි හොඳ හින්දා හොඳයි...



එදා හවස මුගේ තාත්තත් එක්ක ගිහින් පොර හම්බුණා.. අංකල් ගිහින් ඇහුවා....
 "මහත්තයො දැං මොකද කරන්නෙ දඩ කොළයක් දීලා බයික් එක දෙන්න බැරිද.. "

ඒත් ඌ රෙසපට් දාන්න ගත්තා මහත්තයා කිවුවනේ... 



  "හරි මම ට‍්‍රැෆික් ඔඅයිසී හම්බෙන්නං මින්හා මගෙ ගෝලයෙක්......." 


කියලා යන්න හැරෙද්දී රාළහාමි කියනවා.... 


රාළහාමි:  "හා හා රු 1000 දඩෙ මෙතනම ගෙවලා අරං යනවා දඩ ගැහුවොත් 5000ට එහා වදිනවා..." 
අංකල්:  "කමක් නෑ 5000 දඩ කොලේ දෙන්න මං ගෙවන්නං.. මං ඔඅයිසී හම්බෙලා එන්නං..." 
රාළහාමි:  "හරි 500 දෙනවකො ඔච්චරම අමාරුනං..."
අංකල් : "නෑ එහෙම බෙරලා ඇරියොත් මුං දෙන්නා හැදෙන්නෑ නඩු දාමු..." 

රාළහාමි:  "මහත්තයා රු200ක්වත් දෙන්න බැරිද A4  බන්ඩලයක්වත් ගන්න.. මගේ නොනත් අසනීපෙන්...." 
අංකල්:  "ආහ් ඔක මොකද්ද බන්ඩලේට 4ක් ගෙනත් දෙන්නංකො.... හැබයි කීයක් ගියත් මං අල්ලස් දෙනනෙනං නෑ..." 


කොහොම හරි බයික් එක නිකම්ම ගෙනාවා......

Read more »

11.27.2011

බැහැයි කියලා බෑ....

"ආ...පෝ ලංකාවනං......!"
"අප්පෝ මේක ඉතිං ලංකාවනේ...!! "
"ලංකාවේ එවුන්නං බං.....  කවදාවත් හැදෙන්නෙ නෑ... "
"අඩේ එහෙනං එහෙම නෑ...!! "
"ඔන්න ලංකාව....." 


ඒ දවස් වල මට ඔව්වා ඇහිලා එපා වෙලා තිබ්බෙ... මං වැඩ කරපු තැන පියන් අංකලුයි තේ හදපු ඇන්ටියි මායි ඇරුණාම අනිත් උන් ඔක්කොම පිටරටක අවුරුදු 5ක්වත් හිටපු එවුන්... වෙන රටකට කියලා රජරට විතරක් ගිහිල්ලා තියෙන මම සමාජ ඉරිසියාව ජාතිමාමකත්වය බවට පෙරළගෙන නිසා හෝ.... මම ලංකවේ විදියට ආදරෙයි සහ ලංකාවට අනං මනං කියනවට කැමති උණේ නෑ.. 
එක දවසක් එකෙක් දුවගෙන ඇවිත්... 
"ලංකාවනං පට්ටයි බන් මෙහේ බෑ කියලා දෙයක් නෑනෙ..." 
කියපුවාම මට ඇති වෙච්චි සතුට හප්පේ...... 


මූ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට..., තේරෙන සිංහලෙන්නම්.. RMV එකට ගිහින් තියෙනවා ඔන්න වැඩකට... වැඩේ මොකද්ද කියන එක ඇත්තටම වැඩක් නෑ... එතන හරි පිලිවෙලට වැඩකෙරුනු තැනක්.. පිලිවෙලට ගිහින් නොම්බරයක් ගන්න ඔනේ... ඊට පස්සෙ නොම්මර පිලිවෙලට කතා කලාම එතන ඉඳන් වැඩෙ පිලිවෙලට කරගෙන යන්නයි තියෙන්නෙ.. ඉතිං මෙ මනුස්සයාගෙ ග‍්‍රහචාරෙ තරමට ලැබුණෙ නොම්මර 516 ලු.. ඉතිං පස්ස රත්වෙනකං ඉඳගෙන මූණ ආම්ලාකාර වෙනකන් හිටියට පස්සෙ නොම්මර කියවන කෙල්ලගෙ කට ගාවට කණ ළං කරලා බැලුවලු දැං කියවෙන්නෙ කීවෙනි නොම්මරෙද කියලා... අංකෙ 68 මුන්දැට අහවල් තැනින් ඉක්කාවක් ගියාලු... ආයෙත්නම් වාඩි වෙලා ඉන්න බෑ කියලා දැඩි අධිෂ්ඨාන කොරලා එළිපහලියට යන්න හැරුණා විතරයි දැකලාවත් නැති බුවෙක් ඇවිත් දන්නවා වගේ කතාවට වැටුණලු... එක අදහස් ඇත්තෝ එකට සැරි සරති කියනවනෙ...


