12.21.2011

යාපනය පායනය සහ හමුවීම



හිතැති රුව දුටුව දින
නෙතට නෙත ගැටුන විට.
ඇකයෙ හුන් කුඩා සඳ
නුඹේ හද යැයි හැඳින
නොබැලුවෙමි නුඹ දෙනෙත..
භව බැඳුම පසෙකලා
පළමු දින පුරාවට
ඉගිල යන තෙක්ම
පැයෙන් පැය වසරක්ම

පහන් කල රැය පුරා
හැඳිනු ලබැඳි මිතුරෙකු සමග
හිස් වචන තෙපලුවෙමි
රිදෙන දෙනුවන් සමඟ
විමසුවෙමි නුඹේ රුව ගුණ
හැඳින නුඹ හා ඔහුව
සතුට නිම් හිම් නැතිව
අලුත් දවසක හිරු කිරණ
එදින සිට මට නුඹම විය…..

විඳ ගතිමි නුඹේ රුව
පුරා දෙදිනක් වසා
ඇසට ඇස හමු විය
නුඹේ මග වූ දෙනෙතද
සමග……..

රිදෙන පා යුග සසළව තබා
නුඹේ රුව නොමකා තියා
සිත් උපන් දා සිටම
වාරු නැත මට මගෙම
නොපෙනෙනා වූ දෙනෙත
අසරණය නැගණියනි
මිහිරි නැත මට කිසිත්
නුඹ සමු ගත්ත දින
තරමටම පළමු දින..........

පමා විය මා උරුම ලෙසටම
හැඳුනු මිතුරා සොයුරෙක්ම විය
මට..... පෙර
නුඹ සොයුරුම විය
නුඹ දෙනෙත පෑදු දෙනෙත්
මගේ මෙන් හැඟුන දින
විමසනු කෙසේ මා නුඹව
මා දෙනත්
මට නුඹ වුවද.......

ලැබුන විට මට නුඹව
ලැබේ මට නුඹෙ මුලු ලොවම
නොවේ නම් මට කිසිත් නැත
දෙනෙත් හා නුඹ සොයුර
තරමටමටම නුඹේ සිනහව
වූ හිරු සේම………..
 ඉඳින්
මා නැගණියනි……..
කියනු මැන මට නුඹම
මා කුමක් කළ යුතුද
මට නුඹේ සිත් ගන්න
මලසුනේ හිස තබා
කියන්නම් මා නුඹට
නුඹ  රැකුණ අසමාණ දෙනෙත්
තුළ නුඹම  වුන් පරිදි....
තබන්නෙමි මම නුඹව
මගේ දිවි ඇති තුරාවට
මගේම වූ දෙනෙත් යට
නෙතු පියන් නොසලාම…….

පතන්නම් මම නුඹට
නොපෙනෙනා මග පෙනෙන ලෙස
නැතත් මා නුඹ ළඟට
රකින්නම් මා නුඹව
රැඳුන හද සොයුරු  ලෙස
රැඳෙන්නම්  මා  නුඹ ළඟම
නොපෙන්නා මා නුඹට
අවසරයි පතන්නට
සුභම සුභ දවසක් නුඹට
උදා වන හැම දිනම
දිනන්නට
ජය ලබන්නට ……..


Read more »

12.20.2011

මලට විල මට වල

ගොහොරු මඩ
පිරුනු වැඩ සමග
රොන් මඩ
පාට වතුර
බොර දිය සමග
නිල් දිය
හිරු ඇතිව හෝ
සඳු නැතිව
නොවෙනස්
වල..................
ගොහොරු මඩට
වෙන්ව දියට
හිරුට ලංව
පිපී දිලෙන
නෙලුම නුඹ
නිසා...............
වෙනස් කල යුතුය
ලිපිනය
පෙර වලකි
දැන් විලකි
මඩේ පිපුන
වලේ සුපිපුන
නෙලුම
නුඹ නිසාවට
මීට................
හිරුට දුර
නටුව ළඟ
(අ)වැසියා.........

SbS-2010-03-11

Read more »

12.18.2011

නරකයෙක් උනෙමි...(යාන්තං 50යි...)

