10.21.2012

ඇමතියාගෙ බේකරියට ගිය අන්තිම දා....

ඒලෙවල් කිට්ටු වෙද්දි ගෙදර පාඩම් කරනවට වඩා සෙට් වෙලා පාඩම් කරන එකේ ගතියක් තියෙනවලු.. අපි පොත් ටික අරන් බොහෝ දුරට යන්නෙ පිපියාගෙ ගෙදර... මොකෝ එහෙ කවුරුත් නෑ දවල්ට..
 අපි පීපියාගේ ගෙදර එනවට ඌ වැඩිය කැමති නෑ.... අපි ආපුවාම ඌට වැඩකරන්න අමාරු කමටද ඌ කෑල්ලත් එක්ක මල් කඩන ඒවා අපි අනිත් ටැලිපෝන් එකෙන් අහන් හිටපු හින්දද මන්දා.... 

 සුදුමල්ලියාත් එහෙට සෙටමොල් උණාම එක්කෝ නාන්න බුබුලට යන්වා නැත්තං ඇමතිලාගෙ ගෙදර යනවා බනිස් කන්න.. ඕන්න ඉතිං පාඩම් කිරිල්ල...... උගෙ ඇත්ත නම ගයාන් උන්ට බේකරියක් තිබ්බා.. උන්ගෙ අයියා තමයි ඒක ගොඩක් දුරට රන් කරන්නෙ... 
"අංකල් ගයාන් ඉන්නවද....?" 
කියාගෙන ගෙට ගිහින් අනිත් පැත්තට බේකරියට පැනලා නම්වත් දන්නෙ නැති එක එක හැඩේට තියෙන ඒවා විනාස කරලා ගිලලා දාලා එන එකත් සිරිතක්... 'අඩේ' කියලා පොඩි සුන්ඩල් එකක් තියෙනවා ඒක තමයි අපේ පියතම එක..... කාලා කාලා හණු ඇදුම් කාලා එකට ඇලෙන සයිස් එනකොට අපි පිටත් වෙනවා තේ එකකුත් ඉල්ලගෙන බීලා..... ගයානයාටනම් අපි ගැන 3 හිතකවත් කහටක් නැතුව ඇති හැබැයි ගෙවල් වල උන්ටනම් අපි මළ ඇණයක් කියලා ෂුවර්... විශේෂයෙන් ගයානයාගේ අයියට අපි දැක්කාම හික් ගැවෙන ගතියක් තිබ්බා... !

මෙ කාලකන්නි දවසෙ උදේත්, පාන්දර නැගිටලා සුපුරුදු පරිදි ඇඳ ඇතුලට කොස්ස දාලා සරම එළියට ගත්තා. ඒක නවලා බිත්තියට හේත්තු කරලා කලිසමකට බැහැලා කබ කඩ කඩාම ලොකයාගෙ ගෙදර යනකොට ඌ ඉන්නවා මගේ තේ එකත් අතේ තියා ගෙනම...  උන්ගේ තාත්තා මන්දිහා බලලා බිම බලා ගත්තා... උදේ පාන්දර දැක්ක හින්දා මළපැනලා වෙන්ඩ ඇති... අක්කනං මාව දැක්ක ගමන් හිනාවෙනවා... මං හිතන්නෙ උංගේ ගේ ඉස්සරහින් අක්කා බලන් ඉද්දිම පොලිස්කාරයෙක් කණෙන් ඇ‍දගෙන ගිය සීන් එක මතක් වෙනවා ඇති....කොහොමහරි ඌවත් ඇදගෙන රාජකාරිවලට පිටත් උණා...

අද අපි කොහෙටද යන්නෙ කියලා නිමිති බලලා තීරණය උනේ ඇමතියාගේ ගෙදර යන්න... ඇත්තම කියනවනං බනිස් කන්න යන්න... පුටාර් ටික පස්ස පැත්තෙ ගහගෙන අපි පෑගුවා ඇමති නිවසට.... කිලෝ 10ක් විතර පාගලා ගමනාන්තයට ළගා උණා අපි ඈතින් එනකොටම ඇමතියගෙ  අයියා ඉස්සරහට පැනලා කෑ ගහන්න ගත්තා...

ල්ලී අද ගයාන් ගෙදර නෑ බේකරියත් වහලා....

එදා තමා අපි අවසන් වරට අඩ වල සුවද බැලුවෙ....

22 අදහස්..:

  • sAm (සෑම්) says:
    October 21, 2012 at 8:34 AM

    අඩ කෑමට අඩේ තිබ්බේ එදාද ? 