"මහත්තයා මොකෝ මෙ පැත්තේ......" බැලූ බැල්මට කාක වර්ණ දෙහදාරී පොරක්.. 
"මම මේ..... ලයිසම මොකද්දෝ එකක් කරගන්න ආවේ....." 
"කීයද නොම්බරේ... න්සිය ගණන්ද හප්පා අද කර ගන්න වෙන්නෙ නෑ...." 
"කරගන්න විදියක් ඇත්තෙම නැද්ද.....??"
"පුලුවං ක‍්‍රම දෙකක් තියෙනවා.... එක ක‍්‍රමයක් 1500 යි අනික 1700 යි... කොහොමද ඔ්නේ... 


මේ කාලේ හැටියට රු200 ක් කියන්නෙත් වටිනවා... 
"1500 පැකේජ්  එක මොකද්ද... "
"මෙහෙමයි මම දෙනවා ඔයාට වී අයි පී(VIP) ටෝකන් එකක්... ඔයා ඒක පෙන්නගෙන යන්න..... පොලිමේ ඉන්න ඔනේ නෑ.... වැඩේ කෙරෙයි රුපියල් 1500ක් මට දීලා යන්න...., අනික මට ඔයාගෙ නොම්මරෙ දෙන්න මම ඔයාට වෙන්න ඔනෙ විදිය කියන්නම්...."  


මූ ළග තිබ්බ ජනේල් වීදුරුවෙන්, මූන බලලා හිතුවලු VIP ටෝකන් ගත්තොත් මේ මූනේ හැටියට මාට්ටු වෙනවා... කකුල් දෙක මැඩලින් ගැහුවොත් වහෙම... අඳුනන කෙනෙක් ආවොත්..... 
"මට 1700 එක දෙන්න....." 
"රායිට්....!! මම කෝල කරන්නම්...."කියුවලු... පොර සල්ලිත් අරන්, මොකක්දෝ එකක් ලියපු කොලකැල්ලකුත් අතට දීලා.... පාස්වර්ඩ් එක නැතිකරගන්න එපා..... කියාගෙන ගියාලු...... ටික වෙලාවකින් කෝල් එකක්.... 
පොරට කීවලු පළවෙනි දොර ගාවට ගිහින් එතන සිකියුරිටිට කියන්න සුමිත් මහත්තයා හම්බෙන්න ආවෙ කියලා.... මූ ඒවිදියටම කලාලු.... 
"එ.. එන්න මහත්තයා මෙහන් යන්න අර දොරෙන්...." මූ ඊළග දොරගාව...... සික්කා සැර උනාලු.... "කොහෙද යන්නෙ..." 
ෆෝන් එකෙන් උපදෙස් එනවා..... සෆ්රාස් මහත්තයාව අහන්න....... 
"මේ සෆ්රාස්.......??" 
"ආ... එහෙම කියන්න එපායැ.... අර අතෙන්ට යන්න...." 
එතෙන්ට ගියාම එතන මෙඩිකල් රිපෝර්ට් දෙන තැනලු ඔන්න එතන ඉන්න බුවා කියනවලු 
"හ්ම්... ඩොක්ටර් හම්බෙලා රිපෝට් එක ගන්න 100යි...., හම්බෙන්නෙ නැතුව ගන්න 150යි.." 
මූ රිපෝට් එකත් අරන් ෆෝන් එකෙන් එන උපදෙස් පරිදි වැඩෙ කරගෙන ගිහන් අන්තිමට ආවලු දිග පෝලිමකට.... අරූගේ කෝල් එකත් කට් වෙලා.... මූ දැක්කලු එතන කවුන්ටරේ හිටපු පොරට කෝල් එකක් ඇවිත්... ඊට පස්සෙ පොර කැගහනවලු 
"ඔය ඔතන රතුපාට එකක් ඇඳන් ඉන්න මහත්තයා පොඩ්ඩකට එන්න..." ඒ කියන්නෙ කතා නායකයා ගැන.... මෙයා ඉස්සරහට ගියාම... 
"කෝ ඩොකියුමන්ටස් ටික දෙන්න මෙහාට... යටින් පාස් වර්ඩ් එකත් එක්ක එවන්න..." 
හැමතැනම කැමරා හයිකරලා ඒවට පේන්නෙ නැතිවෙන්න පොර පාස්වරඩ් එක කියවලා වැඩේ සින් ගාලා කරලත් දුන්නලූ... එතනින් පාස් උනාම තියෙන සුළු සුළු වැඩ ටිකත් ටක්ගාලා කරගෙන එළියට ආපුවාම අර මනුස්සයා ආයෙත් හම්බෙලා..... 
"හරි නේ වැඩේ ඔනේ වැඩක් තියෙනම් මට කියන්න..... ඔ කොරෙකුට කොටෙකුට  ලයිසන් උනත් අරන්දෙන්නං... රු 13000 යි ඔනේ..." කියලා වාශ්ප වුනාලු....