උජාරුවට අළුත් උසස්පෙළ පන්ති වලට කඩද්දිම මම නරකයා විදියට බෞතිස්ම උණා.... නම් කතා කරලා අදා පන්තිය දැනගන්ඩත් කලින් පිටිපස්සෙන් ඇවිත් කොණ්ඩෙන් ඇදපු එකාගෙ ජාතිය අමතලා බලද්දි
"හුටා වයිසා...!"සපත්තුදෙකේ ඉඳන් කොණ්ඩෙ දක්වා හෙඳට බලපු උපවිදුහල්පති තුමා ආදරෙන් ඔලුව අතගා කිවුවෙ "කොන්ඩෙ කපන් එනවා" කියා පමණි... 
"සල්ලි නෑ සර් කන්න ගෙනාපු එකවිතරයි හෙට කපන් එන්නම්"යි කීමුත් බිරි බල්ලට විසිල් ගහන්නා සේ අන්තිමට රුපියල් 100ක් දී මා එළවීය. කලින් දවසේ අම්මත් ඔය වැඩේටම දීපු රුපියල් 50 තාම පර්ස් එකේ. මගට ගිහින් ආපහු හැරි "ඉතිරි ගෙනත් දෙන්න ඔ්නේ" යැයි එතුමා කීවේ මං වයිසා කියපු එකට තරහ ගිහිං වත් දැයි මට සිතුණි. 

සුදට සුදෙ අලුත් ඇඳුමට කොන්ඩ කොට වැටෙනවට මං සැලුන් එකට ගිහින් කමිසෙ ගලවලා එල්ලද්දි, එතන තව කමිසයක් තිබූ අතර අටෙ දහයෙ පොරක් බණඩා පිටින් කොණ්ඩෙ කපයි... ලොකයා මුණගැහුණු මූසල උදැසණ එය විය. මේකාට පස්සෙ මමත් කොණ්ඩෙ කපනකං මූත් බලන් හිටියෙ මගේ තනියටද ඌත් බය හින්දද මන්දා පොරත් මගේ පන්තියටම වැටීමෙ සම්භාවිතාව ඇති එකෙක් බව දැණුනු නිසා මටත් පොඩි හයියක් හිතට දැණුනි. කමිස දෙක ආයෙ යට කොර ගෙන ලාවට කපා ගත්ත කොණ්ඩෙ ගාණට පීරගෙන උගෙ අම්මා ඌට කොන්ඩෙ කපන්න දීපු සල්ලියි ඌව කොණ්ඩෙ කපන්න එවද්දි විනය පාලක තුමා දීපුසල්ලියි මගේ ඒවායි සැහෙන්න සල්ලි වගයක් ඉතිරියි... ඒටිකත් ඉවර වෙනකං ලග කඩෙන් ලජ්ජා පිට්සා (පිටිසා වගේ හදපු පිටි ගුලියක්) කාලා අපහු ඉස්කොලෙට යන කොට 10.15යි. අපේ කරුමෙට ඇරඹුමම එහෙමයි... ඉස්කොලෙට යද්දි... ප‍්‍රින්සිපල්ම ඉස්සරහට හම්බ උනාට අවුලක් නෑ අපිව යැව්වෙ උපවිදුහල් පති සහ විනය පාලක තුමන්ලා නිසා එසේ වුවත් 
"තොපි කොන්ඩෙ කපලා නෑනෙ  ඇගේ කොණ්ඩ කොටයක්වත් නෑ පළයව්" 
ලෙස පාසලෙන් එලවා අප ලෝකෝත්තර වැඩ සහ නරක  වැඩ කරන වුන් ලෙස පොදුවේ හංවඩු ගසා අලුත් උ/පෙ පන්තියට යන්න තිබ්බ ආසාවට කෙළවීය... දැන් අප නැවතත් සැලුන් එකේ මුත් කපන්න වෙන්නෙ පිලිවෙලින් දෙන්නාගේ අහවල් එක දිලා මිසක් සලලි දැන් ඇත්තේ බඩේ බැවින් කොණ්ඩ කොට ටිකක් අවුලා ඇගට හලාගෙන නැවතත් වීරයන්සේ පාසලවෙත ගියෙමු. එහිදී පෙකී ගුරු පියවරුන් අප අමතා ඉතිරි සල්ලි ඉල්ලන විට දෙවන වරටද අහවල් එකෙන් ඉක්කාවක් ගියෙ සල්ලි නැතිකමට හෙවත් දුප්පත් කමටය. අපිට දෙපාරක් කොණඩේ කපන්නට සිදුවූ හෙයින් ඉතුරු නෑ.. යි පවසා පාසල තුලට යංතම් පැන ගතිමු.. 

