10.12.2012

කෙල්ල තරහ වෙලා



මචන් ටුවර් එකේ මොනවද ගහන්නේ. දවස් හතම බොන්න ඕනනේ ගල් තමා ඉතින්......
ඊට කලින් තිබ්බ ගොයින් ඩවුන් එකට ගහල වයර් වෙච්ච පාර තාම බඩු. ටයි එක දාපු එක හොඳට ගියා කබරයා පාර තව පොඩ්ඩෙන් ෂර්ට් එකේ තමා පිහින්න වෙන්නේ අල්ලන් හිටපු එකාගේ. බීල නටන වෙලාවේ කෙල්ලගෙන් ආපු කෝල් එක කට් වෙලා තියෙන්නේ "මේ වෙලාවේ මම කාර්ය බහුලයි මම පස්සේ කෝල් කරන්නම් කියලා. රෑ දොළහට විතර කාර්ය බහුල උනේ , අන්දරෝයිඩ් තාක්ෂණයට පින්සිද්ද වෙන්න සාක්කුවේ තියෙද්දීම බඩු ටච් වෙලා.. වෙරි මර ගාතේ කෝල් එක එනවා දැනුන් නෑ මසාජ් එක එනවා දැනිලා අරන් බලපුවාම.. බීල ඉන්න වෙලාවේ කරදර කලට සමා වෙන්නලු.. බඩු පිටම ආපහු කෝල් එක ගත්තේ බීල ඉන්න වෙලාවේම බැනුම් ටික අහල ඉවර කොර ගන්න. ඉතින් සුදු මම හැමදාම බොන්නේ නෑනේ මේ අයියගේ වෙඩිමේ බිව්ව පාර අද තමා බිව්වේ. බොරු කියන්න එපා අනේ ..
**^%%%^&^ ^%%^$$ &$#$# 
මට දැන් ඇතිවෙලා  *&&&^^ $## 
මට එපා වෙලා %%%% ** 
මොකද්ද අනේ ###  
බීල මදිවට තව බොරුත් කියනවා ....&&&&
එදා මට කිව්වේ වෙඩිමේදී බිව්වේ නෑ කියලා....එදත් බීලා වෙඩිම තිබිල මාස තුනක්වත් නෑ ආපහු බීලා.....
කාටද ඉතින් ඕවා මතක තියෙන්නේ ... දැන් ඉතින් මොනවා කරන්නද... ඕන එකක් දෙකයි පනහයි කියලා ජන්ගමේ පැත්තක තියලා ස්පීකර් දාල බැනුම් අහනවා.. ඔයා අහගෙනද ඉන්නේ .... ඔව් ඔව් මම අහගෙන ඉන්නේ... දන්නවද හෙට කවද්ද කියලා.... 
ඔව් හෙට සෙනසුරාදානේ.... දඩස් ගාල ජන්ගමේ තිබ්බ පාරට වෙරිත් බැස්ස .
ආයමත්  කෝල් කලාට වැඩක් නෑ කියලා අත් දැකීමෙන් දන්නා නිසා තව පොඩ්ඩක් බීලා හෙට කවද්ද කියලා කල්පනා කරන ගමන් බාත් රූම් එකේ ඉදගෙන නින්ද ගිහිල්ල තිබ්බ කියලා යාලුවෝ කියනවා මට මතකයි ... 
කොහොමහරි නැගිටිනකොට උදේ පාන්දර දහය හමාර විතර වෙලා ටවල් එක විතරයි ඇඟේ තියෙන්නේ.. අල්මාරියේ යතුර කොට්ටේ යට තිබුනා.. ඒක අරන් අල්මාරිය ඇරපුවාම ජන්ගමේ, වොලට්ටුව,ඔරලෝසුව ඉතා පරිස්සමට ගලවා දමා ඇති අකාරයෙන් වැඩිය වෙරි වෙලා නෑ කියලා හිතන් හිටියට .. පස්සේ ආරංචි උන පරිදි  ඒ ඔක්කොම ගලවා විසික්කා දමා තිබියදී,,  එකතු කරගන්නා ලද ඒවා බව කව්ද මන්දා කිව්වා. කොහොම හරි වයිෆා ශේප්මෙන්ට් එකක් දාගන්න කෝල් එකක් ගත්ත ගමන් ඇහුවා අද කවද්ද .. සෙනසුරාදා ... දඩාස් ,...
ඇයි යකෝ.... අද උපන් දිනේ වත්ද කියලා කල්පනා කලාට මොකුත්ම කුඩා මොලේට ආවේ නෑ.. කෝකටත් කියලා ළඟ පාත ඉන්න යාලුවටත් සීන් ඒක කියලා... මමත් දැන් කල්පනා ලොව මල් වගේ ඉන්නවා. උඹලගේ ඇනිවසරිය වත් ද ..... යට ඉන්න එකා කෑ ගහද්දි මට මීටර් උනා සීන් එක... කෝල් එකක් අරන්  " මගේ සුදු අදට ## අපි යාළුවෙලා  && අවරුදු ** .... " ඇති යන්තම් මතක් උනා.. අද අනිවෙරසරි හින්දා සමාව දෙනවා  කියලා යන්තම් ශේප් කරන් පැයක් විතර ආදර මල් වනේ ඉන්න කොට එකෙක් ඇවිල්ලා ඒයි උඹේ සාකුවේ තිබ්බ සුදු පාට එව්ව පෙට්ටිය කෝ කියලා අහපු  වෙලේ ඉදන් අද වෙනකන් මාත් එක්ක කතා කරන් නෑ...