  • Chandana says:
    October 21, 2012 at 9:31 AM

    තව ටිකක් කල් ගියා නම් බේකරිය වහන්න වෙනව ද හැම දාටම..:)
    අඩ කියන්නේ ස්පන්ච් කේක් වලට ටිකක් සමාන කෑමක් නේද...

  • රාජ් says:
    October 21, 2012 at 11:11 AM

    පව් කියල හිතෙනව බං.

  • වර්ණා says:
    October 21, 2012 at 11:28 AM

    අඩ මරු :)

  • වර්ණා says:
    October 21, 2012 at 11:29 AM

    අඩ කියන්නේ වෙනම කෑමක්. ස්පන්ච් කේක් වලට බටර් දානවා. අඩ වලට බටර් නැහැ

  • නරකයා....!! says:
    October 21, 2012 at 11:43 AM

    ඔවු අප්පා... එදා ඉදන් තාම එකක් කා ගන්න බැරි උණා...

  • නරකයා....!! says:
    October 21, 2012 at 11:46 AM

    අනේ මන්දා... වර්ණා කියනවනං ඉතිං හරි වෙන්ඩ එපෑ... මේකිට වඩා කෑම ගැන අපි දැනගන්න විදියක් නෑ නේ..... කලුපාටයි කියලා මතකයි...

  • නරකයා....!! says:
    October 21, 2012 at 11:47 AM

    කවුද...? බක්කරේ ද...

  • නරකයා....!! says:
    October 21, 2012 at 11:47 AM

    එහෙනං එහෙනං....

  • ලෝකයා... says:
    October 21, 2012 at 2:24 PM

    හප්පට හුඩු ඔව්නේ මට.................. මල්ලි ගයන් නම් ගෙදර නෑ බෙකරියත් වහලා......... ගුල්ලා අයියගේ බේකරිය ... අපේ අයියා ගයානයගේ අයියගේ වයස .... පොරත් යනවනේ... බේකරියට.... හික් ගැවෙන එක සාමාන්‍ය සිද්දියක්

  • Dude says:
    October 21, 2012 at 5:12 PM

    ඉතින් ඔන්න ඔහොමලු බේකරියක් බංකොලොත් භාවයෙන් බේරුනේ. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  • අසරණයා says:
    October 21, 2012 at 8:00 PM

    මොනවද බං අඩ කියන්නේ. ඒවාට කියන තව නමක් තියේද?

    මොනවා වුනාත් උඹල පව් බං..

  • තාරා says:
    October 21, 2012 at 9:03 PM

    පවු අෆ්ෆා...

  • නරකයා....!! says:
    October 22, 2012 at 12:44 PM

    ළගදි ඒ පැත්තෙ ගියෙම නෑ... කොහොමද දන්නෙ නෑ තත්වෙ... මොනවා උණත් මහන්සියෙන් හදන ඒවා නාස්තිවෙනවටනං කවුරුත් කැමති නෑ.. මොකො අපි කොච්චර උණත් කෑවේ බඩ ගින්නටම නෙමෙනෙ....

  • නරකයා....!! says:
    October 22, 2012 at 12:45 PM

    මොකද්ද අප්පා අඩ දන්නෙ නෑ කියන්නේ... දුවනවා... දුවලා ගිහින් අම්මගෙන් හරි අත්තම්මගෙන් හරි අහගෙන එනවා.....

  • නරකයා....!! says:
    October 22, 2012 at 12:45 PM

    පවු නේන්නං අප්පා..

  • මොනවද බං මේ අපි නොදන්න "අඩේ"...??

  • නරකයා....!! says:
    October 22, 2012 at 2:52 PM

    අඩේ අඩ කාලා නැද්ද.... අඩේ වර්ණා.... මේ මුන්ට කියලා දීපියකෝ..

  • සුරංග says:
    October 22, 2012 at 3:02 PM

    එෙකන් ඩවුන් කියන්ෙනත් අඩවලටමයි

  • kuppiya says:
    October 22, 2012 at 3:10 PM

    අඩ කිව්වවහමයි මතක් උණේ..ඇයි ගල්බනිස්..?

  • PPya says:
    November 7, 2012 at 10:02 AM

    dan nam amathiya bandala. dan one welawaka "ada" kanda puluwan. koheda ithin LOKAya e paththe enne wath nane. ne ban NARAKAya

  • නරකයා....!! says:
    November 7, 2012 at 2:54 PM

    සිරාවට.....
    ඒත් මට තේරුනේ නැත්තේ අරූ බැන්ද නිසා අපිට අඩකන්න පුලුවං වෙන්නෙ කොහොමද කියන එකයි...

Post a Comment

Followers