1.31.2012

පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න)

මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්...  එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි .  අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ... උස අඩි හතරයි දසම පහයි  හරහට උස අඩි එකයි  ජාත්‍යන්තර මට්ටමේ කටකට උරුම කන්...

Read more »

1.24.2012

නන්දයා ගෙ ඉතුරු ටික

අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න...  මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක්...

Read more »

1.22.2012

පස්සෙන් යාම …..

පස්සෙන් යාම …..මේක හිනා වෙන්නම නෙමේ මේක මම කොටන්න  හිතුවේ  වෙන බ්ලොග් එකක් තිබිච්ච   හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා...

Read more »

1.19.2012

නන්දයා

මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය. නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්‍රෝඩක්ටුවක්  බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ගොස් නන්දයා කියා අමතා අපි නන්දයාගෙන් සුන්දර වදන් වැලක් අහගත්තෙමු....

Read more »

1.17.2012

අන්තිම පෝලිම |||||

අන්තිම පේලිය  කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ.ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න.... අන්තිම පෝලිමට එක ඩෙස් එකයි..  මම...

Read more »

1.12.2012

සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක)

පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා..  "ස් ස්... අයියා..!! කොහෙද යන්නෙ...??"  කවුදො අස්සෙන් පොඩි සද්දයක් දැම්මා... හප්පට...

Read more »

1.09.2012

මධ්‍යම බස් නැවතුම්පොළ

කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු  මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි.  පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා පොත් සාප්පුවක් එහි ඇති බවට වූ හෝඩුවාවක්...

Read more »

1.07.2012

හොඳට නරකට පැටැලෙන කට

කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ..  මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. කෙල්ලො කොල්ලන්ගේ කටවල් පැටලීම් නොව දිව පැටළී වචන නිරායාසයෙන් දොට්ට පැනීම පිළිබඳවය...  11...

Read more »

1.04.2012

මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ...

විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ  කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපා ත  සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි එතන අපතයෝ ඔක්කොම... ඊලග...

Read more »

1.02.2012

හැක්ස් ටොපිත් නෑ වික්ස් ටොපිත් නෑ...

කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ටොපියක් නැත්නම් ඌ ගාව පට්ට ගඳයැයි හිතපු එකෙකි... දවසක් වෙසක් කූඩු හදපු දවසකද...

Read more »

Pages (17)123456 »

Followers