"බලපන් දැං ජපානේ බෑ කිවුවොත් බෑම තමයි මෙහෙ එහෙම නෑ.... මොනවා හරි ක‍්‍රමයක් තියෙනවා වැඩේ කර ගන්න...."
"ඔන්න ලංකාව....." 





ප.ලි
නම් ගම් සහ සිද්දි සියල්ල සත්‍යය වේ.....

Read more »

11.25.2011

පෝස්ට් එකට වඩා හොඳ..... ප‍්‍රතිචාර...

සමහර බ්ලොග් වලට වඩා ඒවායේ කොමෙන්ට් කියවන එක ආතල්.... තේරුමක් නැති කතාවෙද කොහෙද එක පෝස්ට එකක් මං දැක්කා පේලි හතරක ලස්සන කවියක්.... ඒකට දාලා තිබ්බ කොමෙන්ටුවේ පේළි 54ක් තිබ්බා... හෙවනැල්ල පෝස්ට් එකට දිනුෂි දාලා තිබ්බ එකත් ඒ වගේ..... ඒක කීප වාරයක් කියවලා ලස්සනයි කියලා හිතුන නිසා මට අනිත් අයටත් පෙන්නන්න හිතුණා.... පහලින් තියෙන්නෙ දිනූෂිගෙ අදහසක්.....





උඹ යාන්තම් දනගාද්දි
මම උඹේ පස්සෙන් දුවගෙන ආව
ඒ උඹව ඉස්සර කරන්න නෙවෙයි
උඹේ වැටුනොත් මට රිදෙන නිසා
උඹේ හෙවනැල්ල පෑගෙද්දි
මම පැත්තකට උනා
ඒ උඹට රිදෙයි කියල
ඒ කාලෙ මම හිතුවෙ එහෙමයි

අද උඹ මටත් වඩා ලොකු වෙලා
මගේ කරට අතදාගෙන
ලොක්කෙක් වගේ පාරදිගේ යද්දි
උඹට වඩා සතුටු උනේ මම
මම උඹෙ දිහා හොරෙන් වගේ බැලුව

ඔහේ කියවනව
අරූ ගැන, මූ ගැන, අරකි ගැන
ඉස්සරවගේ හුරතල් කටහඬක් නැතත්
තාමත් මම ආසයි අහගෙන ඉන්න
ඉස්සර වගේම
ඒක මට කොච්චර වදයක් උනත්....

මුලු ලෝකෙම එක්ක තරහවෙලා
මුල්ලකට වෙලා උඹ අඬද්දි
මට හිතුන මුලු ලෝකේම ඉවරයක් කරන්න
එත් මට බැ ඒක කරන්න කියල උඹ දන්නව
උඹ දන්නව ඒත් උඹට කවුරු නැතත් මම ඉන්නව කියල
ඒකයි උඹේ ඔච්චර ලොකුව
එහෙම නේද???????????

මෙ මගේ අක්ක මං ගැන හිතපු හැටි
කවිය ලියුවෙ මම උනාට මම මගේ අක්කගෙන් දැක්ක දේ තමයි මේ.......

Read more »

11.22.2011

බ‍්‍රව්න් බ‍්‍රදර්ස්..