ඔපපාතිකයින් සේ පන්තිය මොකද්දවත් දන්නෙ නැතිව බොහොම අමාරුවෙන් පන්තිය හොයාගෙන යද්දි, මගේ ෆිට් එවුන් ඔක්කොම වැටී ඇත්තෙ අනික් පන්තියටය... සුහද මාරු වලට අවසතාව ලබා දි ඇතත් අඳුනන උන් ඔක්කොම එහාපන්තියේ නිසා මා මේ පන්තියේ හිර විය... අඳුනන එකෙකුට හිටි ටිකකට කලින් එකට වාත වෙච්ච ලොකයා පමණි... 
පන්තියේ රෝ තුනයි කොලම් දෙකයි... මං එක කොලම් එකක ලෝකයා අනිකෙ... අනිත් උංගේ මොන්ටිසොරි කතා නොදිරවූ බැවින් වැස්සකටවත් මොන්ටිසොරි නොගිය අපි දෙන්නා ඩෙස් දෙකත් අරන් අන්තිම පේලියටත් පිටිපස්සෙන් පේලියක් දාගත්තෙමු දැන් අන්තිම පේලියේ අපි දෙන්නා විතරය.. 
"පන්තිය කැතේ බෑ..!!" නැවතත් අපි නරකයන් බවට පත් විය.. බැලන්ස් කරන් මුවාවෙන් පස්සෙ දවසක සුදුමල්ලි නොහොත් පළවෙනියා නිතරම පඩ ඇරිමෙන් වාර්ථා තබා උගේ පේළියෙන් එළවන ලදුව මෙයට සෙට් වීමත්, වල පේළියෙ සින්දු කීමට අපේ ආරාධණයෙන් තට්ටු කරන්නා නොහොත් මළලසෙකරද... නන්දෙ මාමා හා ටුටුවා මෙන්ම පට්ලයයි පොටෑෂුයි අන්තිම පේළිය බවට පත්විය ලොකයා හා නරකයා ලෙස නම් දෙක අප දෙදෙනාටම පොදු වුවත් පසු කලෙක මම නරකයාද ඌ ලෝකයාද විය



ප.ලි.

යාන්තං 50යි... කතන්දර කාරයා එහෙම 500 පොස්ට් දාද්දි මං තාම චුට්ටි එකෙක්නෙ.... අවුරුදු දෙකක් තටමලා ඔන්න ටාගට් කවර් කලේ... අලුත් අවුරුදු සුභ පැතුමත් එක්ක 50 දාන්න හිටියට තව කල් ඉන්න මොකටද කියලා හිතුණා.... හෙමිං යන ගමන් කොහොමත් ස්ටේබල් එකේ හෙමින්ම යන්ට ඔ්නේ... සුභාෂ් හෙවත් ලෝකයයි මායි බ්ලොග් දෙකක් පටන්ගත්තෙ ස්කොලේ ගියපුකාලේ ඉඳන් චාටර් සීන් ටික දාන්න.. පොර මිසිං (නේවි ගියා...) ලෝකයා ඇනහිට්ටා... දැන් උගේ ඒවාත් මෙකේ පේස්ට් කරගෙන ඌටත් පුළුවං වෙලාවට පෝස්ට් 1ක් දෙකක් දාගෙන වැඩේ යන්නෙ.. 
මුලින්ම ලිවෙ... මගේ.. මට.. සහ මම...!!  මගෙ වචන වලින්ම මට වෙච්ච දේවල් මම ම ලියන්න කියලා හිතාගෙන තේමාවත් ඒකම දැම්මා...


