10.31.2009

නුඹයි..මමයි....!!

ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ... මැත මා හා සිනාසෙන නුඹ...! සඳ මඬල පීරා දිලිසෙන.. සඳ මඬලව පායන...! අනාගතය නුඹ.. වර්තමානය නුඹ...!! වර්තමානය නැති අනාගතයක් අතර... අනාගතයක් නැති වර්තමානයක් අතර.. දියවුණු අතීතයක මං සලකුණු අතර මම....! අඩන්නද...? බෑ.. හිනාවෙන්නද..? බෑ.. නුඹද..? නුඹවද...? හැම දේම තිබුණා තියෙනවා.. තවමත් මොකුත් නෑ......

Read more »

10.23.2009

නුඹද.... මමද....පමාවද...........

නිල් රතු පාට සලුවට හැඩ වෙච්චි.............. මටමද...... මීන නුවන් යුග යොමන මග යනවුන් ගනින......මග හරින ඇය......නුඹමද හිරුත් සමග හෝරා ගනින..... උදෑසන දවල් වන කැඩපතට විරිත්තන උරුම කලිසමේ... කමිසයට බාටා කෑලි ගලපන හෙවනැල්ල නුඹද....මම ද....... සාපේක්ෂවූ කාලයට නොපමාව පමාවන දෑස් හමුවන ගිනි නොවුනු දෑස් පෙන්වන මන්දහාස... නගන නුඹද...මමද..... නිවැරදිද... විලිය...

Read more »

වධ මලයි වද මලුයි....!

ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ... (මම කියන්නේ ලෝකයා ප්ලග් වෙන්න හේතු සාධක වෙච්චි ඉස්කොලේ ගැන ඒක රාජකීය ඉස්කෝලයක් ඒ ගැන කාරණා පස්සෙ කියන්නං) උදේ පාන්දරින් යනවා බස් එක අල්ලන්න.. 10-11 වසරට යනකොට පොඩ්ඩක් පරකුවෙනවා ඉඳල හිටලා ගුටිත් කනවා... හැබැයි A/L කරණ කොටනම් ලෝකයයි මායි ඉස්කෝලෙට ගියේ පාන්දර 9 බස් එකේ... එ වෙලාවට යන කොට කිසි කරදරයක් නෑ......

Read more »

10.20.2009

බෝඩිම...........

ඌ... කම්පීතරේට මුන ඔබාගෙන...... වක වක... එක වෙන් නැතුව නින්ද යන් නැතිලු.. ඌ.. මොබිටෙල් එකේ ණය කාරයෙක් තාම ගෙවනවා... ෆෝන් එක ඇලවිලා මල් කඩනවලු.. ඌ... දිනකට තෙවරක් නියත වශයෙන් අන්තර්ජාලයේ සැරිසරනවා.... චැට් කරන්න තව ජීවිතයක් වෙනුවෙන්.. ඌ... කලිසමට සමනල ගැටේ දාගෙන ගලවයි කියලා.... රැව්ල වැවෙන් නැල්ලු... අපි වවන්නද ?.. ඌ... නාන කාමරේ ෂාරුක්...

Read more »

10.19.2009

මම , ඌ..ඒකී...අරකී හා ඒකා............

ඌ ඒකිව දැකපු මුල්ම දවසේ.. රට්ටු මොනවා කීවත් නොකීවට.. රෝස තොල් සිඹ්න්නමයි උගේ හිත කිව්වේ... ලැජ්ජාවටද මන්දා..... උගේ හිත ඒකත් හංග ගත්තා. එතකොට ඌ ලොකු එකා..ඒකී පොඩි එකී.. එහෙම කිව්වට..... උන් දෙන්නනම එකම පන්තියේ..එකම බන්කුවේ.. මොකුත් නොදන්නව වුනාට..... ඌ එකීගෙන් මොනවදෝ ඉල්ලුවා..ඌ වැරදිද මන්දා.. ලැබුනත් නොලැබුනාට එකී හොඳ කෙල්ල.. ඒක එහෙම වෙන්න...

Read more »

10.18.2009

හෙවනැල්ල....(හෙවත් සහෘදයා...)

මං හෙවනැල්ල එක්ක රණඩු වෙනවා.... මට ඌව පේන්න බෑ...! සමහර දේවල් බෙදාගන්න පොරකනවා... මට වඩා දිග හෙවනැල්ල මාව පරදවනවා. මට ඌව පේන්න බෑ....! හෙවනැල්ල නැති දිහාවකට මට යන්න හිතෙනවා... මං හෙවනැල්ලෙ තරමට ලොකු වෙන්න හදනකොට ඌත් ලොකු වෙනවා... එහෙම උණත්, ඌ දැන් ටිකක් හොඳයි.... හිතපු තරම් නරක නෑ....! මාත් එක්ක සෙල්ලම් කරනවා... මගෙ තනියට ඉන්නවා.. ඉඳල හිටල...

Read more »

10.11.2009

හඳට යන ගමන්.......!!!

පාවෙනවා වගේ.....!පුළුවන් තමයි..ඒත්...අත පය හොල්ලන්න වස කම්මැලියි.ගුරුත්වයෙන් මිදුනු හන්දා වෙන්ඩෑ...!!කරන්න වැඩකුත් නෑ....රවුම් වළා අතරින් ගොඩක් දේවල් පේනවාපිටට පෙන්නන්න විළිලජ්ජා හිතෙනසිතිවිලි පිරිලා...බරට ඇගේ වදිනවා..ඉඳලා හිටලා හඳත් පෙණුනා තමයි....තේරුමක් නෑ.....සැරින් සැරෙට මතුවෙනකොට..අමාවකට......??කණා මැදිරි තරු රටා අතරින්....අරකත් පේනවා...මෙකත්...

Read more »

මගේ.. මට.. සහ මම...!!

යුනියට ඇවිත් තාම ටික දවසයි..... දෙක වසරෙ....!! ඉස්කෝලෙට ගාටන කාලේ ඉඳලම... විජ්ජුම්බර ගොඩයි... ගොඩාක් දේවල් වටෙට තිබුණා...... දැන් උත්තම පුරුෂ ඒක වචනය විතරයි....... (මම..!) විතරමයි....

Read more »

Pages (17)123456 »

Followers