අපේ අම්මා හරි ගැඹුරු චරිතයක්... මගේ හිතේ  ඉපැදුණු සමහර අදහස්.... කවි විදියට කලින් දැම්මා... වෙලාවකට හරි සැරයි... මට ප‍්‍රසිද්ධියෙම බැනපු අවස්ථාත් තියෙනවා... හැබැයි ඉක්මනට හිත උණුවෙනවා... 
එයා විදුහල්පති වශයෙන් සෙවය කරන්නෙ ටිකක් විතර දුර ඉස්කෝලෙක... 'චැලි' වර්ගයේ බයිසිකලේකින් තමයි ඉස්කෝලෙට ගියෙ.... 
වෙසක් මාසේ දවසක අම්මා දැකලා තියෙනවා අම්මා යන පාරෙ තැනකට බලුපැටව් දෙන්නෙක් ගෙනත් දාලා... බණ්ඩිය බිම වැදි වැදී ටික දුරක් පස්සෙන් ආවලු... අම්මට දුක හිතිලා බැණ බැණ හිටියා ගෙනත් දාපු මිනිස්සුන්ට... 
ඊළග දවසෙ එයා යනගමන්... දවසක් විතර කන්නත් නැතිව, අම්මගෙන් කිරිත් නැතිව ඉඳලා හාමත් වෙලා  හිටපු මුන් දෙන්නාට..... දවල්ට කන්න අරන් ගියපු කෑම එක දුන්නලු.... ඔහොම හැමදාම ඔය විස්තර මාත් එක්ක කිය කියා හිටියා... 
එයා වෙසක් දවසෙත් ඉසකොලෙට ගියා... මොවදෝ වැඩ වගයකට... අම්මා හවස ගෙදර එන සද්දෙ ඇහුණා.... වෙනදට වඩා වෙනස්... වෙගෙන් එනවද කොහෙදෝ... අම්මට ඔහොම බයික් අරන් යන්න එච්චර පුරුදු නෑ ගෑණු කෙනෙක්නෙ මොනවා උණත්... මම එළියට බැහැලා බැලුවා.. බයික් එකේ හැඬල් එකේ බර මල්ලකුත් එල්ගෙන  වේගෙන් එනවා වැනි වැනී... අම්මටත් එකපාරට නවත්ත ගන්න බැරි උණා..  වේගෙ අඩු උණාට ඉස්සරහා දොරෙ ගැට්ටෙ වැදිලා තමයි නැවතුනෙ... එතකොටම මල්ල කඩාගෙන ගේ ඇතුලට වැටුණා... මේ  මොනවද...එහෙම අහනකොටම මල්ලෙන් එලියට බළු පැටියෙක් ආවා... අම්මා මට සීන් එක විස්තර කලේ මෙහෙම... 


"මං එන කොට අර බල්ලො දෙන්නා මගේ ඉස්සරහට ආවා... අද කෑමත් නෑනෙ... මට ඉතිං ගේන්න හිතුණා.. මං එකෙක්ව වඩාගත්තා ගේන්න විදියක් හිතාගන්න බෑ....  පාර මම එතන කඩෙට ගිහින් රු5ක් දීලා මේ චූටි බෑග් එක අරං කට දැම්මා... ඉතිං අනිත් එකා අඬ අඬා පස්සෙන් එන්න ගත්තා..... ඒ උණාට දෙන්නෙක් දාන්න මල්ල ඉඩ නෑ... මම මේකව මල්ලෙන් එළියට අරන් ඌව සිරස්ව දැම්මා..අත්දෙක මල්ලෙන් එළියෙ... ඊටපස්සෙ අනිකවත් එහෙම්ම දාලා පොඩ්ඩක් ගැස්සුවාම හොඳට හිර උණා..කවුරුත් දකින්න කලින් මං මෙ වෙගෙන් ආවෙ..." 
එහෙම කියද්දි තමයි තව එකෙක් එළියට ආවෙ... පොඩි මල්ලෙහිටියෙ කොහොමද කියලා හිතා ගන්න බෑ... මොනවා උනත් මරු ඩබල... එකම වගේ.. නිවුන්නුද කොහෙද... අපේ අයියාමල්ලි වගේ..... අපි උන්ට නම දැම්මා බ‍්‍රව්න් බ‍්‍රදර්ස්.. කියලා ඒත් ඒ නම අපේ කිරිඅම්මාට කියවගන්න බැරි නිසා පස්සේ ගෝමස් කියලා දැම්මා...