වැඩියෙන්ම හිට් උණේ ඌයි මායි දෙන්නම ලියපු වධ මලයි වද මලුයි....! කවි වලින් නම් ප‍්‍රපංච...  
මං ආසම ලිපිය තමයි මගේ අයියා ගැන ලියපු හෙවනැල්ල......(හෙවත් සහෘදයා.....)ඒක කවියක්ද මොකද්ද මන්දා... 
ලොකයාගේ ලිපි වලින් මං ආසයි... නුඹද.... මමද....පමාවද...........හරියටම ඌ ගැන ලියලා තියෙනවා... 
මෙකෙ කතන්දර 100%ක් අපේ අත් දැකීම්.... ඉස්සරහටත් එහෙමම ලියන්නයි හිතන්නෙ

මාතලංගේ උපදේශයට ස්තූතියි.....

Read more »

12.17.2011

කවිය ඔබ...

මගේ ආදරය ඔබයි..
පෙරුම් පිරූ මුත් කියා ගත නොහැකි... දෙගිඩියාවෙන්
මගේ ආදරය ඔබ 


ඔබ වෙනුවෙන් මැවූ සිහින ලොකය
මොහොතකට අමතක කරන්නම්...
ඔබේ ලොකය ඔබේ ආදරය දැක...
වෙන මෙනවා කරන්නද..
තනිකමින් පිරුණු මගේ තරුණවිය
ඔබ වෙනුවෙන් හඩාවැටෙද්දී...
මගේ ආදරය ඔබයි 


මගේ ආදරය ඉල්ලා ඔබ අද දුර ගිහින්
ලොවම එපා වී ලතැවිලි කියයි සිත....
ළගක සිටින ඔබ දුරක බව හැගෙයි මා සිතට

මගේ ආදරය ඔබයි 




කවිය = මගේ ආදරය

කවිය ඔබ
තුන් තිස්පැයක් නිදිවරා වෙහෙසී.. සිත දෙගිඩියාවෙන් තවම නොලියූ...

ලස්සන සින්දුවක්... මටනං හිතුනෙ එහෙමයි......

Read more »

12.14.2011

අපිරිසිදු ගැහැණියක් (උසාවියේ දවසක්....3)



මෙය අන්තිම පේළියෙහිද පළවිය.. 


අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී පෙනුනි. පිරුණු කොපුල් හා සිහින් තොල් පෙති සුදුමැලිව වියළී ඇත.මෙතෙක් සුළු ඝොෂාව වෙනුවට පැවතියෙ අසාමාන්‍යය නිශ්බ්දතාවයකි. ඇය වටා වූ විත්ති කරුවන් ඇස් වලින් ඇය නිරුවත් කොට රස බලන අතරේ තොල්ක මුදලි තෙම නමක් අඩ ගැසීය. මැදි වියෙ වූ පුද්ගලයෙකු විත්ති කූඩුවට ගොඩවිය.
"මේ තුන්වන නඩු වාරයයි ස්වාමීනි මගේ සේවා දායකයා මේ වනතෙක් රිමාන්ඩ් භාරයෙ පසුවනවා... ඔහුගේ මානව හිමිකම් පිළිබඳව සළකා ඉක්මන් තීන්දුවක් බලා පොරොත්තු වනවා සවාමීනි.... විත්තියට ඇති චෝදනා ඔප්පු කල නොහැකියි සවාමීනි.. "
විත්තියෙ නීතිඥ්ඥයා පලමු තුරුම්පුව ඇද්දේය. නමුත් ඊට පිළිතුරු අනෙක් පසින් යොමු නොවුණි, ළමා හා කාන්තා කාර්යංශය ඇයව උසාවි ඉදිරිපත් කළත් ඇය වෙනුවෙන් නීතිඥ්ඥයෙක් නොවීය මා අසල සිටින්නවුන් ඒකාකාරි නඩු අතරින් වෙනස් වූ මේ කතාව රස විඳිමින් සිටිති. ඔවුන්ට අනුව ඇය පට්ට කැල්ලකි. හොඳින් අතට අහුවන ශරීරයක් හිමිය. පළමු වතාවට විත්ති කූඩුවේ වූ මිනිසා විසින් ද. දෙවෙනි හා තෙවෙනි වර උසාවි භූමියෙදීත් කෙළෙසුණ ඇය නැවත වරක් කෙලෙසීම මෙසේ ආරම්භ විය.
"එදා මොකද උණේ... ?"
ඇය බිම බලාගත්වනමය, සුදමැලි කොපුල් රත් පැහැ විය.
"උසාවියට පිළිතුරු අවශ්‍යයි නිශ්ශබ්ධව ඉඳලා අගෞරව කරන්න එපා උණදේ කියන්න... "
විත්තියේ නීතිඥ්ඥයා හමුවේ ඇය වැරදි කාරියක වී ඇත.
"එදා මං නිදාන හිටියෙ..." ඇය මිමිණීය..
"හොඳයි ඊට පස්සෙ....?"
"බාප්පා ආවා..."
"කොහෙන්ද ආවේ...?"
"දොරෙන්..."
"දොර ඇරලද තිබ්බෙ..?"
"දොර කඩාගෙන ආවේ..."
"කොහොමද කැඩුවෙ..?"
"දැක්කෙ නෑ..."
"එහෙමනං කොහොමද කැඩුවා කියන්නේ.. "
ඇය නිහඩ විය. ඇගේ ගෙදර දොරට අගුලක්වත් තිබෙනවා දැයි මට විටෙක සිතුනත් එය උසාවිය නොපිළිගන්නා නිකන්ම නිකන් සිතුවිලි මාත‍්‍ර හේතුවකි.
"හරි බාප්පා ඇවිත් මොකද කලේ.. ?ගෙදර කවුද හිටියෙ.. ?"
"කවුරුත් නෑ.."
ඔහුගේ හඩ බෙහෙවින් උච්චය. ඇය පිටි අත්ලෙන් කඳුලු පිසදැමීය..
"වෙන කවුරුත් මේ සිද්ධිය දැක්කද..?"
"නෑ.. "
"කියන්න.... බාප්පා ඇවිත්...?"
"මාව අල්ල ගත්තා..."
"ඔයා දිවුවද...?"
"නෑ මං නිදාන හිටියෙ..."
"එහෙනං අල්ල ගත්තා කිවේ..." නීතිඥ්ඥයා දිගින් දිගටම ගුගුළයි
"මාව ඇල්ලුවා..."
"කොහෙන්ද...?"
ඇය පිළිතුරු දුන්නෙ නැත. දිගින් දිගටම ප‍්‍රශ්න යොමු කලත් ඇයට ඔළුව වැනීම හා කඳුළු පිස දැමිම හැර පිලිතුරක් දී ගත නොහැකි විය.
"මොකක් ඇඳන්ද නිදන් හිටියේ.. ?"
"ගවුමක්.."
"මේ තැනැත්තත් එක්ක පොර බැදුවද..?"
"ඔවු"
"ඊට පස්සෙ...?"
"එයා මගේ ඇඳුම ඉරුවා...."
"ඊට පස්සෙ... "
තත්පර දෙක තුනක නිහඩව සිට නැවතත් කෙඳිරීය..
"ඊට පස්සෙ කරදර කළා.. "
"එතකොට යටට මොකුත් ඇඳලා හිටියෙ නැද්ද..?" ඇය දෑස් තදින් පියවා ගත්තාය.. යටිතොල සෙමින් හපා ගනිමින් උගුරෙ හිර වූ ඉකියක් සැගවීමට අත්සහ දැරුවත් එය වලක්වා ගත නොහැකි විය.
" ගවුම විතරක් ඉරලද කරදර කළේ යට ඇඳුම තියෙද්දිම..?"
ඔහු නොනවත්වා ප‍්‍රශ්ණ කරයි. ඇය හඩනවා හැරෙන්නට පිළිතුරු දීමට උවමනාවක් නොවීය. ඇතම්විට චිත‍්‍රපට වල දැක ඇත්තාක් මෙන් "ඔබ්ජෙක්ෂන් යුවර් ඔ්නර්" කීමට මෙහි කෙනෙක් නොවීය. පොලිස් නිළධාරිණියන් ඇයව දිරිමත් කළා උණත් ප‍්‍රමාණවත් උත්තේජකයක් සැපයිමට එය ප‍්‍රමාණවත් නොවීය. විත්තියෙ තර්කය පැහැදිලිය විත්තිකරු ඇයවකෙලසා නැත. ඇය කැමැත්තෙන් එකතු වී දැන් සුද්ද වීමට තනන්නීය. ඇයට තවමත් බොරුව ගොතා ගැනීමට නොහැකිවී ඇත. ඔහු වෙනුවෙන් ඇය දොර හැර තබන්නට ඇත. යට ඇඳුම්ද නොමැතිව ඇය අවස්ථාවට සූදානම්ව සිට ඇත.. යට ඇඳුම පිටින් පිරිමියෙකුට ගැහැණිය හා එක් විය නොහැක ඔහු ඉරා ඇත්තෙ ඇගේ ගවුම පමණකි. ඇගෙන් දිගටම ඇසූ අපුල ප‍්‍රශ්ණ වලට නිසි පිළිතුරු නොලැබුණි. ඒවාට පිළිතුරු දිය නොහැක. ඇගේ ඉකි බිඳුමෙන්වත් කඳුලින්වත් ඔහුගේ තර්ක කිසිවක් නිරෝධනය කලේ නැත. අවසානයෙ ඔහුද ඉන් හෙම්බත්වූ පසු
"එපමණයි ස්වාමීනි..!" යැයි පවසා අසුන් ගත්තේය. අවට කසු කුසුව නැවතත් වැඩිවිය. සමහරුන් තම තමන්ගේ කතාය. සමහරු ඇය දෙස බලාන මොනවදෝ මුමුණති. සමහරු තවමත් ඇස් විදහා ඇගේ රුව උරා බොති.
"තුන්වන නඩුවාරයේදීත් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්නොවූ බැවින් නඩුව ඉවත දමනවා...!!"
විත්ති කූඩුවේ හුන් ගැහැණිය ඉන් බැස එලියට පිය මැන්නාය ඇතමුන් තවමත් ඇගේ පැද්දෙන නිතඹ දෙස බලා සිටියි.




