හිතැති රුව දුටුව දින
නෙතට නෙත ගැටුන විට.
ඇකයෙ හුන් කුඩා සඳ
නුඹේ හද යැයි හැඳින
නොබැලුවෙමි නුඹ දෙනෙත..
භව බැඳුම පසෙකලා
පළමු දින පුරාවට
ඉගිල යන තෙක්ම
පැයෙන් පැය වසරක්ම
පහන් කල රැය පුරා
හැඳිනු ලබැඳි මිතුරෙකු සමග
හිස් වචන තෙපලුවෙමි
රිදෙන දෙනුවන් සමඟ
විමසුවෙමි නුඹේ රුව ගුණ
හැඳින නුඹ හා ඔහුව
සතුට නිම් හිම් නැතිව
අලුත් දවසක හිරු කිරණ
එදින සිට මට නුඹම විය…..
විඳ ගතිමි නුඹේ රුව
පුරා දෙදිනක් වසා
ඇසට ඇස හමු විය
නුඹේ මග වූ දෙනෙතද
සමග……..
රිදෙන පා යුග සසළව තබා
නුඹේ රුව නොමකා තියා
සිත් උපන් දා සිටම
වාරු නැත මට මගෙම
නොපෙනෙනා වූ දෙනෙත
අසරණය නැගණියනි
මිහිරි නැත මට කිසිත්
නුඹ සමු ගත්ත දින
තරමටම පළමු දින..........
පමා විය මා උරුම ලෙසටම
හැඳුනු මිතුරා සොයුරෙක්ම විය
මට..... පෙර
නුඹ සොයුරුම විය
නුඹ දෙනෙත පෑදු දෙනෙත්
මගේ මෙන් හැඟුන දින
විමසනු කෙසේ මා නුඹව
මා දෙනත්
මට නුඹ වුවද.......
ලැබුන විට මට නුඹව
ලැබේ මට නුඹෙ මුලු ලොවම
නොවේ නම් මට කිසිත් නැත
දෙනෙත් හා නුඹ සොයුර
තරමටමටම නුඹේ සිනහව
වූ හිරු සේම………..
මා නැගණියනි……..
කියනු මැන මට නුඹම
මා කුමක් කළ යුතුද
මට නුඹේ සිත් ගන්න
මලසුනේ හිස තබා
කියන්නම් මා නුඹට
නුඹ රැකුණ අසමාණ දෙනෙත්
තුළ නුඹම වුන් පරිදි....
තබන්නෙමි මම නුඹව
මගේ දිවි ඇති තුරාවට
මගේම වූ දෙනෙත් යට
නෙතු පියන් නොසලාම…….
පතන්නම් මම නුඹට
නොපෙනෙනා මග පෙනෙන ලෙස
නැතත් මා නුඹ ළඟට
රකින්නම් මා නුඹව
රැඳුන හද සොයුරු ලෙස
රැඳෙන්නම් මා නුඹ ළඟම
නොපෙන්නා මා නුඹට
අවසරයි පතන්නට
සුභම සුභ දවසක් නුඹට
උදා වන හැම දිනම
දිනන්නට
ජය ලබන්නට ……..