Read more »

11.19.2011

(ගෙඹි) මාළු ඇල්ලීම.....




ඉඳපු ගමන් අපිත් එක්ක හිටපු එවුන්ට පිස්සු තද වෙනවා... අයෙ ඒකට හඳ මෝරණකං ඉන්ඩ ඔණෙ නෑ.... එතකොට බයික් කටු ටිකක් පස්ස පැත්තෙ ගහගෙන ඇවිදිනවා... පස්සෙ ඉතිං "පට්ට ආතල්.." කියලා කිව්වට දන්න එකා දන්නවා කාපු චාටරේ තරම... පිස්සු තදවෙන උන් කියුවෙ අල්ලි, අයියාමල්ලී ඩබලයි.. හඩ්ඩා  ඇතුළු කිහිපයක්.... ඔහොම දවසට එළි බහින්නෙ අනිවා මොකක් හරි මගඩියකට.. එහෙව් දවසක මේ නරි පැටවු ටිකත් එක්ක එකතු වෙලා ගගේ මාළු අල්ලන්න ගියෙ නං කරුමක්කාර කමට අම්මපා... දන්න *ක කුත් නෑ *කේ දතකුත් නෑ... මාළු අල්ලන්න ආවට... 
කොහොම උණත් අර ගෙනියපු මල් ටික පිච්චිලා  ඉවර වෙද්දී මාළු පැටවු තුනක් හතරක් ඇම කාලා තිබ්බා... 
දෙන්නෙක් අන්තිමට අහු උණා..... වදකරලා අල්ල ගත්ත එකනේ දෙයියනේ මුං දෙන්නට දැං මොකදැ කොරන්නේ...!! බෙදාගෙන ගෙදර ගෙනියන්ඩ කියලද.. ආපහු ගගට අතඇරියත් ඉතිං උං ඇම කාලා තිබ්බ විදියට බේරෙන්නනං ඊ.ඇන්.ටී ස්පෙෂලිස්ට් කෙනෙක්වත් අල්ලන්ඩ වෙනවා.. කොහොම හරි හැමදාමත් වගේ ගොං යෝජනාවක් ස්ථිර උණා.... ඒ කිවුවෙ.. මුං දෙන්නාව උයාගෙන මෙතනම ඉවර කරන්නයි සැට්වෙන්නෙ... ගොං කමය කිවුවෙ හැම එකෙක්ගෙම සාක්කුවෙ ගිණි පෙට්ටිනං තියෙනවා... උයනවා කියන්නෙ මාළුන්ට ගිණි තියනවා කියන එක නෙවෙයි නේ... හැලියක්වත් එපායැ.. තම්බගෙනවත් කන්න...  එදා දෙල් වගේ.. 
අඩුමකුඩුම හොයාන ආයෙත් මෙතෙන්ටම එන්ඩ පොරොන්දු වෙලා කෂ්ටිය විසිරුණා.... මම නැවතුනා මාලු දෙන්නාව බලාගන්න.. මම ඔයවගේ වැඩවලට හරියන්නෙ නෑ කියලා තමයි උං ටික මට නවතින්න කිවුවෙ... ඒ උණාට මටත් ඒක හරියට තේරුණේ නැ.... එකෙක් ලුණු අහුරක් අරන් ආවා.. තව එකෙක් මිරිස්... ඔහොම ඔක්කොම ගෙනල්ලා තිබ්බා හැලියක් ඇරෙන්න.. ඉල්ලගත්තා කියලා තමයි කිවුවෙනං... දෙයියනේ දැං කෝ භාජනයක්.. මෙහෙම හිතලා තත්පරයක් ගියෙනෑ මෙන්න එකක් එනවා ගග දිගේ පහලට... දෙයියො එවුවද කියලා බලද්දියි දැක්කෙ අයියාමල්ලි ඊට පිටිපස්සෙං පීනගෙන එනවා...! 