දැන් දවස් හතරයි 
මැසේජ් එකක් එවල තිබුනා අන්තිම දුක්ක දායකයි... එකේ තිබුන විදියට ආයම කතා කරන් නැල්ලු.. බෝඩිමේ යාලුවට කෝල් එකක් අරන් එහෙන් මෙහෙන් විස්තර ටිකක් හොයල බලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.. කියන විදියට නම් බොහොම දරුණුයි.. නැන්දම්මටත් කියලද කොහෙද .. කතා කරන කන් පාළුව දැනෙන්නේ නෑ.. තරහ උනාම හිතා ගන්නත් බෑ. දැන් ඉතින් මොනව කරන්නද තව සති දෙකකින් ටුවර් ඒක යනවා එටකොටත් බැනුම් අහනවට වඩා හොන්දයි ගිහින් ඇවිත්ම බැනුම් අහන ඒක..
නරකම දේ තමා කෙල්ලගෙන් බැනුම් අහන ඒක .. එකත් හරි ෆන් ..
තරහ  වුනා කියලා දාල යන්න බෑනේ.. වෙන කෙල්ලෙක් හොයා ගන්නත් බෑනේ ඔන්න ඕක තමා වෙන්නේ ඉතින් බොක්කෙන් ලවක් කලාම.. ඉන්නකන් හිටියනම් අපිට මොකෝ ලොකු මහත්තයා කියලා ඉන්න තිබ්බා. ගෙදරට කියලා ගමම දන්න දරුවෙක් සෙට් වෙච්ච් එවුන් දන්නවා ඕකේ ආතල් ඒක.. ඊටත් වඩා අයියා හොඳම යාළුවා උනාම ?... 
පාන් නැත්තම් ගල් බනිස් කියලා මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මතක් වෙනවා එන සඳුදා සෙමෙස්ටර් එන්ඩ් ඒක කියලා පාඩමක් පොතක් බලන්න බැරි හින්දා.. මනෝ පාරක් දාලා කල්පනා කරා හැකර් කෙනෙක් වෙලා සර්ලගෙ ඉලෙක්ට්‍රොනික තැපෑල හැක් කරලා බැජ් ටොප් වෙන විදිය.. 
මම කියන්නේ කොල්ලෙක් පොඩ්ඩක් බීවට මොකුත් වෙන්නේ නෑනේ.. මේ කෙල්ල හිතන් ඉන්නේ අරක්කු බෝතලයක් මිනිහෙක් තනියම සතියකින් හරි අවරුද්දකින් හරි බීලා ඉවර කලොත් උට සිරෝසිස් හැදිලා ස්වර්ගස්ථ වෙනවා කියලා..
ඒ මදිවට අපේ මොකෙක් හරි ගස් වඳුරෙක් ටික කාලෙකට කලින් එස් එමක් කොටලා ආතල් එකක් අරන් තිබ්බා මම සිගරට් හතරක් සතියකට  බොනවලු. එකටත් හෙන කෙස් එකක් ගිහින් යන්තම් ශේප් කරගත්තේ හෙන ගේමක් ගහලා. තාම හිතාගෙන ඉන්නේ කොල්ලෝ කාලේ සිගරට් එකක් හතර දෙනෙක් විතර බීලා .. ක්‍රමයෙන් බේබද්දෙක් බවට පත් වෙලා වයසට ගියාම එකක් තනියම බොන්න පුළුවන් කියලා.. එකක් තනියම බොන කොල්ලෝ ඉන්නේ ගංජා ගහන කොල්ලෝ ගැන කෙල්ලන්ට තියන තැනේ....
අනේ මන්දා මම ඔවා තේරුම් කරන්න ගියා නම් මම මුළු සාමජේම ඉන්න බේබද්දනේගේ සුදු හුණු ගෑවා වගේ වෙනවා ඒක නිසා මාපට ඇඟිල්ල කටේ දැන් මම බබා වගේ නිකන් හිටියා,..