සියැසින් දුටු සත්‍යය සිදු වීමකි... උසාවියේ දවසක්....1 හා උසාවියේ දවසක්....2 හා බැඳේ

Read more »

12.12.2011

නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව නැගිටපියවු...!


බම්බුව.. උත්සව කාලෙට ගෙදර යන්න ගියාමත් මළවදෙ... නිවාඩු ඉවරවෙලා කොළඹ එන්න ගියාමත් වදේ... ගමනට වඩා දිගයි පෝළිම... 
පෝළිං පැටලිලා, විරෝපට්ටං ගැහිලා.. කුණුහරුප අස්සෙං, ගෑණු ළමයිංගෙත් හැප්පීගෙන.... දාඩිය නාගෙන, කුණු පෙරාගෙන, ගුටිකාගෙන.... පැය තුනකට විතර පස්සෙ බස්එක ළගට එන්න පුළුවං උණේ... කාපංකො ජිල්,... 'සුඛොපබෝගී'... හයියෝ සල්ලි... දැං ඉතිං වෙන පොලිමකට සෙට් වෙන්න ගියොත් අද යන්ඩ වෙන්නෙ නෑ... නැග්ගා ඉතිං... 
ඇත්තටම පිටිපස්සෙං ආපු තල්ලුවකින් විසිවෙලා බස් එකට වැටුණා...!!
ෂා... සීතලයි... මාර සනීපයි..!! 
ගමෙ කඩේ මුදලාලි මහත්තයාගෙ ෆ‍්‍රිජ් එක ඇරියා වගේ.. මළකඩ ලෝකයයි... අසරණ කමකට නැග්ගා මිසක් සීතලට මං එච්චර කැමති නෑ.. පීනසේ... මේකෙ ගියාවගේ නෙවෙයි දවස් දෙකක් විතර හුචිස් ගගා තමයි ඉන්න වෙන්නෙ... 
ඔන්න ගමන පටං ගත්තා මම බෑග් එක පොරවගෙන ඒසී එකෙන් හැංගිලා නිදාගෙන ආවා... බස් එක ඇතුලෙ පොඩි කුටු කුටුවක්.. මොකෝ මේ.. මෙයා අරයට මොනවද කියනවා..! එයා අනිත් කෙනාට...!!
"ඒකනෙ බලන්ඩකො...!" 
"සල්ලිනං ගන්නවා...!!"
"මාර මිනිස්සු... !!!"
ඇන්ටනාව කරකලා බලද්දි තේරුණේ මගට එද්දි ඒසී නැවතිලා... හුහ් හුහ් පට්ට...!!
මුං එක එකා හොරෙන් බනිනවා.... මටනං වෙච්ච වැඩේ හොඳයි.. එත් අයියෝ සල්ලි...
මැද හරියෙන් කොල්ලෙක් නැගිට්ටා... කොන්දට කතා කරා.. 