"උඩහ වැලිගොඩ දාන වාඩියක් තිබ්බා... කවුරුත් හිටියෙ නෑ... වැඩේ කරලා ආපහු ගිහින් තියමු...." මෙකා හති ද දා කියනවා.. 
ගුටිකන වැඩ මුංගෙත්....... 
දර නං ඉතිං ඇති පදං... කැලේක නෙ ඉන්නෙ... හැබැයි පස්සවල් ටික උඩදාගෙන හෙවුවත් ගල් දෙකෝම දෙකයි හම්බුණෙ.. පස් කැට තමයි ආයෙ තිබ්බෙ... 
'මල්' ටිකනං හොඳ...ට වැඩ කරණවා...!! මරු අදහස් එන්නෙ... ඇල වෙච්චි ගහක් තිබ්බා..  ඔකේ කඳට (ඇලේ පැත්තට)  හැළිය පැත්තක් හේත්තු කරලා ඉතිරි දෙපැත්තට ගල් දෙක තිබ්බා...... මල් හතයි... ඇලේ පැත්ත කිව්වෙ සුළු කෝණය පැත්තෙ.. ලිපේ රස්නේ කඳට වදිනවා... 
අළුත් මාලු ටික ලස්සන පාටට... ඉදී ගෙන එද්දී අයියාමල්ලී කොටු කැලි දෙකකුත් අරං වාඩි උණා ලිප ගාවින්... සුවඳෙ බැරුවා.. මෙකා මාලු හොරෙන් කයි කියලා සාධාරණ සැකයක් මතුවුණ හින්දා මාත් කිට්ටු කරලා බැළුවා... කිවුවත් වගේ කෝටු දෙක හැලියෙ ඔබාගෙන කාල් ගානවා... 
"මොකද කරන්නෙ.." 
"ඇහ්.. ආ නෑ බං මේ...." 
කියලා මූ හැලියෙන් කෑල්ලක් ගත්තා.. ඉයැක්.... ගෙම්බෙක්... 
"කාටවත් කියන්න එපා අප්පිරියා හිතෙයනෙ... දැං වැටුනෙ ගහෙන්..."
කියද්දිම ජොහ් ගාලා තව එකෙක් වැටුණා... මූ ටක්ගාලා ඒකා එලියට ගන්නකොටම තව එකෙක් වැටුණා... මං ටක් ගාලා ඌව ගත්තා...
ගෙම්බොනං බේරගන්න බෑ මොකෝ වැටුණ ගමන් හතරගාතෙ දිග ඇරිලා උඩුකුරුඥ්ඥං වෙනවා.... මාළු එකවත්.... 
මායි අරුයි කෝටු දෙකක් තියාන බලං ඉන්නවා ගෙම්බො වැටෙනකං.... එන්න එන්නම වැටෙන සීඝ‍්‍රතාව වැඩිඋණා... 
අපි දෙන්නට වැඩේ කරගන්න බෑ අල්ලියා සීන් එක දැකලා ටක් ගාලා කොටු දෙකක් අරගෙන ඌත් ආවා... ඊට පස්සෙ හඩ්ඩත්..... අන්තිමට බලද්දි දකීවි කියලා බය වෙච්ච උං ටිකත් කෝටු අරං සෙට් වෙලා වට වෙලා ගෙම්බො අරං දානවා... අර ගහේ බෙනේක ගෙම්බො පිරිලා... උංට ලිපේ රස්නෙ වැදිලා හැළියට වැටෙනවා වැටිණු ගමන් ඒකේ රස්නෙට මුං හොඳට තැම්බෙනවා... 
"උංට චූත් යන්න ඇති..." 
"විසයිද දන්නෙතත් නෑ...." 
"හපො..." 
"ඉවු.."  
එවුවා මෙවුවා හිතුණෙ කට්ටියගෙ 'මල්' ආතල් කුඩු උණාට පස්සෙ... එතකොට ඉතිං මාළු ටික කාලා ඉවරයි..... 

Read more »

11.16.2011

අයියාමල්ලි.......




මගේ අයියා ගැන නං මීට කලින් ලිවුවා මේ අයියාමල්ලි....... 
රෑට රෑ වෙලා ගෙදර එනකොට කවදාවත් ඉස්රහ පැතතෙන් එන්න හොඳ  නෑ බල්ලා බුරණවා... ඒ හින්දා අහඹු ලෙස තෝරගත්ත තැනකින් වැටෙන් පැනලා හොරෙන් එන්න ඔනේ.... ඊට පස්සෙ මල්ලිගෙ කාමරෙ ජනේලෙන් පනින එක ලේසියි... හැබැයි සමහර දවසකට අම්මා නිදියනවා ඒ කාමරෙ අයියාගෙ හොර අල්ලන්න... ඔ්ක අපේ අයියගෙ කතාව.. දවසක් ඔහොම කකුල ජනේලයෙන් දානකොටම අම්මා කකුලෙන් අල්ලගෙන... බෙරෙන්නම බැරි උණා කියලා දැං ඉස්සෙල්ලාම ඔළුව දානවා... මග නවත්තපු බයිසිකල් කටුව උදේට තමයි ගන්නෙ නැත්තන් සද්දෙ ඇහෙනවනෙ... දවසක් 'ගල්' ඔවර් ලිමිට් ගිහිල්ලා වෙරිමරගාතේ බයිසිකලේ වැනෙනවා වැඩියි කියලා ඒක එතන තිබ්බ කෙහෙල් ගාලක දාලා පයිං ගෙදර ආවා.. 