මොනවා උනත් හිත අප්සට් හින්දා අදත් පාඩම් කරන්න නම් බෑ .. අදත් ගිහින් බුදිය ගන්නවා...  ඉන්ටර්නෙට් ගිහින් මම බ්ලොග් එකක් කරනවා කියලා දන ගත්ත දවසක නම් අනිවාර්යෙන්ම දාල ගිහින් පස්ස හැරිලා ගලකිනුත් ගහලා තමා යන්නේ ඇයි ඉතින් මේකට සීමා නෑ නේ අපි ගියා.. උඹලා එහෙම බීලා නරක ළමයි වෙන්න එපා මන් වගේ .. නරකය නම් බොන්නේ නෑ මගේ හිතේ.... සිගරට් එකක් කකුලේවත් තියල නැද්ද කොහෙද  

මට බුදු සරණයි 

21 අදහස්..:

  • නරකයා....!! says:
    October 12, 2012 at 1:35 PM

    ඔක නවත්තපං මචං.... හැමදාම ඔක හරියන මගලක් ෙනෙම්ෙන්... මං කියන ඒක අහලා ෙකල්ලට අහුෙවන ඒක නවත්තපං...

  • චතුවී says:
    October 12, 2012 at 2:34 PM

    මූ බීපුවාම මුලින්ම අහුවෙන්නෙ කෙල්ලට.. අඩුම තරමේ වටෙ ඉන්න යාලුවෙක්ටවත් අහුවෙයන්...
    කොහෙද,.. මුලින්ම එක දා ගන්නේ කෙල්ලගෙන්...
    හිහි

  • ලෝකයා... says:
    October 12, 2012 at 5:25 PM

    ඔව් මන් හැංගෙන්න හිතන් ඉන්නේ

  • ලෝකයා... says:
    October 12, 2012 at 5:28 PM

    නොන්ඩි නැතිව හිටියා මගුලේ රිජෙක්ට් විත් එස් එමක් ගිහින් තමා මල පැන්නේ... නැත්තන් බියර එකකට ඕකේ වෙලා තිබ්බේ.....

  • sAm (සෑම්) says:
    October 12, 2012 at 7:02 PM

    අපි නොබොන ලමයි නේ :)

    හොදයි පෝට්ටුව !

  • Red Riding Hood says:
    October 12, 2012 at 8:25 PM

    හ්ම්ම්... අනේ මන්දා.. නොබී ඉන්නම බැරිද හැබැට??

  • නරකයා....!! says:
    October 12, 2012 at 9:43 PM

    පුලුවං.... අපි ඉන්නෑ......

  • රොබින් says:
    October 12, 2012 at 10:22 PM

    බොන වෙලාවට පෝන් එක ඕෆ් කරගනින් ...

  • Dinesh says:
    October 12, 2012 at 11:30 PM

    හ්ම්ම් හ්ම්ම්....

  • Dude says:
    October 12, 2012 at 11:59 PM

    මේ දැං ගිහිල්ලා බොන්න හිතෙනවා මේක කියෙව්වාම.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  • ලෝකයා... says:
    October 13, 2012 at 6:52 PM

    එහෙම හිටියා.. එතකොට ෆෝන් එක වැඩ නැත්තම් මම බීලා ....

  • ලෝකයා... says:
    October 13, 2012 at 6:52 PM

    ඒ මොකෝ ඒ

  • Dude says:
    October 14, 2012 at 9:41 AM

    ඇයි බං මාට්‍ටු වෙලා මේ වගෙ ආතල් පෝස්ට් එකක් ලියන්න නිකම්ම කරුණු හම්බවෙනවනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  • නරකයා....!! says:
    October 14, 2012 at 11:16 AM

    ෙගදරදි අතහදා බැලීෙමන් වලකින්න...... අනතුරුදායකයි..........!!

  • kuppiya says:
    October 15, 2012 at 9:27 AM

    වැඩේ කියන්නෙ බ්ලොග ලියන්න මට ඒවා මතක හිටින්නෑනෙ....

  • නරකයා....!! says:
    October 15, 2012 at 12:42 PM

    කෙල්ල තරහා වෙලා කියලා වෙනම බ්ලොග් එකක්ම ලියන්න වෙයි නේ..... කෙල්ලෝ ගානේ හැටියට....

  • ලෝකයා... says:
    October 15, 2012 at 3:46 PM

    ආතල් එක ගොඩක් කල් තියන එක තමා ඉවසන්න බැරි

  • ලෝකයා... says:
    October 15, 2012 at 3:47 PM

    සිහිය ආපු වෙලාවක අනික් උන්ගෙන් අහපන් ... මාත් උන්ගෙන් තමා අහගත්තෙ

  • දූපත් වැසියා says:
    October 17, 2012 at 11:07 AM

    කොලුවෝ පරිස්සමින් ,, දිගටම බීවම පුරුෂ සක්තිය හීන වෙනවාලු

  • PPya says:
    November 7, 2012 at 10:14 AM

    Adooo NARAKAya umba aiyage maguleth biuwada. yako api dakke nane.

  • නරකයා....!! says:
    November 7, 2012 at 2:53 PM

    මේක ලිවුවෙ මම නෙමෙයි බන්ස්... අනිකා... ලොකයා

Post a Comment

Followers