"අයියෙ.... ඒසී එක ඔෆ් වෙලා නේද...??"
"එක කැඩිලා මල්ලි... ඒසී වදින්නෙ නෑ.. "
"මේ ෂටර්ස්ත් අරින්න බෑනෙ.. අපෙන් සල්ලි ගත්තෙ ඒසී වලටත් එක්කනෙ..."
"හිතලා කලේ නෑනෙ මල්ලී...."
"හරි හරි ඔයාලට වැරුද්දක් කියනවා නෙමේ... ඒසී දාන්න බැරිනං වැඩිපුර ගත්ත සල්ලිවත් ආපහු දෙන්න... "
"මෙ පැහෙන් නැතුව වාඩි වෙනවද.. මේ යකඩවලට තේරෙනවද ඔවා..."


 කොල්ලට මල රිවස් උණා.. 


"ඔයි...!! මොන බම්බුවටද එහෙනං ඩබල් චාජ් කරෙ...? උඹලට හොඳිං කියපුවාම තේරෙන්නැද්ද...??"
කොන්දත් වැඩේ අත රින්නෑ.... ගේමනං ගේම...


"අපිත් ගමේ මල්ලි හරී... "
අන්තිමට එහෙමත් කියනවා ඇහුණා.. කොල්ලා අපි දිහාවට හැරුණා.. 


"ඕයි කතා කරපියවු... දැන් තොපිට ඒසී නෑ කිවුවා නේද... ?රස්නෙයි කිවුවා නේද... ?? මෙකෙ යන්ඩ බෑ කියපු උං නැගිටපියවු.. නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව.. "


ම්හු.. නොට් රෙස්පොන්ඩිං.. සමහරුන්ට නින්දත් ගිහින් මෙ කලබල අස්සෙ.. සමහරු දැං කොයි හරියෙද ඉන්නෙ බලනවා.. !!
මම කිවුවා...


"සිරාවට අයියෙ වැරදියි නේ වැඩේ.. ඒසීනං දාන්ඩ එපා.. සල්ලි ආපහු.. "
"මහත්තයාගේ සල්ලි ආ.. බැහැලා යන්ඩ මළවදේ... "


කියලා මූ අර බුවාට සල්ලි දුන්නා ඌ අපිටත් රවාගෙන ගස්සගෙන සල්ලිත් අරන් බැස්සා... හුටා දැං මං විතරක් කෑගහලා මටත් බහින්ඩ උණොත්...!!! 
මම ෂේප් එකේ ෂීට් එකේ හැංගුණා.. මොකූත් නොවිච්චි ගානට බස් එක ඉස්සරහට ගියා......
බස් එකේ හිටපු උංගෙන් භාගයක් නැගිට්ටනං කුඩුකරන්ඩත් තිබ්බා.. කොන්දට බයෙ ඔක්කොමලා සරෙන්ඩර්...




පස්සෙ ආරංචි උණා.. අරූ ජපුරෙ ශිෂ්‍යය ක‍්‍රියාකාරියෙක්.. බස් එකෙන් බැහැලා පොර පාරිභෝගිකසේවා අධිකාරියේ පැමිණිල්ලකුත් දාලා...


 හුහ් හුහ් පට්ට...!!

Read more »

Followers