අයියා මෙහෙම කලාට අයියාමල්ලිටනං එහෙම ප‍්‍රස්ණ නෑ...  පොඩ්ඩක් විතර අවුට් කේස් දෙකක්...!! කරුමෙට නිවුන්නු වෙච්චි.... උංගෙ අම්මා කොහොම දුකක් විඳින්න ඇත්ද.... 
මුන් දෙන්නා කොච්චර එකවගේද කියනවනං මුංගෙන් අයියා කවුද මල්ලි කවුද කියලා අදුනගන්නම බෑ... ඒ හින්දා දෙන්නටම කියන්නෙ අයියාමල්ලී කියලා.... 

මල්ලි දවසක් බස් එකකදි කෙලලෙකුට උගෙ මොබයිල් නම්බරෙ දීලා... පස්සෙ ඒකිත් කතා කරලා හම්බවෙන්න දවසක් දාගත්තට පස්සෙ මූට බෑ කියලා හිතුණලු... මුගේ අයියා මූ වෙනුවට ගිහින් එකිව ටික කාලයක් ආශ‍්‍රය කලා.. ඌ ඒ කෙල්ලගෙන් ගැලවිලා තියෙන්නෙ මම නෙවෙයි අන්න අරයා .. කියලා මල්ලිව පෙන්නලා... එහෙව් පජාත ඉතිහාසයක් තියෙන්නේ...
 අපේ ඉස්කොලේ ටොප්ටෙන්(wanted) ලිස්ට් එකේ මුන්දෙන්නම හිටියා.. මුංගෙ පෞද්ගලික ලිපිගොණු ඇතුලෙ වැඩිහරියක් තිබුණෙ මුන් ලවා අත්සන් කරපු ලියුම්... මං අර වැරුද්ද කලා මෙ වැරද්ද කලා කියලා...



මුන්දෙන්නා රූට ගෙදර එන්නෙත් බොහෝ වෙලාවට  11.28 ට විතර.... එහෙම ආපුවාම ජනේලෙන් අතක් දාලා මොකක්දෝ ජිල්මාට් එකක් කරපුවාම හුටුස් ගාලා දොර ඇරෙනවා... උංගේ බයිසිකල්වලට කොහොමත් වෙන අයිතිකාරයෝ හිටිය නිසා එවා ගැන වද වෙන්න දෙයක් නෑ... නිවුන්නු උනාට මුංගෙ අදහස්නං අහසයි කඩලයි වගේ කිසිම ගැලපුමක් නෑ... හරිම වෙනස් විදියට හිතන දෙන්නනෙක්... අපි මොනවා හරි කියනවනං ඉතිං ලෙසටම කියන්න ඔනේ... නැත්නම් මොනවා හිතයිද කියන්න බෑ... 
දවසක් ඔන්න එකෙක් වැරදිලා පාන්දර එහැරලා... 8.13ට විතර... ඇස් බාගෙට ඇරගෙනම කූඩාරම් ගහපු කලිසම අතින් හදාගෙන ඉස්සරහා දොරෙන් එලියට බැස්සලු.... මිදුලේ අක්කා අතු ගානවා... මෙකාගෙ ලැජ්ජාව බිට් එකෙ නිසා එතනම සුළුදිය බාන්න පටන් ගත්තලු.... අක්කට මලපැනලා.... ඇයි යකෝ හරියටම ගේ ඉස්සරහා... යාළුවෙක් එහෙම ආවොත්...! අක්ක ඉදල පැත්තකට දාලා ඉනේ අත්දෙක ගහගෙන සැරෙන් කිවුවලු....


"ආං බලපල්ලාකො චූ කරණ තැන... "
මූ කියනවලු..... 
"නැතුව ඉතිං කටින් චූ කරන්නයැ...."



Read more »

Followers